පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

Wedakata nethi potha (වැඩ­කට නැති පොත)

 

උපුටා ගැනීම සිළුමිණ දීපානි අතිරේකය 

මාධ්‍ය ලෝකයේ රස­ව­තුන් ගේ කතාව

සංඛ අම­ර්ජිත් ගේ‘වැඩ­කට නැති පොත’

සංඛ අම­ර්ජිත්

එදා මෙදා­තුර මාධ්‍ය ලෝකය අරුත් ගැන්වූ රස ගැන්වූ අපූ­ර්ව­තම චරිත බොහෝ ය. ජීවි­තය හැර ගියද ඒ මතක සහෘද හද­වත් තුළ සදා­ත­නික වේ. ප්‍රවීණ මාධ්‍ය­වේ

දී සංඛ අම­ර්ජිත් විසින් රචිත ‘වැඩ­කට නැති පොත’ මාධ්‍

ය කලාවේ සොඳුරු මතක සහ චරිත පිළි­බඳ කියැ­වෙන අපූරු කෘති­යකි. වර්ත­මා­නයේ සංඛ අම­ර්ජිත් රූප­වා­හිනී ප්‍රේක්ෂ­ක­යන් අතර ප්‍රක­ටව 

සිටින්නේ ජන­ප්‍රිය නිවේ­ද­ක­යකු ලෙස­ටය. 1990 දශ­කය අග­භා­ග­යේදී ඔහු විසින් ‘සඳ­රේණු’යොවුන් පුව­ත්ප­තට ලියූ ‘කොමි­ටල් විජි­තය’ එකල යොවුන් පර­පුර අතර අති­ශ­යින් ජන­ප්‍රිය විශේ­ෂාං­ග­යක් විය. සංඛ අම­ර්ජිත් නම් ඒ ජන­ප්‍රිය ලේඛ­කයා පසු කලෙක සිරස එෆ්.එම් ගුවන් විදුලි නාළි­කාවේ ආර­ම්භක සාමා­ජි­ක­යකු වෙමින් එහි නිවේ­ද­ක­යකු ලෙස කට­යුතු කළේය. මේ වන විට ඔහු නිවේ­ද­ක­යකු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයේ නිර­තව සිටින අතර වෘත්ති­යෙන් නීති­ඥ­යකු ලෙස කට­යුතු කරයි. ‘වැඩ­කට නැති පොත’ කෘතිය පිළි­බඳ සංඛ අම­ර්ජිත් මෙසේ පැව­සීය.

“පත්ත­රේට ‘කොමි­ටල් විජි­තය’ ලිව්වට පස්සේ මට එවැනි විශේ­ෂාං­ග­යක් හෝ පොතක් ලිවී­මට විවේ­ක­යක් ලැබුණේ නැහැ. බොහෝ දෙනා­ගෙන් ඉල්ලීම් තිබුණා ආයෙ­මත් ලියන්න කියලා. නමුත් මාධ්‍ය කට­යුතු සහ වෘත්තීය කට­යුතු එක්ක කාර්ය බහුල වීම නිසා මට ලේඛන කට­යු­තු­වල යෙදෙන්න විවේ­ක­යක් තිබුණේ නැහැ. ඒ අතරේ එම්.ඩී. ගුණ­සේන සමා­ගමේ ප්‍රචා­රක කළ­ම­නා­කරු ජය­ම්පති මහතා මට යෝජනා කළා ‘කොමි­ටල් විජි­තය’ පොතක් කරන්න. නමුත් අවි­වේකී බව නිසා ම මට ඒ ලිපි ටික සකස් කරලා දෙන්න­වත් අව­ස්ථා­වක් ලැබුණේ නැහැ. ඔහොම ඉන්න­කොට කොවිඩ් 19 අව­දා­නම නිසා පහු­ගිය දව­ස්වල ලොකු විවේ­ක­යක් ලැබුණා. ඒ නිසා මට හිතුණා පොතක් කර­නවා නම් අලුත්ම දෙයක් කරන එක වඩා සුදු­සුයි කියලා. ඒ උත්සා­හයේ ප්‍රති­ඵ­ල­යක් විදි­හට තමයි ‘වැඩ­කට නැති පොත’ පොත එළි­ද­කින්නෙ.“

‘වැඩ­කට නැති පොත’ බැලූ බැල්මට ම අමුතු නමකි. පොතේ පිට කව­රයේ ඉහ­ළින් ම සඳ­හන් වන්නේ ”වැඩක් තිය­නවා කියලා හිතෙ­නවා නම් විත­රක් කිය­වන්න”කියා ය.

මේ අමුතු පොත ගැන අමුතු කතාව අප කතු­ව­ර­යා­ගෙන් විම­සු­වෙමු.

“මාධ්‍ය ක්ෂේත්‍ර­යට ආව දා සිට මම ඇසූ දුටු අත්විඳි රස­වත් සිදු­වීම් සමු­දා­යක එක­තු­වක් විදි­හට මේ පොත හඳුන්වන්න පුළු­වන්. සත්‍ය සිදු­වීම් සහ සැබෑ චරිත පාදක කර­ග­නි­මින් අන්ව­ර්තිත නම් යොදා ගනි­මින් තමයි පොත ලිව්වේ. එවැනි රස­වත් කතා 30ක් පොතට ඇතු­ළත් වනවා. ඒ අත­රින් පළ­වැනි කතාවේ නම වන ‘වැඩ­කට නැති පොත’ කියන නම තමයි පොතේ නම විදි­හට යෙදුවේ.”

මෙවැනි කෘති­යක් ජන­ගත කිරීමේ අපේ­ක්ෂාව ගැන මාධ්‍ය­වේදී සංඛ අම­ර්ජිත් මෙසේ පැව­සීය.

“බොහෝ අය කිය­නවා ඉස්සර හිටපු මාධ්‍ය­වේ­දීන් ඉතා සුන්දර, අපූරු පුද්ග­ල­යන් කියලා. එවැනි පුද්ග­ල­යන් මිය­ගි­යත් ඔවුන්ගේ මතක අපි නිත­රම සිහි කර­නවා. එවැනි සුන්දර රස­කාමී පුද්ග­ල­යන් අද මාධ්‍ය ක්ෂේත්‍ර යෙත් සිටි­නවා. නමුත් බොහෝ වෙලා­වට ඒ සිදු­වීම් සමා­ජ­ගත වන්නේ නැහැ. සමා­ජය සුන්දර කරන, රස­වත් කරන එවැනි මාධ්‍ය වේදීන් ගැන කිය­න්නයි මම මේ කෘතිය මගින් අද­හස් කළේ”

පසු­ගිය 23 වැනිදා කොළඹ ජාත්‍ය­න්තර පොත් ප්‍රද­ර්ශණ භූමියේ ඇම්. ඩී. ගුණ­සේන ප්‍රද­ර්ශන කුටි­යේදී මාධ්‍ය වේදී සංඛ අම­ර්ජිත්ගේ ‘වැඩ­කට නැති පොත’ කෘතිය ජන­ගත විය. රේඩි­යෝ­ව­ලත්, ටෙලි­වි­ෂ­න්ව­ලත් සිදුවූ උප­හා­ස­යෙන් හා වැඩ­කට ඇති කතා­ව­ලින් පිරුණු ’වැඩ­කට නැති පොත‘ වැඩ­කට නැති පොතක් දැයි තීර­ණය කිරීමේ අයි­තිය කතු­ව­රයා නිහ­ත­මා­නීව පාඨක ඔබට බාර කළේය.

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive