පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

Nuwara Kalaviye aluth nayo (නුවර කලා­වියේ අලුත් නෑයෝ)

 ගුණ­රත්න ඒක­නා­ය­කගේ පොත් ශත­කය සහ ‘නුවර කලා­වියේ අලුත් නෑයෝ’

අතීත උරු­ම­යන් සොයා යන ගුණ­රත්න ඒක­නා­ය­ක­යන් ‘නුවර කලා­වියේ අලුත් නෑයෝ’ නව කතාව සඳහා පාදක කර­ගෙන ඇත්තේ කන්ද උඩ­රට රාජ­ධා­නිය ඉංග්‍රී­සීන් විසින් කූඨ ලේඛන සකසා තම ආධි­ප­ත්‍ය­යට නතු කර ගැනී­මත් සමඟ ඊට එරෙහි වන ජනයා කන්ද උඩ­රට සිට නුවර කලා­වි­යට සංක්‍ර­ම­ණය වූ කතා පුව­තකි. ශ්‍රී වික්‍රම රාජ­සිංහ රජු ඉංග්‍රී­සීන්ගේ සිර­ක­රු­වකු වීමත් සමඟ කන්ද උඩ­රට ධවල අාධි­ප­ත්‍යට නතු වීම නොඉ­ව­සන උඩ­රට ජන­කො­ට­සක් අනු­රා­ධ­පු­රයේ නට­බුන් වූ ග්‍රාම­ය­කට පැමි­ණී­මෙන් මෙම කෘතිය ආරම්භ වේ.

ක්‍රම­යෙන් මෙම ජනයා නව සංස්කෘ­ති­යක ජීවි­ත­ය­කට මුල පුරන අතර, නට­බුන් වූ ග්‍රාමයේ අත­හැර දැමූ පැරණි වැවක් ගොවි­තැන් සඳහා පිළි­ස­කර කර­ගනී. අතැර දැමූ මෙම ග්‍රාමයේ තිබී නට­බුන් වූ පංස­ලක් ද ඔවුන්ට හමු­වන අතර, එය නැවත ගොඩ­න­ඟ­මින් නව ආධ්‍යා­ත්මික, සංස්කෘ­තික පිබි­ඳී­ම­කට මුල පුරයි. එම ග්‍රාමය කේන්ද්‍ර කර ගනි­මින් නව සංස්කෘ­තික ප්‍රබෝ­ධ­යක් ඇති­වන අතර ඒ සමඟ අනෙ­කුත් අව­ශේෂ ජන­යාද නව නිද­හස් සංස්කෘ­තික ජිවි­තය සමඟ එකතු වේ. පසුව කෙමෙන් කෙමෙන් බත බුල­තින් සරු වී කාර්මික කර­ණය දක්වා විකා­ශ­නය වන ඔවුන් පර­ම්පරා ගණ­නා­වක් ඔස්සේ දිව යයි.

1972 වස­රේදී 22 හැවි­රිදි තරු­ණ­යකු ලෙස ‘දහ­සක් පැතුම් පතලා’ නව­කතා තුළින් ලේඛන දිවි­යට පිවි­සෙන ගුණ­රත්න ඒක­නා­ය­කගේ 35 වැනි නව­ක­තාව ‘නුවර කලා­වියේ අලුත් නෑයෝ’කෘති­යයි.

ගුණ­රත්න ගොම­ගොඩ මහ විදු­හල සහ තෙල්දෙ­ණිය මධ්‍ය මහා විද්‍යා­ලයේ ආදි සිසු­වකු වන ඔහු කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ පශ්චාත් උපා­ධි­ධා­රි­යෙකි. සම්මා­න­නීය කෘති රච­න­යට අම­ත­රව වේදිකා නාට්‍ය කිහි­ප­යක්, වාර්තා චිත්‍ර­පට සහ ප්‍රාසාං­ගික ටෙලි නාට්‍ය කිහි­ප­යක්ද නිප­දවා ඇති ගුණ­රත්න ඒක­නා­යක කලා ලෝකයේ විවිධ ඉසව් ඔස්සේ සිය දක්ෂ­තා­වය පෙන්නුම් කර ඇත. මෙම කෘතිය ජන­ගත කිරීම 24 වැනිදා බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ ශාලා භූමි පරි­ශ්‍රයේ නිපුන පොත් මැදු­රේදී සිදු කෙරේ.


Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive