ග්‍රන්ථය - සරණ සොයමින
කර්තෘ - රන්ජිත් ධර්මකීර්ති
සඛිල ප්රකාශනයකි
මිල - රු. 480
ජෝන් ග්‍රේ විසින් ලියන ලද “වුමන් ආ ෆ්‍රොම් වීනස් මෙන් ආ ෆ්‍රොම් මාස්” (කාන්තාවෝ සිකු ග්රහයාගෙනි පුරුෂයෝ අඟහරුගෙනි.) ග්‍රන්ථයේ පැවසෙන අන්දමට කාන්තාවෝ සහජයෙන්ම සුලලිත ය. මුදු මොළොක් ය. පුරුෂයන් හැඩි දැඩි ය. එඩිතර ය. එසේ හෙයින් මේ දෙපාර්ශ්වය සම්බන්ධ විය යුත්තේ සියුම් වැටහීමකිනි. අවබෝධයකිනි. තොල්ස්තෝයිගේ ඇනා කැරනිනා එක් අවස්ථාවක දී තමන්ට ද නොවැටහෙන ආකාරයට ඇති කරගන්නා හැගීම්බර සම්බන්ධතාවක් අවසානයේ දී සිය ගේහසිත පැවැත්ම සමඟ ගැටුමක් බවට දුර දිග යෑම හේතු කොටගෙන දුම්රියකට පැන සිය දිවි නසා ගත්තා ය. ඒ විෂම මානසිකත්වය කුමක් ද?
රන්ජිත් ධර්මකීර්තිගේ “සරණ සොයමින” නවකතාව ගැහැනියගේ විශේෂතාව හා විෂමතා වෙනුවෙන් ඇති කරගත් පරිකල්පනාත්මක තත්වයක් මත පිහිටමින් ලියුවක් බව ඔහුගේම අදහස් අනුව පෙනී යයි. ඇනා කැරනිනා ව ඔහු ඊට උදාහරණයක් හැටියට ගනියි. නවකතාවේ එන සඳලතා බොහෝ ආර්ථික ගැහැට මැද රබර් කිරි කපා ජීවත්වන්නියකි. එහි ම අනිත් ගැහැනු චරිතය වන අපර්ණා මැණිකේ ප්‍රභූ පවුලක ඉපිද ගායන ශිල්පය ප්‍රගුණ කොට නිරූපණ ශිල්පිනියක හැටියට බොහෝ ආදායම් ඇතිව එහෙත් අසහනකාරී ලෙසින් ජීවත්වන්නියකි. මේ වනාහි සරණක් නැතියවුන් සරණක් සොයමින් යන ගමනක් ලෙසින් කතුවරයා දකියි. ඔහුගේම වචන වලට අනුව “මෙම නවකතාව ගොඩ නැගීමේදි ඉහත ඇනා කැරනිනා වැනි කාන්තා චරිතවල විශේෂතා ජෝන් ග්‍රේ පවසන විෂමතා මසිතට බල පෑ බව කිව යුතු ය.”
කාන්තා චරිතවල පවත්නා විශේෂතා මෙන්ම විෂමතා ඒ කෙසේද යත්, “ලොව ඈත ඉතිහාසයේ ද, කාන්තාවන් මුල් වූ මෙවැනි ඛේදවාචක වාර්තා වී ඇත. හෝමර්ගේ ඉලියඞ් කාව්‍යයේ එන ට්‍රෝයි පුරයේ හෙලන් නිසා දස අවුරුදු යුද්ධයක් ඇවිළේ.” ඒ අනුව යමින් ඔහු සටහන් කරන්නේ පුරාතන ග්‍රීසියේ ඇන්ටිගනී, ඊජිප්තුවේ ක්ලියෝ පැට්රා, ශේක්ස්පියර්ගේ කාන්තා චරිත මෙන්ම ලංකා පුරාවෘත්තයේ එන කුවේණිය වුව අර කියන්නට යෙදුන විශේෂතා මෙන්ම විෂමතා පෙන්වා දෙති. ඊට අදාළව තමන් අතින් නිර්මිත කාන්තා චරිත සම්බන්ධයෙන් ධර්මකීර්තිගේ හඳුනාගැනීම මෙසේ ය.
“ඔව්හු මුළු මහත් කාන්තා සංහතිය මුහුණපාන ආර්ථික සංස්කෘතික හා අධ්‍යාත්මික සුළි සුළඟකට අසු වුවෝ නොවෙත් ද?”
ඒ අනුව තමන්ගේ උත්සාහය වූයේ එකී ජීවන අරගලයට මුහුණ දෙමින් සිටිය දී ඔවුන්ගේ චින්තනය වේෂ්ටාවන් හා මනෝභාවයන් සැකසෙන ආකාරයට මෙම චරිත විකාශනය කිරීම යැයි ඔහු පවසයි. එසේ නිර්මිත චරිත විසින් කියන්නා වූ ඒ කතාව කියවා පාඨකයා කම්පනයට පත්ව නම් එය එහි සාර්ථකත්වයට හේතුවක් ලෙසින් ඔහු දකී.
නවකතාකරුවා සහ ඔහුගේ නවකතාව විසංවාදයකට පත් වන්නේ මෙතැනදීය. නවකතාවක අවසාන නිෂ්පත්තිය වන්නේ හුදෙක් කම්පනයට පත් වු පාඨකයෙක් ද?
නවකතාවක් යනු හුදු
කම්පනයක් දැනවීමක් ම ද?
0 Comments:
Post a Comment