Saturday, 03 Oct 2020 -සිළුමිණ (දීපානි )අතිරේකයෙන් උපුටා ගන්නා ලදියි
කෘතිය - අකල් මේඝ මැද
කෘතිය - කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා
මිල - රු; 300 පිටු 94
සයුරි ප්‍රකාශනයකි.
‘අකල් මේඝ මැද‘ කාව්‍ය සංග්‍රහය කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වාගේ දෙවන කාව්‍ය සංග්‍රහයයි. ඔහුගේ අකල් මේඝ මැද කාව්‍ය සංග්‍රහය නිකුත් වන්නේ වසර වසර තිස් හතරකට පසුවය. මුල්ම කාව්‍ය සංග්‍රහය වන ‘විංශතිය‘ එළිදක්වන්නේ 1986 වසරේදීය.
ගෙවුණ කාලය අප ගත කළේ බියෙන් සැකයෙන් යැයි කිවහොත් නිවැරදිය. අපේ ජීවිත කාලයේ එවැනි සැක බිය සහිත කාල වකවානු කිහිපයක්ම පසු කරන්නට විය. නමුත් ඒ කාලවල අපි අපේ දෙදනික කටයුතු සුපුරුදු පරිදි ගත කළෙමු. නමුදු කෝවිඩ් 19 කාලය ඊට හාත්පසින් වෙනස්ය. එය අපේ රටට ආගන්තුක කාලයක්ම විය.
තවමත් අප ජීවත් වන්නේ කොරෝනා පසුබිම් කර ගත් සමාජයකය. මිනිස් ජීවිතයක වටිනාකම මෙන්ම මුදලට රන් රිදී මුතු මැණික්, ගේදොර යාන වාහන ආදි වූ භෞතික දේට කළ හැක්කේ කුමක්ද යන්න පිළිබද පැහැදිලි අවබෝධයක් කොරෝනා කාලය මිනිසුන්ට පහදා දුන්නේය. මිනිස්කමේ වටිනාකම මෙන්ම මිහිමත ඇති සියල්ලේ අනිත්‍ය බව ගැන මැනවින් පහදා දුන්නේ කොරෝනා කාලයයි. අවාසනාව නම් මිනිසුන් අද වන විට එය අමතක කර දැමීමය
අපේ රටට මෙන් චීනය, ඉතාලිය, ඇමෙරිකා ආදී රටවල කෝරෝනා නිසා මිනි කඳු ගොඩගැසෙන විට අපට සැනසෙන්නට හැකි විය. ඒ අපේ රටේ රෝග ව්‍යාප්තිය දරුනු නොවු නිසාය. කෙසේ වෙතත් කොරෝනා සමයේ තම සිතුවිලිි එක්තැන් වූ අයුරු පමණක් නොව පොදුවේ විඳිය හැකි විඳ ඇති අත්දැකිම් ගොන්නක් ඇසුරින් කාශ්‍යප කවි රැසක් නිර්මාණය කර ඇත .ඒ අතර තිබූ මේ කවිය අපට සිහි කරන්නේ කොරෝනා වයිරයෙන් චීනයේ රෝහලක සේවය කළ වෛද්‍යවරයාගේ මිය යෑමේ පුවතයි. ඉන් පසු අන්තර්ජාලය වෙත මුදා හැරුණ රූප රාමු හා ඡායාරූපයි. එනම් මියගිය වෛද්‍යවරයාගේ බිරිය සිය සැමියාගේ මෘත ශරීරය ගෙන යන වාහනය පසු පස හඬමින් යන දසුනයි. පහත දැක්වෙන්නේ ඒ කවිපන්තියේ අවසන් කවියයි. මාතෘකාව - අවසන් හාදුව.
“ගෙවා යොදුන් දුර මා කැටිව ආ හැටී
සිහිව නෙතින් වැගිරේ බරැති කඳුළැලි
නළලත මුව තබා තව හාදු දෙන බැරි
අතවන දුරින් හිඳ ඔබෙන් සමුගමී“
කොරෝනා වයිරසය පැතීරි යෑමත් සමඟ මිනී කඳු ගොඩගැසු චීනයට ඇමෙරිකාවට ඉතාලියට පමණක් නො අනෙක් රටවලට ද මරණය සාමාන්‍ය දෙයක් විය. දෛනිකව රෝගීන් වැඩිවීමත් රෝගය උත්සන්න වීමෙන් මිය යන සංඛ්‍යාව වැඩි වීමත් රෝගය උත්සන්න වුවන්නට වෙනත් ප්‍රතිකර්මයක් නොතිබීම නිසා ඇතැම් රෝහල් වලදි පණ අඳින රෝගීන්ගේ වෙන්ටිලේටරය අක්‍රීය කළ අවස්ථා තිබිණි. මේ කාර්යය කරන ලද්දේ හෙදියන් විසිනි . එවන් හෙදියකගේ සිතුවිලි කෙබඳු වෙන්නට ඇති ද? මේ කාශ්‍යපට සිතුණ දේය. මාතෘකාව ‘පව් නැත මා අත‘
“මට ඉඩ දෙන්න.... මට ඉඩ දෙන්න
නවතාලන්න
අන්තිම හුස්ම
........
පිපුණු මල් හැමදාම - පරව යයි නොකියාම
අහස් මව ආදරෙන් වැහැ වතුර ඉස්සාට
හැකිවේද ඉන් මලට
තවත් ආයුෂ දෙන්න
දැන් ඔබට විඩාවයි- ඔත්පලයි හොඳටෝම
වෛරසය ජීවිතය බිළිගනියි නොඅසාම
පින්වතුනි එකතු වී සෙත් පිරිත් මුමුණන්න
දරුවනේ , ඈත හිඳ ඇස කඳුළ වලකන්න ඉඩ දෙන්න පලක් නැති යන්තරය නවතන්න
හඬා වැටෙනා මගේ හදවතට ඔසු දෙන්න
අනේ! මට පව් නැතැයි
මහතුනේ ..... පවසන්න“
කොරෝනා මුල් කර ගනිමින් ලියැවුණ කවි අතර වෙනස් අත්දැකිම් මුල්කරගෙන ලියැවූණ කවි රැසක් ද අපට අකල් මේග මැද කාව්‍ය සංග්‍රහයේදි හමුවේ. බඩගින්නට කොස් ගෙඩියක් කැඩු වරදට කැති පහර සිද්ධිය මුල් කරගෙන කවියා ලියූ ‘කැති පහර දුන් මාමාට‘ කවියයි මේ සිද්ධිය පිළිබඳ කියන කවියා අවසානයට කියන්නේ මෙසේය. එය කවියා කැති පහර දුන් මාමාගෙන පමණක් නොව මේ මුළු සමාජයේ මිනිසුන්ගෙන්ම කරන ආයාචනයක් බඳුය. “තමන්ගේ දුක මෙන්ම අනුන්ගේ දුක ද දැනෙවා , එපමනක් නොව හොඳ ගුණ ධර්ම රැකෙන්නට නම් මිනිස්කම තිබිය යුතුය“ යන්න වඩාත් හොඳින් පවසන්නකි.
වැටෙන වැස්සේ වස විස හැම රැඳියන්
හැදෙන පැලය පුබුදා නියඟය හළු කරාපන්
නැගෙ කුස ගින්න තව තව දැනීයන්
නිවන වඩනු පෙර මනු ගුණ වඩාපන්...
කාශ්‍යපගේ කවි මඟ දිනෙන් දින අලුත් වේ යැයි කිමෙහි වරදක් ද නැත.
0 Comments:
Post a Comment