පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

Arthikaya Panaganveema (ශ්‍රී ලංකා ආර්ථිකය පන ගැන්වීම )

 ආර්ථි­කය පණ ගන්වන හැටි කියන

21 එළිදකින ශ්‍යාම් නුවන් ගේ අලුත් පොත
ශ්‍යාම් නුවන් ගනේ­වත්ත

කොවිඩ් 19 වසං­ග­තය හේතු­වෙන් ලෝකයේ සෑම රට­ක­ටම පාහේ අඩු වැඩි වශ­යෙන් බල­වත් ආර්ථික විපා­ක­යන්ට මුහුණ දීමට සිදුව තිබේ. එම ආර්ථික විපා­ක­යන් ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා­ව­ටද කට­යුතු කිරී­මට සිදුව ඇත්තේ දේශීය සහ ජාත්‍ය­න්තර ආර්ථික බල­පෑම් සහිත වාතා­ව­ර­ණ­යට මුහුණ දෙමිනි.

එවැනි පසු­බි­මක් තුළ කොවිඩ් - 19 හමුවේ ශ්‍රී ලංකා ආර්ථි­කය පණ ගැන්වීමේ උපා­ය­මාර්ග ගැන ජන සමා­ජය තුළ කති­කා­වක් ඇති කිරීම සහ ඒ සම්බ­න්ධ­යෙන් ජනයා දැනු­වත් කිරීම සැබෑ මාධ්‍ය­වේ­දි­ය­කුගේ යුතු­ක­මක් යැයි හැඟේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී ශ්‍යාම් නුවන් ගනේ­වත්ත ‘කොවිඩ් 19 හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථි­කය පණ ගැන්වීම’නම් සිය නව­තම කෘතිය පළ කරන්නේ ඒ යුතු­කම ඉටු කර­මිනි. එම කෘතිය පිළි­බඳ මාධ්‍ය­වේදී ශ්‍යාම් නුවන් ගනේ­වත්ත මෙසේ කීවේය.

”කොවිඩ් වසං­ග­ත­යෙන් අක­ර්මණ්‍ය වූ අපේ රටේ ආර්ථි­කය නැවත පණ­ගැ­න්වීම ගැන බොහෝ සාකච්ජා සිදු­වෙ­මින් තිබෙ­නවා. ඒ සම්බ­න්ධ­යෙන් අනු­ග­ම­නය කළ හැකි විවිධ උපා­ය­මාර්ග ගැන අද­හස් බොහො­ම­යක්ද ඉදි­රි­පත් වී තිබෙ­නවා. බොහෝ දෙනා පශ්චාත් කොවිඩ් යුග­යක් ගැන කතා කර­නවා. නමුත් අපි කවු­රුත් දන්නවා ලෝකයේ බොහෝ රට­ව­ල්වල වගේම අපේ රටෙත් තවම කොවිඩ් වසං­ග­තය සම්පූ­ර්ණ­යෙන් අව­සන් වී නැහැ. රටේ ආර්ථි­කය ගොඩ නැඟී­මට කොවිඩ් වසං­ග­තය අව­සන් වන තුරු බලා සිටී­මට හැකි­යා­වක් නැහැ. ඒ නිසා කළ යුත්තේ සෞඛ්‍ය ආර­ක්ෂක ක්‍රම වේද අනු­ග­මන කර­මින් රටේ ආර්ථි­කය පණ ගැන්වී­මට අවශ්‍ය උපා­ය­මාර්ග ක්‍රියා­වට නැංවී­මයි.“

කොවිඩ් 19 සම්බන්ධ මෙම කෘතිය මාධ්‍ය­වේදී ශ්‍යාම් නුවන් ගනේ­වත්ත විසින් රචිත 19 වැනි කෘතිය වීමද විශේ­ෂ­ත්ව­යකි. කොරෝනා වසං­ග­තය හමුවේ ශ්‍රී ලංකා­වට ආර්ථික බල­පෑම් සහ ශ්‍රී ලංකා ආර්ථි­කය පණ ගැන්වීම සම්බ­න්ධ­යෙන් කතු­ව­රයා විසින් ම ලියන ලද පරි­ච්ජේ­ද­ව­ලට අම­ත­රව ඒ සම්බ­න්ධ­යෙන් විවිධ විද්ව­තුන් දැක්වූ අද­හ­ස්ව­ලින් සම­න්විත පරි­ච්ඡේද කිහි­ප­යක්ද මෙම කෘති­යට ඇතු­ළත්ය. ඒ අනුව රාජ්‍ය ව්‍යව­සාය ප්‍රති­සං­ස්ක­රණ රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේ­ෂණ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍ර­නාත් අම­ර­සේ­කර, මහා­චාර්ය නලින් අබේ­සේ­කර සහ ආචාර්ය දිනේෂ් සම­ර­සිංහ යන විද්ව­තුන්ගේ අද­හස් මෙම කෘතියේ වේ.

කොළඹ නාලන්ද විද්‍යා­ලයේ ආදි සිසු­වකු වන මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේ­වත්ත ජාත්‍ය­න්තර වෙළෙ­ඳාම පිළි­බඳ වාණි­ජ­වේදී විශේෂ උපා­ධි­ධා­රි­යෙකි. රජයේ මාධ්‍ය පුහුණු ආය­ත­නයේ ජන­මාධ්‍ය පිළි­බඳ ඩිප්ලෝ­මා­ධා­රි­යෙකි. 2003 වස­රේදී දිව­යින පුව­ත්පතේ මාණ්ඩ­ලික මාධ්‍ය වේදි­යකු ලෙස සේව­යට බැඳුණු ඔහු දැන් එහි ෙජ්‍යෂ්ඨ මාධ්‍ය වේදි­යෙකි. බැදු­ම්කර මග­ඩිය, කවුද හොරා, යහ­පා­ලන රජයේ ආර්ථික ශේෂ පත්‍රය, කොටස් වෙළෙ­ඳ­පොළ ඉතා සර­ලව, සංචා­රක ආර්ථි­ක­යට රට සූදා­නම් කිරීම, බුදු දහමේ ආර්ථික විද්‍යාව, අපේ ආර්ථි­කයේ හෙට දවස, ශ්‍රී ලංකා ආර්ථි­ක­යට ප්‍රවේ­ශ­යක්, ආර්ථික යුද්ධය ජය ගැනීම ඇතුළු ව ඔහු විසින් මේ දක්වා ලියන ලද සහ සංස්ක­ර­ණය කරන ලද කෘති සංඛ්‍යාව 18කි.

ඔහුගේ නව­තම කෘතිය ‘කොවිඩ් 19 හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථි­කය පණ ගැන්වීම’ ජන­ගත කිරීම 21 වැනි සඳුදා පස්වරු 3.00- 5.30 දක්වා කොළඹ පුස්තාල හා ප්‍ර ලේඛන මණ්ඩල ශ්‍රව­නා­ගා­ර­යේදී මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු ආර්ථික හා මූල්‍ය අංශ­වල සම්භා­ව­නීය ආරා­ධි­තන් රැස­කගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කෙරේ.

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive