පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

Mage Putha -මගේ පුතා (මල්රේණු කස්තු­රි­රත්න)

 වර්‍ෂ 2020ක් වූ සැප්තැම්බර් මස 06 වැනි ඉරිදා සිළුමිණ පත්‍රයේ පලවූ ලිපියකි 

ග්‍රන්ථය - මගේ පුතා (Mage Putha)

පරි­ව­ර්ත­නය - මල්රේණු කස්තු­රි­රත්න

සුභාවි ප්‍රකා­ශ­කයෝ

මිල රු.435 (පිටු 214)




යෙලේනා කොෂෙ­වයා ලේඛි­කා­වක නොවේ කීර්ති­මත් පුත්‍ර­යෙකු ලොවට දායාද කළ උදාර මාතා­වකි. ඇය සිය දීප්ති­මත් පුතු මනා ශීක්ෂ­ණ­ය­කින් හදා වඩා ගත්තා ය. පුතුගේ ආත්මය තුළ ට ආද­රය, කරු­ණාව, මාතෘ භූමිය හා මානව වර්ගයා කෙරෙහි නොනැ­සෙන ප්‍රේමය වගා කළාය. ඉදින් මාතෘ භූමිය අන­තු­රට පත් අව­ස්ථාවේ කිසි­වෙ­කුගේ ඉල්ලා සිටී­ම­කින් තොරව, මවු­බිම වෙනු­වෙන් ඔහු පෙරට ආවේය.

කෙසේ වෙතත් ඉහ­තින් කිය­වුණ එය වනාහි හුදු උදාන වාක්‍ය­යක් යැයි නොසි­තිය යුතුය. එය වුකලී දොස්ත­යෙව්ස්කි, චෙකොෆ් මෙන්ම ගෝර්කි වැනි රුසි­යානු මහා ලේඛ­ක­යන්ගේ උත්තුංග ප්‍රග­ති­ශී­ලී­ත්ව­යෙන් වගා වුණ රුසි­යානු විප්ල­වයේ ජය­ග්‍ර­හ­ණයේ ලා පාදක වුණ ප්‍රගති බල­වේ­ග­යක් හැටි­යට පැව­තුණ සෝවි­යට් දේශ ප්‍රේම­යම වන්නේ ය. යෙලේනා කොෂෙ­වයා සිය පුතුට සිය මව් කිරි සමඟ පෙවු­යේත්, පසුව ෆැසි­ස්ට්වාදී ජර්මන් ආක්‍ර­ම­ණය හමුවේ මාතෘ භූමිය වෙනු­වෙන් ජය­ග්‍රා­හීව සටන් වැද මර­ණ­යට පත් සිය පුතු වෙනු­වෙන් ලියා තැබු­වේත් ඒ දේශ ප්‍රේමයේ කතා­වයි.

ඒ අකා­ර­යට රුසි­යානු බසින් ලිය­වුණ ඇගේ ඒ මාතෘ (දේශ) ප්‍රේමයේ කතාව රුසි­යානු බසින්ම සිංහ­ලට නැගී­මට මල්රේණු කස්තු­රි­රත්න කට­යුතු කොට තිබේ. “මගේ පුතා” නමින් ප්‍රකා­ශ­යට පත් වන්නේ ඇගේ ප්‍රය­ත්න­යයි.

ඇයගේ පුතු ඔලෙග් කොෂෙ­වයි කුඩා වියේ සිටම සිය මවගේ නිරී­ක්ෂ­ණය දිනා සිටියේ ය. මව මෙසේ පව­සන්නේ ද ඒ නිසා ය.

“මගේ හොඳම සහ­ක­රු­වන් වුයේ පොත් ය. පොත් කිය­වී­මට, සවන් දී සිටී­මට ඔලෙග් නිම්හිම් නැතිව සවන් දී සිටියේ ය. ඔහු සෙල්ලම් බඩු කෙරෙහි ලැදි නොවී ය. එහෙත් පොත්පත් කෙරෙහි නම් උන්හිටි තැන් පවා අම­ත­කව යයි.”

-පරි­ව­ර්ති­කාව විස්තර කරන අන්ද­මට 1945 මැයි 9 දා සෝවි­යට් රතු හමු­දාව ලද ෆැසිස්ට් විරෝධි ජය­ග්‍ර­හ­ණ­යට ඔලෙග් හා ඔහුගේ -තරුණ ආර­ක්ෂ­කයෝ- නම් සංවි­ධා­නය ඒ මිතරු සමා­ගම දැක්වු දාය­ක­ත්වය ද අර කිව සෝවි­යට් දේශ ප්‍රේම­යෙන්ම උප­න්නක් වේ.

අව­සා­නයේ දී සෝවි­යට් දේශයේ වීරයා සම්මා­න­යෙන් පිදුම් ලද ඔහුගේ ඒ කෙටි ජීවිත කතාව පාසැ­ල්වල දරු­වන්ට ආදර්ශ කතා­වක් ලෙසින් කියා දෙන තත්ව­යක් නිර්මා­ණය වූයේ ය. සිය පුතු ගැන මව ලියූ මෙම කතාව පාසැල්හි කිය­වීම් පොතක් ලෙසින් ද නිර්දේශ කෙරුණේ ය.

මවක විසින් දේශ විමුක්ති අර­ග­ල­යට දිවි පිදූ සිය පුතු ගැන ලියන්නා වු කතා­වක් හැටි­යට එයින් මතු­වන මව­කගේ ලයා­න්විත සෙනෙ­හස මෙන්ම දේශ ප්‍රේමයේ විභූ­ති­මත් සාඩ­ම්බ­රය මෙහි නිරූ­ප­ණය වී ඇති ආකා­රය දෙස බලන විට අනා­ගත පර­පුර වෙනු­වෙන් එය එසේ නිර්දේශ වීමේ අරු­ම­යක් නොපෙ­නෙයි.

සාර්වාදී පාල­න­යෙන් අති­ශය පරා­ධී­න­ත්ව­ය­ටම ඇද වැටී තිබු රුසි­යාව, සෝවි­යට් මාතෘ භූමිය වශ­යෙන් විප්ල­වීය ජය­ග්‍ර­හ­ණය අත් කර­ගන්නා ඒ ඉති­හාස සීමාවේ දී සිදු කළා වූ බෙහෝ මානව කැප කිරීම් පිළි­බඳ සාහි­ත්‍ය­යක් ඔවුන්ට ඇත.

ඒ අත­රම ආත්ම ශක්තිය, බොහෝ කටුක වධ වේද­නා­වන් දේශ ප්‍රේමයේ නාම­යෙන් විඳ දරා ගත්තා වු ජීව­මය අත්දැ­කීම් වලිත් පොහො­සත් විශිෂ්ට සාහි­ත්‍ය­යක් සෝවි­යට් දේශය වෙනු­වෙන් නිර්මා­ණය වුයේ ය.

අව­සා­නයේ දී විප්ල­වීය රුසි­යා­වක් නිර්මා­ණය කළ මහා රුසි­යානු ජාති­ක­ත්ව­යෙන් උපන් ඒ සාහි­ත්‍යය නිසා ලද ආභා­සය ගැන ලෙනින් ද කතා කොට ඇත. එක් ප්‍රකට කිය­ම­න­කට අනුව සාහි­ත්‍යය යනු ජාතියේ හෘදය සාක්ෂි­යයි යන්න සෝවි­යට් රුසි­යාව තරම් සනාථ කළ තවත් රටක් ඇත්තේ දැයි සිතෙන තරම් ය.

එවැනි පසු­බි­මක කිසි­දාක ලේඛි­කා­වක නොවු ඇතැම් විට එසේ වීමට මතු බලා­පො­රො­ත්තු­වක් හෝ නොතිබු යෙලේනා කොෂෙ­වයා මෙසේ සිය පුතු ගැන ලිවීම අමුතු විස්ම­යක් ඇති නොක­රයි.

“ජර්මා­නුවෝ අනු­කම්පා විර­හි­තව සියලු ධාන්‍ය සහ පශු සම්පත් එකතු කොට ජර්ම­නි­යට පැට­වුහ. සාගි­න්නෙන් මිනි­සුන් මිය යමින් සිටි ක්‍රස්න­දෝ­න­යට ඉහ­ළින් ධාන්‍ය පට­වා­ගත් දැවැන්ත ගුවන් යානා බට­හිර බලා පියෑ­ඹීය. අන­තු­රුව ජර්මානු වහල් මෙහෙය උදෙසා තරු­ණ­යන් දැක්කීම ඇර­ඹුහ. උක්රේ­නි­යානු මහ පොළොව වැළ­පී­මෙන් කෙඳි­රි­යෙන් හා වේද­නා­වෙන් පිරී ගියේ ය.”

-ජර්මානු නාසි­වා­ද­යෙන් ඇවි­ළුණ ෆැසි­ස්ට්වාදී ආක්‍ර­ම­ණය මේ ආකා­ර­ය­ටම ප්‍රංශය ද යට­පත් කළ අව­ස්ථාවේ දී ජාති­යක් හැටි­යට ඔවුන් මුහුණ පෑ ඒ ඛේද­වා­ච­කය තව­දු­ර­ටත් ඉව­සනු නොහී ඊට එරෙ­හිව ප්‍රංශ ජාති­ක­ත්වය අවදි වු අයුරු ගැන කිය­වෙන සිමොන් ද බොවාගේ “බ්ලඩ් ඔෆ් අදර්ස්” (එය අනුන්ගේ ලේ නමින් සිංහ­ලට ද නැගී තිබේ.) නම් කෘතිය ද මෙහිදී සිහි­පත් වේ.

එය එසේම ය. සිය ජාතිය වෙනු­වෙන් ඇති හැගීම ඉතාම කුඩා පක්ෂි­යෙ­කුට වුව පොදු ය. දේශ ප්‍රේමය හමුවේ කුමන බාධා­වක් ද ශක්ති­මත් වන්නේ? නැත එය එසේ නොවන්නේ ය.

එය වනාහි මිනි­සුන්ගේ ලේ තුළම පව­ති­න්නකි. එහෙම නැතුව ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා තුළ පව­ති­න්නක් නොවේ. එසේ අර්ථ නිරූ­ප­ණය කළ හැක්කක් ද නොවේ. උක්ත කෘතිය ද කිසිදා ලේඛි­කා­වක නොවු මවක විසින් සිය පුතු ගැන ලියු­වක් වන තර­ම­ටම සාහිත්‍ය රස­යෙන් ද තොර නොවන්නේ ද ඒ නිසාම යැයි සිතේ.

සර­ත්චන්ද්‍ර ජය­කොඩි

“අට මසක් පුරා පැවති ඉඩෝ­රය හමාර කර­මින් මෝසම් වැසි සමය ඇර­ඹුණු සේය. සිවු­පාවෝ ද පක්ෂිහු ද ජනයා ද ගලා හැලෙන වැසි දිය දහර නිසා සැන­සු­මක් ලදහ. මගේ සංඛ්‍යා­ලේ­ඛන අනුව නිය­ඟය නිසා මේ ප්‍රදේ­ශයේ මිය­ගිය ගව­යන්ගේ ගණන 126 කි. මුළු දිස්ත්‍රි­ක්ක­යේම ගව­යන්ගේ සංඛ්‍යාව ගත­හොත් දහස් ගණ­නක් විය හැකිය. එහෙත් ඊළඟ දෙස­තිය පුරා වැසි පොදක් ගිලි­හුනේ නැත. නැවත ද උෂ්ණ­ත්වය ඉහළ නැංගේ ය. අග­ලක් පමණ මෝදු වූ මල් පොහොට්ටු මලා­නි­කව අතු­රු­ද­හන් වන්නට වන. ඉක්බිති දින කිහි­ප­යක් පැව­තියේ ශාන්ත වාතා­ව­ර­ණ­යකි. සැත­පුම් 90 ක පමණ වේග­යෙන් හමන “කච්චන් මාරු­තය” කෙළ­වර දුටු සේය. හාත්පස කුතු­හ­ලය දන­වන නිහැ­ඬි­යා­වක් වැලඳ ගති. දැරිය නොහැකි වූ උණු­සුම එළෙ­සින්ම යළිදු පැව­තිණි. සුළඟ නිශ්චල විය.”

එක්දාස් නව­සිය අසුව දශ­කය ආරම්භ වුයේ 60 -70 දශ­ක­යන්හි පෙර­ළි­කාර මත­වාද සමඟ හැදී වැඩුණු එමෙන්ම නව ලෝක දැනු­මත් සමඟ මුහු­කුරා යමින් සිටි බුද්ධි­ම­තුන්ගේ දාය­ක­ත්ව­යෙනි. අවා­ස­නා­ව­කට මෙන් ඒ දශ­කය අව­සන් වුයේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ඝාත­ක­යන්ගේ භීෂ­ණයේ රාත්‍රි­යක් විල­සිනි. නක්ස­ල­යිට් යැයි හංවඩු ගස­මින් තරුණ කොටස් නින්ද­නීය ලෙසින් මරා දැමුණු කාල වක­වා­නුක් හැටි­යට ය. 80 දශ­කයේ තරු­ණ­යන් වන අපගේ තරුණ විය ගෙවී ගියේ එවන් විද්ව­තුන්ගේ ඇසු­රත් අර කීව භීෂ­ණ­යත් අත­රිනි. කෙසේ වුව ඒ සමය පොහො­සත් එමෙන්ම විද්වත් දෘෂ්ටි­වා­ද­යක් සහිත පුව­ත්පත් හා ග්‍රන්ථ සාහි­ත්‍ය­යක් ඇති කිරී­මට ඒ විද්වත්හු කට­යුතු කළහ.

සර­ත්චන්ද්‍ර ජය­කොඩි යනු ද ඒ විද්වත් ප්‍රජා­ව­ගේම නියෝ­ජ­න­යකි. අප අතින් ඉහ­තින් උපුටා දැක්වුණේ විසි­වන සිය­වස මුල් සමයේ මෙරට විසු ඩග්ලස් රැෆල් නම් ඉංග්‍රීසි ජාති­කයා අප රටේ දකුණු ලක වන­ගත පරි­ස­ර­යක නේවා­සි­කව තමන් විඳි අත්දැ­කීම් අළලා ලියු “ඉන් රුහුණු ජංගල්” නම් කෘතියේ සිංහල පරි­ව­ර්ත­න­යෙන් කොට­සකි. එය “රුහුණු වන සැරිය” නමින් සර­ත්චන්ද්‍ර ජය­කොඩි විසින් මුලින්ම ප්‍රධාන පෙළේ පුවත් පත­කට කොටස් වශ­යෙන් ඉදි­රි­පත් කර­න්නට යෙදුණි. එකල පුව­ත්පත් එවැනි හුදු ප්‍රවෘත්ති වාර්තා­ක­ර­ණ­යෙන් එහාට ගිය පුව­ත්පත් විෂ­ය­යික සාහි­ත්‍ය­මය ප්‍රවේ­ශ­යක් කරා යොමු කළේ එවැනි උග­තුන් ය.

“එදින දරුණු ගිගු­රුම් කුණාටු හා විදුලි කෙටීම් නොක­ඩ­වාම ඇති විය. මම යහ­නෙන් නැගී වැස්සේ සුන්ද­ර­ත්වය නැර­ඹී­ම­ටත්, නැවුම් පොළො­වෙන් නැගෙන සුග­න්ධය ආඝ්‍රා­ණය කිරී­ම­ටත් පැමි­ණි­යෙමි. ජල ධාරා පොළොව මත හාත්පස ගලා යනු දිස් විය. කුරුල්ලෝ සියුම් මිහිරි නාද නැගූහ. වඳුරෝ පුරුදු හඬින් අඳු­රේම සොම්නස පළ කළෝය. මේ ශ්‍රේෂ්ඨ අව­ස්ථාව රාත්‍රී ඇඳු­මින් යුතුව පිළි­ග­නි­මින් නැවත නිදි යහ­නට පිවි­සි­යෙමි. වේලාව අලු­යම 3 ට පමණ ය. එදින රෑ ඉමක් කොනක් නැතිව වැස්සේ ය.”

මෙවැනි කිය­වී­මක් භූගෝල විද්‍යාව මෙන්ම පරි­ස­රය ආශ්‍රිත ක්‍රියා­කා­ර­කම් උගන්නා සිසුන්ට පසු­බිම් දැනු­මක් නොම සප­යන්නේ ද යන්න අධ්‍යා­ප­න­යක් ඇති අධ්‍යා­පන බල­ධා­රීන් කල්පනා කරන්නේ නම් මැනවි. තවද සාම්ප්‍ර­දා­යික නිර්දිෂ්ට කෘති පෙළම “පාරු­කා­ර­යාගේ උම්බ­ල­ක­ඩය මෙන්” යළි යළිත් නිර්දේශ කර­මින් භාෂා සාහිත්‍ය අධ්‍ය­ය­නය මෙලො­වින් තුරන් නොකි­රී­මට කට­යුතු කරන්නේ නම් මැනවි.

මෙරට පාසැල් සිසුන්ට වන­ගත අත්දැ­කීම් මෙන්ම කුරු­ල්ලන් කෑ ගසන හඬ පටි­ගත කොට අස­න්නට සැලැ­ස්වී­මෙන් ඔවුන් වඩා පොහො­සත් පුර­වැ­සි­යන් බවට පත් කිරීමේ හැකි­යාව ගැන ද මෙහිලා පෙන්වා දීමට ඩග්ලස් රැෆල් වැනි විදේ­ශි­ක­යන් කට­යුතු කොට තිබේ. විශේ­ෂ­යෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා­වට ඒ සම්බ­න්ධ­යෙන් මැදි­හත් වීමේ ඉඩ කඩක් පව­තින බව ද ඒත් සම­ඟම පෙන්වා දෙනු ලැබ තිබේ. එවැනි නිර්මා­ණා­ත්මක නිර්දේශ වැනි කෘති සිය ද්වී භාෂා උග­ත්ක­මෙන් පරි­ව­ර්ත­නය කළ සර­ත්චන්ද්‍ර ජය­කොඩි මෙන්ම එවැනි විරල විද්වත් ලේඛ­ක­යින් ගැන වීමං­ස­නා­ත්මක හැදෑ­රී­මක් අද නම් අව­ශ්‍යම ය.

“ලංකාවේ දෙම­ළි­ච්චන් සැම විටම සත් දෙනෙ­කු­ගෙන් යුත් රංචු­වක් හැටි­යට හැසි­රෙන බව ප්‍රකට කරු­ණකි. කවු­රුත් ඒ බව දනිති. “සොහො­යු­රි­යන් සත් දෙනාගෙ රෑන” යනු­වෙන් එය හැඳින්වේ. ඔවුහු සැම­වි­ටම රෑනේ යථෝක්ත සංඛ්‍යාව එලෙ­සින්ම තබා ගැනී­මට උත්සාහ දරති. එහෙත් ඔබ මේ කුරුලු රංචු­වෙහි හැසි­රීම් රටාව සියුම් ලෙස නිරී­ක්ෂ­ණය කිරී­මට උත්සාහ දැරු­වෙහි ද? දින­පතා ඔවුන් මෙසේ රංචු ගැසී නාද නගන්නේ එකම වේලා­ව­කට ය. එනම් පෙර­වරු එකො­ළහේ සිට දොළහ වන තුරු ය.”

සර­ත්චන්ද්‍ර ජය­කොඩි වැන්න­වුන් එකල විදෙස් කෘති සිංහල බසට නැගුවේ ජාතික මට්ට­මින් යුතු­ක­මක්, අධ්‍යා­ප­නික කාර්ය­භා­ර­යක් ලෙසින් ද එය සලකා ය. ඒ අනුව එය කොහෙත්ම හුදෙක් වෙළඳ පොළ ඩැහැ ගැනීමේ සිල්ලර අව­ශ්‍යතා මත සිදු වූවක් නොවීය යනු­වෙන් ද දත යුතුය. එවැනි නිර්ල­ජ්ජිත අර­මුණු එකල සිටි සාහි­ත්‍ය­ක­රු­වන්ට තිබුණේ නැති තරම්ය. එනි­සාම ඔවුහු සැබෑ ලෙසින්ම ජාතියේ බුද්ධි වර්ධ­නය වෙනු­වෙන් කට­යුතු කළ වුන් වුහ. එසේ හෙයින් කාල සීමා­ව­කින් තොරව අද­ටත් ඔවුන්ගේ කෘති ජාතික මට්ටමේ බුද්ධි වර්ධ­න­ය­කට සුදුසු වන්නේ ය. තවද සිය දේශයේ සමාජ සංස්කෘ­තියේ වෙන­ස්වීම් හැදෑ­රී­මට ද සුදුසු වන්නේ ය.

“කත­ර­ගම දෙවි­යන්ගේ ප්‍රති­මා­වක් දෙවොල තුළ දකි­න්නට නොලැ­බුණි. මේ අති පාරි­ශුද්ධ දේවා­ලය තුළ ඇත්තේ ස්වර්ණ­මය මංජු­සා­වක බහාලු රන් පෙත්ත­කට සම වස්තු­වක් හා යන්ත්‍ර­යක් පමණි. මේ යන්ත්‍ර­යෙහි දිව්‍ය­මය ශක්තිය ගැබ්කර ඇතැයි පැවසේ. දුටු ගැමුණු රජුගේ ජය­ග්‍ර­හ­ණය හේතු කොට­ගෙන ඇර­ඹුණු ඇසළ පෙර­හ­රෙහි පටන් වාර්ෂි­කව පව­ත්වන පෙර­හ­රෙහි මේ මංජු­සාව කත­ර­ගම දේවා­ල­යෙහි පටන් වල්ලි මාතා කෝවිල දක්වා රැගෙන ගියේය.

රාත්‍රි­යෙහි කෙරෙන මේ උප­හා­ර­යෙන් ඉක්බිති අලු­යම කාල­යෙහි යථෝක්ත ස්වර්ණ­මය මංජු­සාව නැවත කත­ර­ගම දේවා­ලය කරා ගෙන­යනු ලැබේ. අන් සියලු බල­වේ­ග­යන් අ­බි­බවා රුහුණු පුර­ව­ර­යෙහි හාත්පස බල පවත්නේ කත­ර­ගම දෙවි­යන්ගේ බල මහි­ම­යයි. ආඥා චක්‍ර­යයි. ඩී.ඩී.ටී. නිසා මැලේ­රියා වසං­ගත නිහඬ වන තුරු රෝග­ය­න්ගෙන් ද දරුණු ව්‍යස­න­ය­න්ගෙන් ද රුහුණේ ගම්වැ­සි­යන්ගේ එකම විමු­ක්ති­දා­ය­කයා වුයේ කත­ර­ගම දෙවි­ඳුන් ය. උග්‍ර නිය­ඟය පවත්නා වූ ජුලි අගෝස්තු මාස­යන්හි පැවැ­ත්වෙන කත­ර­ගම පූජෝ­ත්ස­වය සඳහා දහස් සංඛ්‍යාත ජනයා මේ පූජ­නීය භූමිය කරා පැමි­ණෙති. වන්ද­නා­මාන කරති. පෙර­හර ඔප්පු සිද්ධ කරති.”

“1948 නිද­හස ලබන තෙක් ලංකාවේ අග­මැති සහ කැබි­නට් ඇම­ති­ව­රුන් කත­ර­ගම දෙවි­යන්ගේ ආශි­ර්වා­දය පතා පැමි­ණියේ පොදු රාජ්‍ය මණ්ඩ­ලයේ ළාබාල රාජ්‍ය­යක අභ්‍යු­දය හා රටේ ප්‍රග­ති­යට අදාළ යෝජනා ක්‍රම­යන්හි සාර්ථක ප්‍රති­ඵල නෙළා ගැනීමේ අපේක්ෂා පෙර­දැ­රිව ය. බෞද්ධ හා හින්දු යන දෙප­ක්ෂ­යෙ­හිම නාය­කයෝ එසේ පැමි­ණි­යහ.”

සර­ත්චන්ද්‍ර ජය­කොඩි සහි­ත්‍ය­ක­රු­වෙකු වශ­යෙන් ගත් කල එකල පැවැති ප්‍රග­ති­ශීලි මත­වා­ද­යන් සමඟ පැව­තුණේ ඔවුන් සිය උරු­ම­යෙන් ලද දේශ වාත්ස­ල්‍යයේ ප්‍රග­ති­ශීලිත්වය ද අත් නොහ­රින පසු­බි­මක ය. එසේ හෙයින් ඔවුන් හුදෙක් සීමා­න්තික ඉගැ­න්වීම් හෝ කියැ­වීම් තුළ අත­රමං වූ නරු­ම­වා­දීන් නොවීය. මේ ලිපිය මෙසේ ලිය­වුණේ ද ඒ නිසාම ය. මතු පර­පු­රට එවැනි මග පෙන්වී­මක් ඇවැසි නිසා ය.

සර­ත්චන්ද්‍ර ජය­කොඩි

ලැන්ග්ස්ටන් හියුහ්ස්

(1902- 1967) අමෙ­රි­කන් සාහි­ත්‍යයේ කවි­යෙකු,

නව­ක­තා­ක­රු­වෙකු මෙන්ම රංග පිට­පත් රච­ක­යෙකු හැටි­යට ලද කීර්ති­යක් ඇත්තෙකි. පසුව ඔහු සිය ස්ව චරි­තා­ප­දා­නය ලිය­න්නට යොමු වන අතර අප විසින් ඉහ­තදී මතු කර­න්නට යෙදුණ කරු­ණට අදා­ළව කදිම ගද්‍ය රච­න­යක් ද ඔහු අතින් ලියැවී ඇත්තේ ය.

ඒ වනාහි“සැල්වේ­ෂන්”

නම් ගද්‍ය රච­න­යයි.

ආගම යනු මිනිසා විසින් බිය, සන්ත්‍රා­සය සම­නය කර­ගනු වස් තමන්ගේ පැවැ­ත්මට අදා­ළව නිර්මා­ණය කර ගත්තා වු විශ්වා­සයේ ඇද­හි­ල්ලක් වශ­යෙන් හැඳි­න්වී­මෙහි වර­දක් නැතැයි සිතමි. එසේ ගත්කල සිය දඩ­යම් ගෝත්‍රික වනා­ශ්‍රිත පැවැ­ත්ම­වල් සහිත ඒ යුග­යන්හී දී මිනිසා තමන්ගේ පැවැත්ම වෙනු­වෙන් නිර්මා­ණය කර­ගත්තා වු රැක­ව­ර­ණ­යක් හා සමාන තත්ව­යක් ද ඒ තුළ දැකිය හැකි වේ. නමුත් පසු­කා­ලී­නව නුව­ණින් මුහු­කුරා වැඩෙ­මින් ශිෂ්ටා­චා­ර­වත් වු මිනිසා වෙනු­වෙන් ආගමේ හැසි­රීම කෙසේ වීද? එතැන් සිට අද දක්වාම ආගම විසින් සිය පැවැත්ම වෙනු­වෙන් මිනි­සාව තෝරා­ගත් ආකා­ර­යක් දක්නට නොලැ­බේ­දැයි සිතා බැලීම වටී.

විශේ­ෂ­යෙන්ම ඕනෑම දර්ශ­න­වාදී ඉගැ­න්වී­මක් ආගම නමින් ප්‍රති­ස්ථා­ප­නය කෙරෙ­න්නේම මිනි­සාගේ ලෞකික පැවැත්ම සමඟ ගනු­දෙ­නු­වක් හැටි­යට ය. එවැනි පසු­බි­මක මිනි­සාගේ පැවැත්ම බිය, සන්ත්‍රා­සය හමුවේ සරණ යදින අනාථ බව­කට පත් කිරීම ඒ වෙනු­වෙන් අව­ශ්‍යම කොන­දේ­සි­යක් වේ. ඊට සාපේ­ක්ෂව තෘෂ්ණා­ධික ඉල්ලීම් ඉටු කර ගැනීම වෙනු­වෙන් ද දෙවි­යන් මුල්කො­ට­ගත් ආගම මාධ්‍ය­යක් හැටි­යට යොදා ගැනීම අද පවා විරල තත්ව­යක් නොවේ.

ලැන්ග්ස්ටන් හියුහ්ස් (1902- 1967) අමෙ­රි­කන් සාහි­ත්‍යයේ කවි­යෙකු, නව­ක­තා­ක­රු­වෙකු මෙන්ම රංග පිට­පත් රච­ක­යෙකු හැටි­යට ලද කීර්ති­යක් ඇත්තෙකි. පසුව ඔහු සිය ස්ව චරි­තා­ප­දා­නය ලිය­න්නට යොමු වන අතර අප විසින් ඉහ­තදී මතු කර­න්නට යෙදුණ කරු­ණට අදා­ළව කදිම ගද්‍ය රච­න­යක් ද ඔහු අතින් ලියැවී ඇත්තේ ය. ඒ වනාහි“සැල්වේ­ෂන්” නම් ගද්‍ය රච­න­යයි. එය ඔහුගේ ළමා විය ඇසු­රෙන් ලිය­වු­ණක් වන අතර එයින් ඔබ ලද යුතු උගැන්ම වන්නේ ශිෂ්ටා­චා­ර­වත් මිනි­සාව පවා තම පැවැත්ම වෙනු­වෙන් අවා­ස­නා­වන්ත අයු­රින් ග්‍රහ­ණ­යට ගැනී­මට පොදුවේ ගත් කල දාර්ශ­නික හර­යෙන් වියුත්ත හුදු ඇද­හී­මෙන්ම සංයුක්ත ආගම නම් සංස්ථා­පි­තය කොත­රම් දුරට කට­යුතු කොට ඇත්තේ ද යන්නයි. කෙසේ වෙතත් ලැන්ග්ස්ටන් හියුහ්ස් එය ඉදි­රි­පත් කරන්නේ තමන්ගේ ආග­මට අදා­ළව ය. නමුත් මේ විවේ­ච­නය ඒ ආකා­රයේ සිය­ල්ල­ටම අදාළ ය.

“මට වයස 13 වන තුරුත් පාප­යෙන් ගැළ­වි­මට මම කට­යුතු කර­මින් සිටි­යෙමි. එහෙත් එය කොයි ආකා­ර­යෙ­න්වත් සැබෑ ගැළ­වී­මක් නම් නොවී ය. ....මගේ නැන්ද­ණි­යගේ රීඩ් පල්ලියේ දී ඒ හාස්කම සිදු විය. සති­යක් පුරාම රාත්‍රීන්හී දි දිගු යාඥා මෙහෙ­ය­යන් එහිදී පැවැ­ත්විණි. දේශනා, ගීතිකා මෙන්ම වැළැ­පෙ­න්න­වුන්ගේ කෑ ගැසීම් වලින් ද තොර නොවුණි. පවු­කා­ර­යින් ක්‍රිස්තුස් ඉදි­රි­යට පැමි­ණ­වීම බොහෝ විට එහිදී සිදු විණි. ....ළම­යින් සඳහා ද වෙසෙස් රැස්වී­මක් පැවැ­ත්වුණු අතර නැන්ද­ණිය බැටළු පෝත­ක­යින් රැගෙන විත් (ඒ වෙනු­වෙන්) ගාල් කිරී­මක් ගැන දින කිහි­ප­ය­කට පෙර සිට ම කතා කර­මින් සිටියා ය. ඉදින් ඒ රාත්‍රිය පැමිණි කල්හි ආරක්ෂා සහි­තව ඉදිරි අසුන් පෙළෙහි මා හිඳුවා තබ­න්නට ද ඇය කට­යුතු කළාය. එහි සිටියේ වැළ­පෙ­න්න­වුන් ය. ඒ වන විටත් යේසුස් ඉදි­රි­යට පමු­ණුවා නැති සෙසු සිය­ලුම පවු­කා­රයෝ ද ඒ පේළි­යේම වුහ.”

“මගේ නැන්ද­ණිය මට මෙසේ කීවා ය. -ඉදින් නුඹ ආලෝ­කය දකින්නේ නම් යම් දෙයක් නුඹ අභ්‍ය­න්ත­රයේ සිදු වන්නේ නම් සිතා­පන්, යේසුස් නුඹගේ ජීවි­ත­යට ඇතුළු වී සිටි­න්නාහ. එතැන් සිට දෙවි­යන් නුඹත් සමඟ ය. තවද නුඹගේ ආත්ම­යෙන් දෙවි­යන් දැකී­ම­ටත්, ඇසී­ම­ටත්, විඳී­ම­ටත් එකල්හි නුඹ­ටත් හැකි වන්නේ ය.- මම දැවෙන සන්සු­න්ක­ම­කින් හිඳ සිටි­යෙමි. සෙන­ගින් පිරුණ ඒ පල්ලියේ යේසුස් මා කරා එන­තෙක් මම බලා සිටි­යෙමි.”

“දේශ­ක­යාණෝ මනා රිද්ම­යක් පවත්වා ගනි­මින් දෙසුම පව­ත්වද්දී වැළ­පෙන්නෝ කෑ ගැසුහ. සම­හරු තනි තනිව වැළ­පුණෝ ය. අපායේ සිටි­න්න­වු­න්ගෙන් සැදු­ණාක් බඳු ඛේද­ජ­නක දර්ශ­න­යක් එහි මැවිණි. කුඩා බැට­ළු­වෙක් සීතල නොතකා එතැන මග­හැර ඉව­තට යනු පෙනිණි. -ඔබ නොඑන්නේ ද ජේසුනි, ඔබ නොඑන්නේ ද?- ......පසුව දේශ­කයා සිය දෑත් වැළ­පෙ­න්න­වුන්ගේ බංකු­වල සිටි කුඩා පවු­කා­ර­යන් වූ අපගේ හිස් මත තැබී ය. දැරියෝ හඬ­න්නට වූහ. ඒ අත­රින් ඇත­මෙක් පැන දිවී ය. ඒ යේසුස් එන නිවැ­රැදි මග සොයා ය. එහෙත් අපි බොහෝ දෙනෙක් කියපු විදි­හ­ටම හිඳ­ග­ත්ව­නම සිටි­යෙමු.”

තමන් ඒ මොහො­තේත් යේසුස් දැක ගැනීමේ තද­බල වුව­ම­නා­වෙන් සිටියේ යැයි ද ලැන්ග්ස්ටන් හියු­හුස් පව­සයි.

ඒ වන විට සියලු තරුණ ළම­යින් අල්තා­රය වෙත ගෙන යන ලදුව රැක­ව­ර­ණය ලබා දෙමින් කට­යුතු සිදු වෙමින් තිබුණි. එහෙත් වෙස්ලි නම් තවත් පිරිමි ළම­යෙකු සමඟ මම සොයු­රි­යන් විසින් වට කරනු ලැබ පූජක සහා­ය­ක­යින් ද සමඟ යාඥාවේ යෙදී සිටි­යෙමි. පල්ලිය තුළ වූයේ තද උණු­සු­මකි ප්‍රමා­දයේ ද කෙළ­ව­රක් නැති තරම් ය. අව­සා­නයේ දී වෙස්ලි මා පුදු­ම­යට පත් කර­මින් මෙසේ කීය. -කම­කට නැති දෙවි­යෙක්. මට මෙතන ඉඳ­ගෙන ඉඳ­ලම මහ­න්සියි. අපි නැගි­ටලා ගිහිං රැක­ව­ර­ණය ලබමු.- එසේ කී ඔහු නැගී ගොස් රැක­ව­ර­ණය ලබා ගත්තේ ය.”

“මම වැළ­පෙ­න්න­වුන් සමඟ ඒ බංකුවේ හුදෙ­කලා වුණෙමි. ඒ වන විටත් හැඬු­ම්බ­රව සිටි නැන්ද­ණිය මා දණ ගැස්වුවා ය. මන්ද ඒ වන විටත් ගීතිකා හා යාඥා හඬ ඒ පල්ලිය තුළ සුළි­යක් මෙන් කර­කැ­වෙ­න්නට පට­න්ගෙන තිබු හෙයිනි. සමූ­හ­යම මා වෙනු­වෙන් යාඥා කර­න්නට වු අතර වැළ­පීම් සහ යාඥාවෝ ලතෝ­නි­යක් මෙන් නැගී එමින් තිබුණි. එහෙත් මම සන්සුන්ව යේසුස් එන තුරු බලා සිටි­යෙමි. එහෙත් යේසුස් නොපැ­මි­ණියේ ය. මට උන් වහන්සේ මුණ ගැසීම අව­ශ්‍ය­වම තිබිණි. එහෙත් කිසි­වක් ම සිදු නොවී ය.”

“දැන් නම් හොඳ­ටම ප්‍රමාද වූවා වැඩි ය. මම මා ගැනම ලැජ්ජා­වට පත් වීමි. වුව­ම­නා­ව­ටත් වඩා කාල­යක් මම සියල්ල දරා­ගෙන සිටි­යෙමි. ඒත් සම­ඟම දෙවි­යන් වෙස්ලි ගැන කුමක් සිතන්නේ දැයි විස්ම­යෙන් යුතුව සිතු­වෙමි. ඔහු යේසුස් නොදු­ටුවේ ය. එහෙත් බොහෝ උජා­රු­වන් වේදි­කාව මත හිඳ සිටියි. ඒ මදි­වාට කකුල් ද සොළ­වයි. පහ­ළින් සිටින මා දෙස බලා විරි­ත්ත­න්නාක් මෙන් සිනා­සෙයි. මේ අතර පූජක සහා­ය­ක­යන් සමඟ මහලු කාන්තාවෝ සමු­හ­යක් යාඳා කර­මින් සිටියෝ ය. දෙවි­යන් තව­මත් නොපෙ­නෙයි. යම් හෙය­කින් වෙස්ලි මිය ගිය­හොත් ඒ නම දේව­ස්ථා­නය තුළ අහං­කාර නොඑසේ නම් බොරුව රජ­යන තැනක ස්ථාන­ගත වනු ඇත්තේ ය. කෙසේ වුව මේ කර­ද­ර­යෙන් ගැල­වී­මට මම ද තීර­ණය කළමි. හොඳම දේ බොරු කීම ය.”

ලැන්ග්ස්ටන් හියුහ්ස් ගේ උක්ත ගද්‍ය රච­නයේ ඉති­රි­යට අනුව තමන් යේසුස් ව දුටු බව කීම ට ඔහු ඉදිරි පත් වේ. කෙසේ වෙතත් එසේ බොරු කීම ගැන පසුව ඔහු මහත් සේ වැළපී ඇත. ඒ ගෙදර පැමි­ණී­මෙන් පසු ය. එහෙත් ඔහුගේ නැන්ද­ණිය සිතා ඇත්තේ ශුද්ධ වූ අව­තා­රය සිය දරුවා තුළට පිවි­සීම නිසා ඔහු එසේ වැළ­පෙන බව ය. කෙසේ වුව මේ කිය­වීම අපට ලබා දෙන අව­බෝ­ධය ගැන නිවැ­රැදි සවි­ඥා­න­ක­ත්ව­යක් ඔබට තිබිය යුතු ය. එය වනාහි හුදු ආගම් විරෝ­ධ­ය­කට පෙරලා ගැනී­මක් වශ­යෙන් නොවිය යුතු ය. නමුත් මිනිස් පැවැත්මේ සැබෑ හරය පිළි­බඳ ඥාන­නය කරනු වස් ඔබට මෙවැනි කිය­වීම් අවශ්‍ය ය. ලැන්ග්ස්ටන් හියුහ්ස් සිය රච­නයේ ලා මෙසේ ද පව­සයි.

“ඒත් ඇත්ත වශ­යෙන්ම මා හැඬුවේ මා කීවේ බොරු­වක් බව යන්න ඇය හමුවේ කිය­න්නට නොහැකි නිසා ය. මම එදා පල්ලියේ සිටි සිය­ල්ල­න්වම රැව­ටු­යෙමි. අද­ටත් දෙවි­යන් ගැන ලොකු විශ්වා­ස­යක් මට නැත. කිසි­දාක මට උප­කාර කිරී­මට දෙවි­යන් නොපැ­මි­ණෙනු ඇත.

ලැන්ග්ස්ටන් හියුහ්ස්

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive