පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

Ananda bodime Rasakatha(ආනන්ද බෝඩිමේ සැඟ­වුණු රස කතා 3 වැනි මුද්‍ර­ණය )

 ආනන්ද බෝඩිමේ සැඟ­වුණු රස කතා 3 වැනි මුද්‍ර­ණය නිකුත් වේ

ආදි ආන­න්ද­යකු වන ගාල්ලේ දෙව්සිරි පී. හේවා­වි­දාන විසින් රචිත ‘ආනන්ද බෝඩිමේ සැඟ­වුණු රස කතා’ කෘතිය ජන­ප්‍රිය ව ඇත්තේ ආන­න්දි­යන් අතර පම­ණක් නොවේ. පාසල් නේවා­සි­කා­ගා­රයේ ජීවි­තය ගැන සුන්දර මතක අවදි කිරී­මක් වන එම කෘතිය පාසල් නේවා­සි­කා­ගා­ර­යක ජීවත් වූ හැම පාසල් සිසු සිසු­ව­කුගේ ම ඒ මතක අවදි කරන කෘති­යකි.

එහි කතු­ව­රයා වන දැනට ලන්ඩ­නයේ ජීවත් වන ගාල්ලේ දෙව්සිරි පී. හේවා­වි­දාන තම සම­කා­ලී­න­යන් වූ ජනා­ධි­පති ගෝඨ­භාය රාජ­පක්ෂ, බාකීර් මාකර්, රන්ජිත් මද්දුම බණ්ඩාර, සරත් වීර­සේ­කර, සරත් ෆොන්සේකා, වසන්ත කර­න්නා­ගොඩ වැනි මිතු­රන් සමඟ ආන­න්දයේ ගත කළ අති­ශය විනෝ­ද­මත් පාසල් හා නේවා­සික ජීවි­තය ගැන සුන්ද­රව අකුරු කර ඇත. වර්ත­මා­නයේ මෙරට පාල­නය කරන ඔවුහු එදා පාසල් සිසුන් ලෙස කළ දඟ වැඩ කිය­වන විට පාඨ­කයා ඉල ඇදෙන සිනා­වෙන් කුල්මත් වීම නොවැ­ළැ­ක්විය හැකිය. දරු­වන්ට පම­ණක් නොව වැඩි­හි­ටි­ය­න්ටද කියවා රස විඳිය හැකි මෙම කෘතිය තුළ මවු­පි­යන් විසින් දැන­ගත යුතු අගනා කරුණු රාශි­යක්ද ඇතු­ළත්ය.

එපම­ණක් නොව කොළඹ නාලන්ද, රාජ­කීය, විශාකා, මියු­සි­යස්, මහ­නු­වර ධර්ම­රාජ, පන්නි­පි­ටිය ධර්ම­පාල විද්‍යා­ලය සහ ගාල්ල මහින්ද විද්‍යා­ලය ආදී පාසල් 11ක වංශ කතාද මෙම කෘති­යට ඇතු­ළත් කර තිබීම විශේ­ෂ­ත්ව­යකි.

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive