පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

erthu aga shesha path -සෘතු අග ශේෂ පත්


සෘතු අග ශේෂ පත් 

2020/10/10 සිළුමිණ දීපානි අතිරේකයන් උපුටා ගන්නා ලද අතර  මෙහි කතුවරයා හට අපගේ ප්‍රණාමය පුද කරසිටිමු.  

කෘතිය - සෘතු අග ශේෂ පත්

කර්තෘ - උපෙ­කලා අතු­කෝ­රළ
මිල- රු: 250/= පිටු 68
සන්ථව ප්‍රකා­ශ­න­යකි

“සෘතු අග ශේෂ පත්“ උපේ­කලා අතු­කෝ­ර­ළගේ තුන්වැනි කාව්‍ය සංග්‍ර­හ­යයි. ඇගේ පළමු කාවය සංග්‍ර­හය වන්නේ 2012 කළ “පර­ත­රය“ කාව්‍ය සංග්‍ර­හ­යයි. දෙවන කාව්‍ය සංග්‍ර­හය වන්නේ 2015 දී එළි දක්වන ලද “සංක්‍රා­න්ති­යක සැණ­කෙළි“ කාව්‍ය සංග්‍ර­හ­යයි.
සෘතු අග ශේෂ පත් කාව්‍ය සංග්‍ර­හයේ ඇය ලියන්නේ ඇයට දැනුන දේය. ඇය විදින අත්වි­දින අත්විදි දේය. නිවිම එකම මාතෘ­කාව වුවද එක් එක්කෙනා එය අර්ථ දක්වන විදිය වෙනස්ය. පරි­ච්ජේද ගණ­නා­ව­කින් නිවීම ගැන කෙනෙකු අර්ථ දක්වන විටෙ කිවිද එය පේලි හත­ර­කින් ගෙන හැර දක්වයි. ඒ ඇය නිවීම දකින ආකා­රය යැයි සිතේ. නමුදු මේ කෙටි වදන් තුළ ඈ කියූ මෙන්ම අපට සිත­න්නට පොළ­ඹ­වන බොහෝ දිග දුර අද­හස් ඇත.
“හන්තාන සිඹ වැටි මහ­වැ­ලිය වඩා­ගත්
දිගු පවන් නැටූ සෘතු අග සේශ පත්
සුළි මවා මඟ කැළඹු දිය මතම වී තිරස්
සීරු­වට පාව විත් ඉවුරු තුරු යට නිවෙත්“
ජීවි­ත­යට ඕනෑ­ත­රම් මිනි­සුන් හමුවේ. අප ඒ හැම කෙනෙ­කු­ටම සිතෙන් බැදෙන්නේ නැත. ඇතැ­මුන් කුමක් හෝ හේතු­වක් නිසා සිත ගනී. ඒ සිත ගත් අය අත­රි­නුත් ජීවි­තය සමඟ එක්ව ගමන් කරන්නේ ඉන් වඩාත්ම සිත් ගත් කෙනාය. මෙතෙක් ආ ගම­නේදි අත­ර­මඟ අත­හැ­රුණු, අත­හැර දැමු සිතින් පම­ණක් බැඳි සිටිය වුන් අද කොහෙ­දැයි ආපසු හැරි බැලී­මේදි සිතේ. එක්කෝ ජීළුි­තය විය­පත් වීය. නැත්නම් තේරුම් ගැනීම්, තේරුම් ගැනී­මට අසීරු වීම් හෝ වෙනත් කුමක් හෝ හේතු­වක් නිසා සියල්ලෝ අත­හැරි ඇත. ජීවි­තය කොට්ට වී ඇත. නමුදු කොට්ට වූවා යැයි කියන්නේ අප­හා­ස­යක් නොවේ. අත්දැ­කිම් වලින් පරි­පූර්ණ වුවා වන්නට බැරි නැත. මන්ද කොට්ට වන තර­මට යම් ඵල­යක් කාල­යක් තියෙ­න්නේය. එය යළිත් දිය පොහොර දමා පෝෂ­ණය කරන්නේ නම් දළුලා වැඩෙ­න්නේය. කිවි­දිය මේ කිය­න්නට තැත් දර­න්නේද එවන් කතා­වකි. යම් යම් දේ , ඉවත ලිය හැකි දේ ඉවත විසි කළ විට ගෙවුණ ජීවී­තයේ ගන්නට දෙයක් ඇත. ඇගේ මාතෘ­කාව “බිජු“.
දෙදෙ­නෙකු අතර පෙමක් වුව පල­ද­රන්නේ දෙදෙ­නාගේ අද­හස් යෝජනා, තේරුම් ගැනීම් ගැල­පුණ විටය. නමුදු දෙදෙ­නා­ගෙන් දෙදෙ­නා­ටම ඵලක් නොවු විට එය ද බිඳි යන්නේය. මේ කවියේ අන්ති­මට කිවි­ඳිය ජීවි­තයේ අතර මඟ හමු වී අත­හැ­රිය, මඟ­හැ­රිය මඟ­හැ­රුණ පිරි­මින ගැන ලියන්නේ උප­හා­ස­යෙන් මෙනි. 
එක සැනින් හද පළා
බිජුව දෝතට ගනිමි
කොට්ට වූ ජීවිතේ
කට්ට විසි­කර දමමි..
පෙහෙළි නිම්නය අරා
එ‘ඇට විසි­කර හරිමි
මුල් සිදී ගල්ව ගිය
කඳුළු ඉස බිම තෙමමි..
පස පළා දෙපෙ­ති­ලන
ජීව­යට පණ පොවමි
මතක පර­ඬ­ලා­පත්
කිරි මුල්හි පස් කරමි...
කලක් පන පොවා ගත්
පන්න­රය ඉහළා ගමි
සර­තැ­සින් සැලෙ­න්නට
ළදැ­ල්ලට ඉඩ නොදෙමි...
තනිව මා පෙම්බැන්ද
මාන­ව­ක­යන් අඹමි
පඹ­යන්ට අන්දවා
නියර මිටි තැන අනිමි...
අපට එක් එක් සිහින ඇත. එක් එක් කෙනා මෙන් වන්නට සිහින ඇත. කෙනෙ­කුට මෙසේ ද සිතිය හැකිය. “මට ඕනි දෙම­ලි­ච්චි­යක් වෙන්න“. ඒ කිවි­ඳි­යගේ කවියේ මාතෘ­කා­වයි. “කුරු­ල්ලෙක් වගේ ඈත අහසේ පිය­ඹලා යන්නට ඇත්නම්“ ජීවි­තයේ යම් දිනෙක මට ද සිතී ඇත. එය ඔබට ද සිතී ඇතු­වාට සැකක් නැත. නමුදු කිවි­ඳිය කියන්නේ නිතර දෙවෙලේ තොර­තෝං­චි­යක් නැතිව කිය­වන කුරුලු ලොවේ පුංචි කුරු­ල්ලෙකු වෙන්නට ඇත්නම් ඇයට පුංචි පුංචි තක්ක­ඩි­කම් කර­න්නට ඇති හැකි­යා­වයි. ඒවා මිනි­සුන් පෙළන , උනුන් පීඩා­වට පත් කර­න්නක් නොවේ. මේ සමාජ වැසි­යන් හැසි­රෙන, කට­යුතු කරන ආකාර ගැන ඇතැම් අව­ස්ථා­වල අපට ප්‍රශ්න ඇත. නමුත් ඒ පිළි­බද ප්‍රශ්න කිරීමේ ඔවුන් හා පැට­ලෙ­මින් ඒ ප්‍රශ්න­යේම ගිලි සිටීමේ ඒවාට විස­ඳුම් හෙවීමේ ක්‍රම­යක් ද අපට නැත. නමුදු ඒ කිසි­ව­කට එරෙ­හිව නොගිය ද දෙම­ලි­ච්චි­යක් වන්නට පුළු­වන් නම් හිතේ ඇති පීඩාව පිට­කර හරි­න්ටද පුළු­වන. එය කෙනෙ­කුට රිද­වී­මක් දඩු­වම් දීමක් නොවේ. ඒ කෙසේ ද යත්
“මට ඕන දෙම­ලි­ච්චි­යක් වෙන්න
හිතේ ඇති දේ මහ හඬින් පව­සන්න
පුහු මානයේ මාල කඩා විසු­රා­ලන්න
කෙටි උසින් ළඟ ළඟ පිය­ඹන්න
සද්ද බද්දේ නැතුව දුෂ්ට­යන් හිස­ම­තට
චුරුස් ගා වර්චස් හෙළා හැංගෙන්න
හීන් සැරයේ චොර මුණු දැක ගන්න
කට මැත නොදො­ඩාම නික්මෙන්න
මට ඕන දෙම­ලි­ච්චි­යක් වෙන්න....“
හැම ගැහැ­නි­ය­කම විවාහ වන්නේ නැත. විවාහ වුණ දඇ­තැම් විවා­හ­යන් රදා පව­තින්නේ ද නැත සියල්ල සම්පුර්ණ තරු­ණි­ය­කට හිමි­යෙකු නොලැ­බුණ විට ගමේ ගොඩේ කතා­වක ඇත්තේ සසරේ පතා­ගෙන නොපැ­මිණි නිසා ඒසේ තනි­කඩ වී ඇති බවය. පතා ආගෙන කෙනෙක් නොමැ­ති­යෙන් තනි­ක­ඩව සිටි­න්නට එකම හේතුව එය­මද? ඇය සමා­ජ­යෙන් ප්‍රශ්න කරන්නේ යැයි සිතේ.
“සම­හර යශෝ­දා­වන්“ ඇය එසේ ලියයි
“සම­හර
යසෝ­දා­වන් වෙත්
පතා­ගෙන නොආ­වෙත්
තනි ගමන්......“
ගැහැ­නිය බොළ­දය, සුර­තල්ය, සියු­මැ­ලිය, කාරු­ණි­කය, මේ ආදි වු තවත් බොහෝ වචන කිය­මින් ඇය ගැන වර්ණනා කළ හැකිය. නමුදු එදා සමා­ජයේ පම­ණක් නොව අද සමා­ජයේ ද රාමු­වෙන් පිට පැන සමා­ජය දෙස බලන ලේඛ­නයේ යෙදෙ­න්නියෝ අපට හමුවේ. “අතු අග ශේෂ පත්“ කිය­වා­ගෙන යද්දි උපේ­කාද එවැනි රාමු බිද­ගෙන යන, සාම්ප්‍ර­දා­යික සිතුම් පැතුම් ඇති ගැහැ­නිය ඉක්ම වූ කිවි­දි­ය­කැයි සිතේ.
Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive