පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

ඇත්තටම අපට විද්‍යා සාහිත්‍යයක් අවශ්‍ය නැද්ද?

 


ඇත්තටම අපට විද්‍යා සාහිත්‍යයක් අවශ්‍ය නැද්ද?

මීට වසර 11,500 කට පමණ පෙර (මේ වන විට ඒ වර්ෂ කාල නීර්ණය ඊට වඩා වැඩි විය යුතුය.) පැවති අතිශය දියුණු ශිෂ්ටාචාරයක් සාගරයේ ගිලී අතුරුදන් වූයේ යැයි ද ඒ වනාහි අත්ලාන්තික් දිවයින නම් භූ කලාපය වන්නේ යැයි ද යන ආහ්ලාදජනක ඒ ප්‍රවෘත්තිය එක්දාස් නවසිය අසු ගණන්වලදීත් නැවත ඉස්මතු වුයේ විද්‍යා ලොව හා පුවත්පත් ලොව ද එක සේ කළඹමිනි. ඒ වන විට ලේක්හවුස් ප්‍රවෘත්ති පත්‍ර ආයතනයේ කතුවරයකු වූ දයාසේන ගුණසිංහ සාම්ප්‍රදායික එවකට පැවති පුවත්පත් කලාවෙන් එහාට යමින් ඒ හා සම්බන්ධව ලිපි මාලාවක් ලියුවේ “සඳ මඬළින් ආ දෙවිවරු” යන අපුරු උත්ප්‍රාසාත්මක සිරස්තලය යටතේ ය. එපමණක් නොව “විද්‍යා හමුව” නමින් විද්‍යා දැනුම හා තොරතුරු සහිත ලිපි සරණියක් ද සිළුමිණ පුවත්පත විසින් ඉදිරිපත් කරන්නට යෙදුණේ විද්‍යා සාහිත්‍යයක වෙනුවෙන් තමන්ගේ සැබෑ උවමනාව මොනවට පෙන්වා දෙමිනි. පසුව වෙනත් පුවත්පත් ද විශේෂයෙන්ම විද්‍ය සාහිත්‍යය පාදක කරගත් විද්‍යා ප්‍රබන්ධ කතා පරිවර්තන පවා කොටස් වශයෙන් ඉදිරිපත් කරන තැනට පත් වුණි. 60 දශකය වන විට ලොව පුරා නැඟීී එමින් තිබු විද්‍යා සාහිත්‍ය ප්‍රබෝධය අපට දැනෙන්ට වුයේ 70 -80 දශකයන්හි සිටය කීවොත් නිවැරැදි ය. එතැනදී එවකට කැපී පෙනෙන මට්ටමේ ජාතික පුවත්පත් ආයතනයක් වු ලේක්හවුසියේ ඉදිරිපත් වීම සැලකිය යුතු තැනක තිබුණි.

“අත්ලාන්තික් දිවයින පිළිබඳ පුවත මෙන්ම එය නැවත සොයා ගැනීමේ පුවත ද එක හා සමානව අද්භූත ජනකය.”

“අත්ලාන්තික් දිවයිනේ නටබුන් අතරින් පළමුවරට මිනිස් ඇසට හමු වුයේ සුවිශාල දෙවොලකැයි අදහස් කරන ගොඩනැගිල්ලක මුදුනයි. එය වූයේ 1968 දී ය.” විශේෂත්වයකින් මෙන්ම කෘතවේදීව සඳහන් කළ යුත්තක් වේ.

විශේෂයෙන්ම විද්‍යා අධ්‍යාපනයට අදාල එහි විෂය මුලික වැදගත්කම් අවධාරණය කෙරෙන නව රාජ්‍ය ප්‍රතිපත්ති මාලා හමුවේ තවදුරටත් කුමන මට්ටමක හෝ නවකතා මුල් කොටගෙන මුදල් ත්‍යාග සොලවන සාහිත්‍ය ප්‍රකාශන සම්මානකරුවන්ට විද්‍යා සාහිත්‍යයක අවශ්‍යතාව පෙනී නොයෑම ගැන පුදුමයක් ඇති නොවුණත් ඒ පිළිබඳව උගතුන්ගේ නිහඬතාව ගැන නම් මවිතයට පත් නොවී සිටිය නොහැකිය. ලෝකය අලුතින් නිර්මාණය කළ, එකී නව වෙසෙස් විද්‍යා නිර්මාණ හමුවේ “ස්වර්ණ යුගය” වශයෙන් පතළ නමක් ඇති කරගත් 80 දශකය ඉල්ලා සිටි ඒ විද්‍යා සාහිත්‍ය අවශයතාව හමුවේ එවකට සිටි උගතුන් මෙන්ම ප්‍රකාශකයන් දැක්වු ඒ සවිඥනකත්වය ගැන සොයා බැලීම වෙනම අධ්‍යයනයක් නිර්මාණය කරනු ඇත. ඒ අනුව ගොඩනැඟුණ ඒ පුවත්පත් කලාව ද මෙරට විද්වතුන් සහ නව තාරුණ්‍යයක් හමුවේ පුළුල් සංවාදශීලි පාඨක සමාජයක් ඇති කළේය යන්න විවාද රහිත ය.

විශේෂයෙන්ම ලෝක විද්‍යා හැදෑරීම් තුළ භෞතික විද්‍යාව වැනි යාන්ත්‍රික විෂයයක් දාර්ශනික අධ්‍යයනයකට යොමුව තිබු එම කාල වකවානුවේ (එහි පුරෝගාමියා හැටියට සැලකෙන්නේ ඇල්බට් අයින්ස්ටයින් ය.) විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයට ලැබුණේ නොතිත් වටිනාකමකි. විශේෂයෙන්ම විද්‍යෘ පර්යේෂණයේලා “තෝර්ට් එක්ස්පරිමන්ට්” යන්න මතුවීම තුළ විද්‍යා පර්යේෂණ ද පරිකල්පනය මුල් කොටගත් ව්‍යායාමක් බවට පත් විය. හුදු භෞතික අත්හදා බැලීම් වලින් එහාට ගිය නිර්මාණශීලි කටයුත්තක් බවට ද පත් විය.

මෙරට පුවත්පත් කලාවට අදාළව මේ සම්බන්ධයෙන් මහත් අවධානයක් යොමු කළ දයාසේන ගුණසිංහ එය වෙසෙස් විශේෂාංග ඵුවත්පත් කලාවක් බවට පත් කළේ ඔහු ලේක් හවුසියේ සිටිදී ය. ඒ වෙනුවෙන් මහත් කැපවීමකින් කටයුතු කළ මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න වැන්නවුන්ගේ පුවත්පත් සාකච්ඡා මෙන්ම අධ්‍යයන පුර්වක නිර්මාණශීලි ලිපි ඒ පුවත් විශේෂාංග අතර නිතර දැකිය හැකි විය.

විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය සැමවිටම ඉලක්ක කරගත්තේ අනාගතයයි. අනාගතය නිර්මාණය කර ගැනීමයි. ප්‍රබන්ධයකින් නොකීවාට මිනිසා මුලින්ම ගින්දර සොයා ගැනීම ද අනාගත විද්‍යා ජයග්‍රහණයකි. විද්‍යා ලේඛකයන් පවසන අන්දමට ලෝකය පූර්ණකාලීනව ම අනාගතය වෙනස් කිරීමට යොමු වන්නේ රෝදය සොයා ගැනීමෙන් පසුව ය. ස්ටීව් ජොබ් ඇතුළු කණ්ඩායමේ ඇපල් නිෂ්පාදන දක්වාම ගලාගෙන ආවේ එකී විද්‍යා නිර්මාණශීලීත්වයයි. පර්යේෂණාත්මක පරිකල්පනයයි. ඒ අනුව විද්‍යා ප්‍රබන්ධ යැයි කියන්නේ හුදෙක් අද්භූත පරිකල්පනයක්ය යන්න තවදුරටත් ඇත්තක් නොවේ. එය එතැනින් නතර කළ යුතු ද නොවේ.

ඇත්ත වශයෙන්ම අනාගතවාදී දැක්මක් ඒ වෙනුවෙන් අපට අවශ්‍යය. සාම්ප්‍රදායික ඇමරිකන් නාසා ආයතන වල් වැදෙමින් ඉලොන් මස්ක්ගේ “ස්පේස් එක්ස්” නව ඉලෙක්ට්‍රොනික තාක්ෂණය හරහා අජටාකාශ ජයග්‍රහණ අත්පත් කරගනිමින්, නව අධි තාක්ෂණ විප්ලවීය නිෂ්පාදන බටහිර ලෝකය හමුවේ දෛනික පරිභෝජන භාණ්ඩ බවට පත් වෙද්දී අප විද්‍යා අධ්‍යාපනය මෙන්ම අපගේ ජීවන විලාසයේ අනාගත පැවැත්ම ගැන විවේචනාත්මක සිතා බැලීමක් අද අපට අවශ්‍ය ය. තවද එය පොදු කියවීමක්, නව අපේක්ෂාවක් බවට පත් කරගත හැක්කේ පරිකල්පනීය විද්‍යා සාහිත්‍යයක් හරහා ය.

ලෝක යුද්ධ දෙකකින් පසු විනාශ වූ මනුෂ්‍යත්වය හමුවේ නව නිර්මාණශීලි විද්‍යා අධ්‍යාපනයක් වෙනුවෙන් අධ්‍යාපනයක් සහ නිර්මාණ ප්‍රවේශයක් වෙනුවෙන් කීර්තිමත් විද්‍යාඥ මහාචාර්ය කාල් සේගන්ගේ 70 -80 දශකයන්හි පැවති නිරවි යුද්ධයට ද එරෙහිව ලොව විශිෂ්ටතම (මානව සම්භවයට අදාළව) විද්‍යා රූපවාහිනි මාලා වැඩ සටහනක් වු “කාස්මස්” වැනි නිර්මාණශීලි මාධ්‍ය නිදර්ශන හමුවේ අප, අප වෙනුවෙන්ම ප්‍රගති වාර්තාවක් ලබාගත යුතු කාලය පැමිණ ඇත. ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංග ද ඒ හා සමාන අත්දැකීම් නිර්මාණශීලි විද්‍යා සාහිත්‍යයට දැක්වූ දායකත්වය යළිත් සිහිපත් කරගැනීම මැනවි. තවද ආචාර්ය ඊ. ඩබ්ලිව් අදිකාරම් විද්‍යා විෂය සිංහල විෂය ධාරාවන්ට එකතු කරමින් කටයුතු කරන්නේ ද මේ කියන කාලයේ ය. විද්‍යා අධ්‍යාපනය සිංහල බසින් ඉගැන්වීමේ හැකියාව සම්බන්ධයෙන් ආචාර්ය අදිකාරම් මුල් කොටගත් උගතුන් සිය අධ්‍යාපන ක්ෂේත්‍රයට එකතු කළ වර්ධනයන් ඉතිහාසය තුළ නිහඬ වීමට ඉඩ නොදිය යුතුය.

බටහිර පවා පැවැති සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රම විවේනයට ලක් වෙමින් පැවතුණේ විද්‍යා අධ්‍යාපනය මුල් කර ගනිමිනි. මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ඒ සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් අසාධාරණයට අතිශයින්ම ලක් වු පුද්ගලයෙක් වේ. එනිසාම ඔහු සපල මෙන්ම නිර්මාණශීලි අධ්‍යාපනයක් වෙනුවෙන් සිය ජීවිතයෙන්ම කැප වුණේ ය. මහාචාර්ය කාල් සේගන්, අද වන විට මහාචාර්ය නීල් ටයිසන් මෙන්ම තවත් ප්‍රගතිශීලි ප්‍රබුද්ධ විද්‍යාඥයන් හමුවේ නව නිර්මාණාත්මක විද්වත් විෂය ධාරාවන්ගෙන් ලොව විද්‍යා අධ්‍යාපනය පෝෂණයටත්, ප්‍රබෝධයටත් ලක්ව ඇති මේ යුගයේ අප සිටිය යුතු තැන ගැන වෙසෙස් අවධානයකට ලක් විය යුතු වේ.

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive