පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

ohuge edawasa sodurumaya (ඔහුගේ එද­වස සොඳු­රු­මය)

 ඔහුගේ එද­වස සොඳු­රු­මය


ග්‍රන්ථය - එද­වස සොඳු­රු­මය

කර්තෘ - බුද්ධ­දාස ගල­ප්පත්ති

කර්තෘ ප්‍රකා­ශ­න­යකි - මිළ -රු. 475

“අනෝජා රැඟු­මින් ඔබ්බට ගියාය. බෙල්ල­න්විල අනු නාහි­මි­පා­ණන් දම් දෙසූහ.”

“අනෝජා සද් කාර්ය­ය­කට අත­හිත දුන් බැවින් එකී ආය­තන සඳහා අනු­ගත් ස්වර­යෙන් උප­දෙස් දෙනු ලබන විම­ල­ර­තන නායක හිමි ප්‍රමුඛ ඒ සංඝයා වහ­න්සේලා සිටියේ, නැර­ඹුවේ පිරි­නි­වන් මංග­ල්ල­යයි. සංසාර ගමනේ සම්මා සම්බුදු වැනි බොදු බැතිය දන­වන හෝ අඳුරු කුටිය තුළ අව්වට වැස්සට හුරු මිනි­සුන්ගේ වැනි ජීවිත දුටු සංගී­ත­යයි.

ආනන්ද;

වහන්ස අපි මාගම කෙරෙහි කෙසේ පිළි­ප­දුමෝ ද?

බුදු හිමි;

ආන­න්ද­යෙනි මාගම නොදැක්ම යැයි බුදුහු වදා­ළහ.

ආනන්ද හිමි

-වහන්ස දැක්මක් ඇති වු කල්හි කෙසේ පිළි­පැ­දිය යුතුද?”

එතැන් සිට ඔබ එය කිය­විය යුතුව ඇත්තේය. ඒ උක්තය සම්බ­න්ධ­යෙන් ඇති වූ පැහැ­දීම නිසා මම බුද්ධ­දාස ගල­ප්ප­ත්තිට දුර­ක­ත­න­යෙන් කතා කළෙමි. ඒ “එද­වස සොඳු­රු­මය”නම් ඔහුගේ තීරු ලිපි සර­ණිය ගැන විම­සී­මක් කිරී­ම­ටය. “මෙහෙ­මයි”ඔහු කතාව පටන් ගත්තේ එහෙ­මය.

“මම විශ්ව විද්‍යා­ල­යට යන එකල මා එතු­මාගේ ගෝල­යෙකු නොවු­ණත්, සර­ච්ච­න්ද්‍ර­යන් මට හීන­යක් වගේ වුණා. මහ­ගම සේකර මගේ වීර­යෙක්.”එවන් ඇසු­රක් පතා තනි­වම, පොදුවේ කලා ක්ෂේත්‍ර­යට පිවි­සුණු තමන් විශේ­ෂ­යෙන්ම කේ. බී. හේරත්, නිමල් ඒක­නා­යක, ජය ශ්‍රී චන්ද්‍ර­ජිත් මෙන්ම අජිත් ජින­දාස, නීල් අලස්, සුනිල් මිහි­ඳු­කුල, ගුණ­සිරි සිල්වා ජයන්ත චන්ද්‍ර­සිරි, ලාල් කුල­රත්න, ප්‍රසන්න විතා­නගේ යන ඔවුන් සමඟ 80 කණ්ඩා­යම නිර්මා­ණය කර­ගත්තේ යැයි ද ඔහු පැව­සීය. ඒත් සම­ඟම එද­වස ඇති වූ තවත් වෙසෙස් ඇසු­රක් ගැන සිය කෘති­යෙන් ද ඔහු මෙසේ සිහි­පත් කරයි.

“ඒ හමු­වෙන් පසු පතී (ධර්ම­සේන පති­රාජ) මා නිව­සට ඇර­ල­ව­න්නට එමින් සිටි­යදී හදි­සියේ යෝජ­නා­ව­කින් ජුබිලි කණුවේ අව­න්හ­ලක උඩු මහලේ සිට අපි දෙදෙනා ගීතය, කවිය, ආදි අපට විෂය වූ, ගෝචර වූ මාතෘකා පිළි­බඳ කතා­බ­හක යෙදුණේ මධු­විත රසය ද මද වශ­යෙන් විඳි­මිනි. මොහො­ත­කින් මේසය මත වු අත පිස්නා සුදු කොළයේ පතීගේ පන්හි­ඳෙන් ගලා ආ කවි සංක­ල්ප­නාව මෙසේය.

“වැස්ස විල වගෙයි

වැස්ස වැව වගෙයි

වැස්ස ගඟ වගෙයි

දුක්බර අහස මා වගෙයි ”කවිය තව­දු­ර­ටත් දිවෙයි.

එය දිගු කවි­යකි.

එතැ­නින් එහාට යමින් “සරත් සිරි­තෙහි අසි­රිය වින්දෙමි”යි කතු­ව­රයා පව­සයි. ඊට අනුව එක් කාල­යක අප අම­න්දා­න­න්ද­යට පත් කළ අපූර්ව සිනමා සංස්කෘ­ති­යක් මෙරට තිබිණි. එහි අව­තැන්, අව­කල් හැසි­රීම් මඟ හරවා ලද හැම ඉඩ අව­ස­ර­යක දීම නිර්මා­ණා­ත්මක ප්‍රයෝග ඉදි­රි­පත් කර­මින් ඊට ජීව ප්‍රවා­හය සැප­යූ­වන් ද ඒ තුළම බිහි විය. සරත් දස­නා­යක නම් සංගී­ත­ඥයා එවැ­න්නෙකි.

“ගාමිණි ෆොන්සේකා හා මාලනි ෆොන්සේ­කාගේ චරිත සඳහා ජෝති­පාල ඇන්ජ­ලින් හෝ ලතාගේ හඬ භාවිතා කළ සරත් දස­නා­යක දිනුම් කණුවේ ටෝනි රණ­සිංහ නම් සුකු­මාර යෞව­නයා සඳහා සහ­භාගි කර­වා­ගත්තේ වික්ටර් රත්නා­ය­කයි.‘මියුරු කල්පනා නෙතක දැල්වුණා‘යි ගය­මින් ටෝනි දිනුම් කණුවේ රඟ­පාන ජව­නි­කාව සිත් අත් නොහ­රින සේ සික්හ ‘රැඳෙන්නේ එම ගීතය ගය­මින් රඟන ටෝනිගේ රූප­කය හා අති­ශය උචි­තව වික්ටර් රත්නා­ය­කගේ තාරු­ණ්‍යයේ හඬ ගී තනුව හා ගීතයේ මිහි­රත් නිසාය.”

“මාලනි ෆොන්සේකා රඟන ප්‍රේම ජව­නි­කා­ව­ලට ඇතු­ළත් ගී සඳහා නන්දා මාල­නිගේ හඬ නොව ඇන්ජ­ලීන්ගේ හඬම භාවිතා කොට ඇත්තේ ඔහු අපේක්ෂා කළ වඩාත්ම උචිත ගාය­නය ඇන්ජ­ලින් සතු බව වට­හා­ගත් නිසා විය යුතුය.”

තමා කාල යාත්‍රි­ක­යෙකු ලෙසින් ගැනී­මට කතු­ව­රයා කැමති බව පැහැ­දි­ලිය. මේ කෘතිය එවැ­න්නෙ­කුගේ ප්‍රය­ත්න­යක් ලෙසින් දැකී­ම­ටත් ඔහු කැම­තිය. “කඳු­ලත් සුසු­මත් හදින් ගලන තෙක් එක­මුතු වී අපි ඉමු මිතුරෝ”යන ගී උද්ධෘ­තය කියැ­වී­මත් සමඟ මා තුළ ඇති වූ සිතු­විල්ල ද ඔබට නොකියා මේ සට­හන අව­සන් කළ නොහැකි යැයි සිතමි.

ජ්‍යෙෂ්ඨ­යින් සිය කාලය පිළි­බඳ හැඩ­රුව, අත්දැ­කීම් විනි­ශ්ච­යක් ඇති හෝ නැතිව අද්‍ය­තන පර­පු­රට දානය කිරීම සුදුසු කට­යු­ත්ත­ක්මය.

අඩුම තර­මින් තමන්ට කියන්න කතා­වක් තිබේ යන හැඟීම පම­ණක් වුව සාඩ­ම්බර තත්ව­යක් වේ.

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive