නවකතා, කෙටිකතා, පුවත්පත් කලාව, ගුවන් විදුලිය, රූපවානිය, ගේය පද සාහිත්‍යය සහ චරිතාපදාන සාහිත්‍යය ඇතුළු අංශ රැසක දස්කම් දක්වන ප්‍රවීණයකු වන කපිල කුමාර කාලිංගයන්ගේ පස්වැනි කෙටිකතා සංග්‍රහයයි. කතුවරයාගේ විසිපස් වැනි කෘතිය වන මෙම කෙටිකතා සංග්‍රහයේ ඇතුළත් කෙටිකතා දහයේ ආකෘතීන්, අනුභූතීන් සහ සන්දර්භයන් එකිනෙකට වෙනස් වුවද ඒ සෑම කතාවකින්ම කතුවරයාගේ අනන්‍යතාව මනාව නිරූපණය වේ. පාඨකයා හුදු ආනන්දයේ පමණක් නොරඳවා සකසුරුවම් ලෙස ප්‍රඥාව කරා ගෙන යෑමට සමත් කෘතියකි.
0 Comments:
Post a Comment