පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

Jana Adi pathiyek samga (ජන අධිපතියෙක් සමඟ)

 දේශපාලනය, නවකතාව සහ පුවත්පත

සෝමා ජයකොඩි

ග්‍රන්ථය - ජන අධිපතියෙක් සමඟ

කර්තෘ - සෝමා ජයකොඩි

ප්‍රකාශනය -

ඇස්. ගොඩගේ සමාගම

මිළ - රු.700 (පිටු 327)

නවකතාව කලාංගයක් වශයෙන් ජනප්‍රිය වීම හේතු කොටගෙන පුවත්පත් මාධ්‍යයෙන් ද කොටස් වශයෙනන් නවකතා පළ කිරීම ආරම්භ වුයේ එක් අතකින් පුවත්පත් කලාවට ද එයින් තල්ලුවක් ලබා ගැනීමේ අරමුණින්ය යන්න සැඟවිය යුත්තක් නොවේ.

මුල් කාලයේ දී කරුණාරත්න සපුතන්ත්‍රි, කුමාර කරුණාරක්න වැනි ලේඛකයින් ඊට අදාලව ජනප්‍රිය තැනක සිටි අතර ඔවුන්ගේ කතා බොහෝ දුරටම රොමැන්ටික් ප්‍රේමය මුල් කොටගත් වස්තු බීජ වලින් යුක්ත වුයේ ය. පසුව මේ ලැයිස්තුවට ලක්ෂ්මන් මල්ලව ආරච්චි වැන්නවුන් ද එකතු වු නමුත් විවිධ සමාජ දේශපාලන ගතික තත්වයන් හමුවේ පුළුල් වු සමාජ පසුබිමක් තුළ බොහෝ සමාජ ආර්ථික ප්‍රශ්න සමග තරුණ ප්‍රජාව ගැටගැසෙත්ම බලහත්කාරයෙන් පෙති පුප්පවා පුජා කරන මල් මෙන් ඒ ප්‍රේමය තවදුරටත් හැඟීම් නලවන තැනක නොතිබුණි. පොදු සමාජ ජීවිතය යන්න බරපතල අන්දමින් දේශපාලනීකරණය වී තිබුණි.

ඒ අනුව ප්‍රේමය තවදුරටත් අහිංසක රොමැන්ටික් ආස්වාදයක්ය යන තැනින් ගැලවී කූඨ දේශපාලන ප්‍රයෝගත් සමග එකතු වී තිබුණි. ඒ අනුව ප්‍රේමය ද දේශපාලන සාධකයක් වශයෙන් නිර්මාණය වී තිබුණි. එය තුළ දේශපාලන බලපෑමක් තිබුණි.

ඉහත පූර්විකාවට ගැලපෙන නිදර්ශනයක් හැටියට සෝමා ජයකොඩි හඳුන්වා දිය හැකි වේ. විශේෂයෙන්ම ඇයගේ අලුත්ම නවකතාව වන “ජන අධිපතියෙක් සමඟ” නවකතාව මුලින්ම උපන්නේ ද එක් සති අන්ත පුවත්පතක කොටස් වශයෙන් පළවන නවකතාවක් හැටියට ය.

කොහොම වුණත් ඇගේ බොහෝ නවකතා පුවත්පත්හි පළ වු නවකතා හැටියට සිය මුල් ආරම්භය ලද අයුරු අපට මතකය.

ලෝක මට්ටමින් බිහි වූ දේශපාලන නවකතා ගත් කළ ඒවායේ පවත්නා දාර්ශනික හා විවේචනාත්මක දේශපාලන යථාර්ත ගවේෂණය පුවත්පත් ඇසුරේ බිහිවුණ මෙරට දේශපාලන නවකතාවන්හි දැකිය නොහැකි වුයේ මෙරට පොදු පාඨකයා ඉල්ලා සිටි දේශපාලන කළි කලහ හැසිරීම් හේතු කොටගෙන වෙනස් මඟක් ගත් නිසාදැයි සොයා බැලීම සාහිත්‍ය කලා විශාරදයින්ට ම පවරමි.

ජන අධිපතියෙක් සමඟ නම් නවකතාවේ ලා කතුවරිය ගත් මඟ ඇගේ ම වචන වලින් කීම වඩාත් සාධාරණ යැයි සිතමි.

“නිර්මාණශීලීව හිතන, නිවහල්ව හිතන, පරාර්ථ චර්යාවේ වටිනාකම් අවබෝධ කරගත්ත තරුණ තරුණියෝ නිසා තමයි රටක් ඉස්සරහට යන්නෙ. නිර්පාක්ෂික ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක අවශ්‍යතාව ශ්‍රී ලාංකික තරුණයා හඳුනාගන්න ඕන.”

එවැනි වගකීමක් හමුවේ ඊට අදාලව සියුම් මානුෂීය සංවේදීතාවක් සමඟ ඇය පවතින ආකාරයක් ද දැකිය හැකි ය.

“දෛවය ඔයාට අහිමි කළේ සිංහාසනයක උරුමයවත්, රාජ්‍ය නායකයෙකුගේ බිරියකට හිමි විය යුතු ඉසුරුමත් වරප්‍රසාදවත් නෙමේ. අවුරුදු දහ හතරෙදි විතර ඇතිවුණ ස්නේහයක අයිතිය, මට සමාවෙන්න.”

නවකතාකරණයේ සිය දිගුකාලීන හැසිරීමෙන් ලද නම්‍යශීලි පරිකල්පනයත්, ඊට සමානව මුහුකුරා ගිය ජීවිත අත්දැකීම් හා එක් වූ සමාප්තියක් මෙරට දේශපාලනය සහ සමාජ චර්යාව සම්බන්ධයෙන් ඇය පැමිණ සිටින්නේ දැයි යන්න ඇගේ කෘති හඳුනන පාඨකයෙකුට වුව සිතෙන කරුණක් යැයි සිතමි. මා එසේ පවසන්නේමෙම නවකතාවේ මුඛ්‍ය අදහස තුළින් ඒ බැව් අවධාරණය කරන්නට ගක්නා උත්සාහයක් පැහැදිලිවම දැකිය හැකි නිසා ය. එය අපැහැදිලි තත්වයක් නොවන නිසා ය.

“ඔයා තවමත් හොඳ දේශපාලන තීන්දු තීරණ ගන්න දේශපාලනඥයෙක්. ප්‍රජාවට දීපදේව විශ්වාසයි. ඒ විශ්වාසය තව තවත් තහවුරු වන විදිහට පාලනයට සම්බන්ධ වුණොත් ඉතිහාසය ඔයා ගැන කතා කරාවි.

ඒ ඉතිහාස කතාවල ස්වර්ණපාලි අක්කට හිමි තැන ඔයා එයාට දෙන්න ඕනෙ. මං කියන්නේ දේශපාලන හිමිකමක් ගැන නෙවේ. බිරියකට හිමි තැන.”

සෝමා ජයකොඩි නම් ලේඛිකාව “ජන අධිපතියෙක් සමඟ” පවතින තැන එය ය.

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive