පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

Petha-පේත

 2020/09/13 -ඉරිදා සිළුමිණ පත්‍රයේ "දීපානි " අතිරේකයේ පලවුන ලිපියකි 


හෙව­ණැලි වෙසින් මතු වූ ඒ දේශ­පා­ලන කියැ­වීම
එරික් ඉලි­යප් ආරච්ච

ග්‍රන්ථයේ නම - පේත

කර්තෘ - එරික් ඉලි­යප් ආරච්චි

ප්‍රකා­ශ­ක - ඇස්. ගොඩගේ සහ

සහෝ­ද­රයෝ

මිල රු. 300 (පිටු 112)

“පේත” යන නමෙහි අරුත කුමක්ද? එය කිනම් හඳු­නා­ගැ­නී­මක් ද? එරික් ඉලි­යප් ආරච්චි නම් මේ කෘතියේ කතු­ව­රයා පව­සන අන්ද­මට කෘති­යක් වශ­යෙන් මෙය මුලාශ්‍ර දෙකක් මතින් ප්‍රතිනිර්මා­ණය වී තිබේ. ඉන් එකක් වන්නේ බෞද්ධ සාහි­ත්‍ය­යට අයත් කතා වස්තු­වක් සේ ගැනෙන පේත වත්ථු ය. අනෙක් චිර­න්තන විදෙස් මූලා­ශ්‍ර­යක් වන ඩානිටේ කවි­යාගේ “දිව්‍ය­මය ප්‍රහ­ස­නය”

නම් කාව්‍යා­ව­ලි­යයි. ඊට අනුව මිනි­සාගේ මතු පැවැ­ත්ම­වල් වශ­යෙන් ස්වර්ග­යක් පවතී. අපා­යක් ද පවතී. තවද මේ දෙක­ටම අයත් නොවන අත­ර­මැදි තත්ව­යක් ද පවතී. ඒ ස්ථානය හඳු­න්වන්නේ පවු­කා­ර­යන් සිය අප­විත්‍ර බව නැති කර­ගන්නා තැන වශ­යෙනි. ඉදින් මෙය වනාහි අතී­තයේ සිට එන සමාජ දේශ­පා­ල­නික පැවැත්ම හමුවේ මිනිසා මුහුණ පා ඇති ජීවිත ඉර­ණම විග්‍රහ කිරී­මට කදිම සංක­ල්ප­යක්ම වන්නේ ය. කතු­ව­ර­යාට අනුව ද එය එසේ ය. වෙසෙ­සින් අපගේ චිර­න්තන සාහි­ත්‍යයේ එන පේත යන හැසි­රීම ගත් කල අපට දකි­න්නට ලැබෙන්නේ කාය පැවැ­ත්ම­කින් මෙන්ම ආත්මීය තත්ව­යෙන් ද වියුක්ත හෙව­ණැලි වන් හැසි­රී­මකි. ඊට සිංහල බසින් “හේම­ලයා” යන අරුත් දිය හැකි යැයි කතු­ව­රයා පව­සයි. ඉදින් එය සමාජ නැඹු­රු­තා­වක් ලෙසින් ගැනී­මට තමන්ට කල්ප­නා­වක් පහළ වුයේ යැයි වැඩි දුර­ටත් යට කිය­න්නට යෙදුණු තත්වය විස්තර කර­මින් කතු­ව­රයා පෙන්වා දෙයි. තවද බැරැ­රුම් ඉති­හාස ගම­නක් ආ මිනිස් වර්ග­යාගේ ඒ අතීත වර්ත­මාන ඵෙති­හා­සික මනුෂ්‍ය භූමි­කාව විශේ­ෂ­යෙන්ම මෙරට වාමාං­ශික ව්‍යාපා­රය මුල් කොට­ගෙන ප්‍රති­නි­ර්මා­ණය කිරී­මට තමන් පේත නම් සිය නව­ක­තාව මඟින් උත්සාහා කළේ යැයි ද ඔහු සඳ­හන් කරයි.

ලංකාවේ වාමාං­ශික ව්‍යාපා­ර­යේලා මුලින්ම අපට දකි­න්නට ලැබෙන්නේ මෙරට අධි­රාජ්‍ය විරෝධි ජාතික නිද­හස් සටන පසු­බිම් කර­ග­නි­මින් බිහි වු සාම්ප්‍ර­දා­යි­ක­වම ය. නිද­හස ලැබී­මෙන් පසුව ඇතැ­ම්විට විය යුතු අයු­රින්ම ඔවුන් සිය භූමි­කාව පාර්ලි­මේන්තු ජය­ග්‍ර­හ­ණ­යක් මඟින් සමා­ප්ති­යක් කරා ගෙන යද්දී ඒ අලුත් දේශ­පා­ලන අත්දැ­කී­මට එරෙහි සටන් ප්‍රවේ­ශ­යක් හැටි­යට 1971 හට­ගත් ජනතා විමුක්ති පෙර­මුණේ කැරැල්ල මෙරට වාම ව්‍යාපා­රයේ දෙවන අව­ස්ථාව වශ­යෙන් හඳු­නා­ගැ­නෙයි. මෙහි තුන්වන අව­ස්ථාව හැටි­යට (පේත නව­ක­තා­වට අනුව) 89 සිදු වූ කැර­ලි­කා­රී­ත්වය හඳු­නා­ගෙන තිබේ. කතු­ව­රයා එහිලා නිරූ­ප­ණය කොට ඇති ආකා­ර­යට මේ තුන් ආකාර වූ හැසි­රීම්හි තුන් වැදෑ­රුම් සමාජ දේශ­පා­ල­නික නිරූ­ප­ණ­යක් දැකිය හැකි වේ.

නව­ක­තාව පෙන්වා දෙන අන්ද­මට දේශ­පා­ලන ඝාතන සම්බ­න්ධ­යෙන් ද අපේ දේශ­පා­ලන ඉති­හා­ස­යට අදා­ළව වාර්තා සට­හන් නිර්මා­ණය වී තිබේ. සාම්ප්‍ර­දා­යික වමේ සම්බ­න්ධ­තා­වක් මතු කෙරෙන හර්තාල් ව්‍යාපා­ර­යෙන් පසු එව­කට අග­මැති ඩඩිලි සේනා­නා­යක සිය ධුර­යෙන් ඉල්ලා අස්වන්නේ ඊට එරෙ­හිව තැබූ පොලිස් වෙඩි ප්‍රහා­ර­ව­ලින් මිනි­සුන් මිය යාම නිසා යැයි කියැවේ. 71 කැරැල්ල සම්බ­න්ධ­යෙන් ද එවැ­නිම තත්ව­යක් ප්‍රකා­ශිත අතර 89 යනු අර තත්ව­යන්ට වඩා ඉහ­ළින් ගිය බර­ප­තළ ඝාතන රැල්ලක් නිර්මා­ණය කළ තත්ව­යක් බවට පත් වේ.

මෙම නව­ක­තාවේ සමාජ දේශ­පා­ලන සංසිද්ධි ප්‍රකා­ශ­නය තුළ ජාතිය මුල් කර­ග­නි­මින් පැන නැඟුණ උතුරු නැගෙ­න­හිර සිවිල් යුද තත්වය විමසා බැලෙන තත්ව­යක් දැකිය හැකි වේ. කෙසේ වුව මේ සියලු සංසිද්ධි වලට මුල­ස්ථා­න­යක් බඳු තැනක් මෙහි වේ. එය කඩ­යකි. නිවස ඇත්තේ කඩයේ උඩ­ත­ට්ටුවේ ය. පැරණි වම නියෝ­ජ­නය කර­මින් මෙම කඩය තුළ වෙසෙන වය­ස්ගත වෙමින් සිටින.

මුද­ලා­ලිගේ පුත්‍රයා අපට හමු­වන්නේ 71 න් බිහි­වන වාමාං­ශික ක්‍රියා­කා­රි­ක­යෙකු හැටි­යට ය. කෙසේ වුව 89 නිර්මා­ණය වන තරුණ වාම­වා­දීන්ගේ කැරැල්ලේ නියෝ­ජි­තයා වන තරු­ණයා එක්තරා ආකා­ර­ය­කට අනි­යම් සග­යක ප්‍රති­ඵ­ල­යක් යැයි ද පැව­සිය හැකි වේ. විශේ­ෂ­යෙන්ම යුද බිමක මිය යාමේ අපේ­ක්ෂා­වෙන් ඔද වැඩුණ දමිළ ගැහැ­නි­යක පිළි­කා­ව­කින් මිය යාමට නිය­මි­තව සිටිය දී

සය­න­යිඞ් කා සැඟ­වුණ කුතු­හ­ලය තුළ මිය යන්නේ අර අනි­යම් සම්බ­න්ධ­තා­වයේ හැඩ තල ද ඉතිරි කර­මිනි. මෙම කෘතියේ පවත්නා විශේ­ෂ­ත්වය වන්නේ කිසි­යම් ආකා­ර­යක සංකේ­තා­ත්මක දේශ­පා­ලන හැසි­රීම් වශ­යෙන් ගත හැකි මනුෂ්‍ය සබ­ඳ­තා­වන් ය.

කෙසේ හෝ වේවා 89 දේශ­පා­ලන කැරැ­ල්ලත්, එල්.ටී.ටී.ඊ. වාදින්ගේ කැරැ­ල්ලත් අව­සා­නයේ අපු­ර්වා­කාර දන්ත ශල්‍යා­ගා­ර­යක් අසල වෙසෙස් ආකා­රයේ නාට­කීය ශෛල­ය­කින් දේශ­පා­ල­නික මුහු­ණු­වර ද සහිත ප්‍රේම සම්බ­න්ධ­තා­වක් ද පේත හි හමුවේ එහෙත් එය කොයි ආකා­ර­යෙ­න්වත් කරු­ණා­සේන ජය­ලත්ගේ වෙරළු ගෙඩි වලින් ප්‍රකාශ වු අන්දමේ සුන්දර ප්‍රේම­යක් නම් නොවේ ඒ බව තහ­වුරු කර­මින් මිනි­සුන්ගේ ගලවා ඉවත් කළ දත් වලින් නිර්මා­ණය වු කලා නිර්මා­ණ­යක් ද ඔබට මෙහිදී හමු වනු ඇත.

එවැනි වු පසු­බි­මක හැසි­රෙන ඒ සමාජ දේශ­පා­ල­නික හැසි­රීම් සිය කාල වක­වානු නියෝ­ජ­නය කරන්නේ අර කී හේම­ල­යන්ගේ ස්වභා­ව­යෙනි. කතු­ව­රයා ඒ වෙනු­වෙන් යොදා­ගත් ඒ පේත වත්ථු ආකෘ­තිය කදිම තෝරා­ගැ­නී­මක් බව පැහැ­දි­ලිය. “හෙව­ණැලි අවදි නොම­වන වැව් ඉවුර”ක් විෂ­ය­යි­කව විම­ල­රත්න කුමා­ර­ගම ලියු කවි­යක් මෙහිදී සිහි­පත් වේ. එහෙත් ඒ ස්වාභා­වික හෙව­ණැලි මෙන් නොවන වෙනස්ම සමාජ දේශ­පා­ලන කිය­වී­මක් මේ හෙව­ණැලි ඔබ හමුවේ තබා ඇත. ඒ ඔබේ විම­ර්ශ­නය වෙනු­වෙනි.

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive