ග්‍රන්ථය – ජීවිතය නැවතිලා
කර්තෘ - නුවරඑළියේ ෂෙල්ටන් හෙට්ටි ආරච්චි
කර්තෘ ප්රකාශනයකි මිල - රු. 275
නිර්මාණාත්මක සහිත්‍යය යනු ජීවන අත්දැකීම් විසින් උපදවනු ලබන සංවේදීතාවන්හි ප්රකාශනයක් යැයි කීව ද වැරදි නැතැයි සිතමි. ඒ අනුව සාහිත්‍යකරුවාගේ නිර්මාණ විකසිතවීම් යනු එකී ජීවන සංවේදීතාවන්ගේ ප්‍රතිනිර්මාණයක් යැයි නොකිව හැක්කේ ද? නුවරඑළියේ ෂෙල්ටන් හෙට්ටිආරච්චිගේ “ජීවිතයය නැවතිලා” නම් කෙටිකතා සංග්‍රහය කියවීමේදි අප ලද අත්දැකීම මෙවැන්නකි.
යම් මුදලක් තමන්ට ලැබුණු අයෙක් එය හරිහැටි කළමනාකරණය කරගැනීමට නොදත් තැන යළිත් අත මුදලක් නැත්තෙකුගේ තත්වයට පත් වේ. කතුවරයා තමන් ලද ජීවන අත්දැකීම් පරිකල්පනයකින් තොරව වැය කිරීමට යාම නිසා සිදු කරගෙන ඇත්තේ ද ඊට නොවෙනස් දෙයක් වේ. තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් විසින් වඩා මැනවින් ඒ ගැන පෙන්වා දී ඇත්තේ මෙසේ ය.
“දැඩි ප්‍රේමයකින් බැඳුන වියපත් අඹුසැමි යුවළක් එකම වැඩිහිටි නිවසක වෙන වෙනම ජීවත් වෙති. දරුවන් නැතිකමින් එකාවන්ව සිටි බැවින් හුදෙකලාව විසීම සංවේදි සැමියාට දරාගත නොහැක. කතාකරුගේ අරමුණ ඔහුගේ තනිකමේ තරම කියා පෑමයි. එහෙත් එය ප්‍රබල ලෙස මතු කළ හැකි සිද්ධි දාමයක් තෝරා ගැනීමට කතාකරු වෑයම් කර නැත.”
නැවතීම ඇත්තේ කොතැන ද?
0 Comments:
Post a Comment