පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

Divimaga Dinana Maga(දිවි මඟ දිනන මඟ)

 වෙන­සක් ගැන චීස් මෙන් රස කතා­වක් ‘දිවි මඟ දිනන මඟ’

අජන්ත සෙනෙවිරත්න

රූප­ක­යක් රස­වත් වූ විට නිර්මා­ණය ප්‍රිය­ජ­නක වීම නො වැළැ­ක්විය හැක්කකි. ඒ රූප­කය රස­වත් කෑමක් වූ විට ඒ අත්දැ­කීම අපට වෙනස්ම දෙයකි. රස­වත් කෑමක්, එ් කෑම ම රස­වත් රූප­ක­යක් වූ විට අත්දැ­කීම ළගන්නා සුලු වීම අරු­ම­යක් නොවේ. එහෙත් විචි­ත්‍ර­වත් භාෂා­වක්, ඒ භාෂා හර­ඹයේ දව­ට­නය සිත්ගන්නා සුළු නිමා­ව­කින් යුතු වීමක්; මේ සියල්ල ම එකට කැටි වීම යනා­දිය නම් ආශ්ච­ර්ය­වත් ය; වෙනත් ලෙස­කින් කියන්නේ නම් මේ සියල්ල එක්තැන් වීම ම වෙන­සකි. පුරුදු පාඨ­ක­ත්ව­යෙන් වෙහෙ­සට පත් අප දෑස් වලට මුලින්ම රසාං­ජ­න­යක් වී, සිතට තෘප්ති­යක් දී වෙන­සට බිය අපට වෙනස් වීමට ආරා­ධනා කරන මේ කෘතිය වෙනස් ම රස­ය­කින් යුතු යැයි කිය­න්නට මැළි විය නො විය යුතුව ඇත.

චීස්... බොහෝ දෙනා බොහෝ ප්‍රිය කරන කෑමකි. චීස් කෑල්ලක් අහිමි වීම; වෙන කෙනකු විසින් එය කෑමට ගැනීම, රසය වෙනස් වීම මේ සියල්ල දැන් මම අත්වි­ඳි­මින් සිටි­න්නෙමි. ඒ ‘දිවි මඟ දිනන මඟ‘ කිය­ව­මින් සිටින නිසා ය; කියැ­වී­මෙන් ඔබ්බට විඳි­මින් සිටින නිසා ය. විනෝ­ද­කාමී, හාස්‍ය­ජ­නක චරිත හත­රක් ඇසු­රෙන් සම්බ­න්ධතා පරි­ධි­යක් සොයන මේ විය­මන හුදෙක් පාඨක අත්දැ­කීම පම­ණක් තිළිණ කර­න්නක් නොවේ; එහි අන්ත­ර්ගත පරි­ක­ල්පන අත්දැ­කීම මීට පෙර අත් නො වින්දකි. අහිමි වීම; වෙනස් වීම කෙත­රම් වික්ෂි­ප්ත­යට පත් කරන්නේ ද යත්; රසට තලු­ම­රන චීස් කැබැ­ල්ලක් එක­වර උදුරා ගැනී­මක් වැනි ය.

ජීවි­තය ගෙව­න්නට අපි සැම තාව­කා­ලික වාස­ස්ථා­න­වල නතර වී නානා­ප්‍ර­කාර දෑ කර­මින්, කිය­මින් සිටි­න්නෙමු. නිවෙසේ එක් ලෙස­ක­ටත්, රැකියා ස්ථානයේ තව ලෙස­ක­ටත්, වෙන කොයි­යම්ම ස්ථාන­යක හෝ තවත් ලෙස­ක­ටත් ද්වී රූපී, බහු රූපී ජීවිත ගෙව­මින් සිටිමු. මේවායේ විවිධ, විවිධ අව­ස්ථා­ව­න්හිදී විවිධ ගැටුම් ඇති වීම සාමා­න්‍යය ය. ඒවා ගැටුම් කිය­න­වාට වඩා වෙන­ස්කම් යැයි කිය­න්නට වඩාත් කැමැ­ත්තෙමි. මේ වෙන­ස්කම් දරා ගැනීම ජීවි­තය යැයි ද; ඒ ජීවි­තය පින­වී­මට අප නිර­න්ත­ර­යෙන් බොහෝ දෑ කර­මින් සිටින බව ද සත්‍ය­යකි. එහෙත් ඒ පින­වීම කොතෙක් කාල­ය­කට ද; කවු­රුන් වෙනු­වෙන් ද යන්න ගැට­ලු­වකි.

මේ කෘතිය ලොව පුරා මිලි­යන 28 කට වැඩි පිරි­සක් විසින් කිය­වන ලද්දකි. කියැ­වී­මෙන් ඔබ්බට වෙන­ස්කම් ජීර්ණය කර­ගත් පිරිස කොතෙ­ක්දැයි ගණ­නය කළ නො හැක්කකි. කොටස් තුන­කින් සම­න්විත මෙහි නිර­න්ත­ර­යෙන් වන වෙන­ස්වී­මට පාසල් මිතුරු කැලක් මුහුණ දෙමින් සිටින අයුරු නිරූ­පිත ය. මගේ චීස් ගත්තේ කවුද යන කතාව ගොඩ­නැ­ඟෙන්නේ කතාවේ දෙවන අදි­යරේ ය. මීයන් හා මිනි­සුන් යන්න සංස­න්ධ­නා­ත්මක විග්‍ර­හ­යක් වුව ද; මේවා සරල හා සංකීර්ණ අර්ථ හමුවේ අපේම සංවේ­දනා, හැසි­රීම් ප්‍රකට කරන බව පෙනේ. සරල වීම යන්නට බොහෝ අරුත් මෙහි සම්පා­ද­නය වේ. වෙනස ඉදි­රියේ සරල වීම යනු ගැටලු අවම කර­න්නකි. වෙන­සට මුහුණ දෙන සරල ම විධි­ක්‍ර­මය පිළි­බඳ තෙවැනි කොට­සින් ඉඟි කෙරේ. එය පුද්ග­ලික, වෘත්තීය හා වෙනත් ඕනෑම එළැ­ඹී­ම­කින් භාවි­ත­යට ගන්නේ කෙසේද යන්න මෙහිදී සාක­ච්ඡා­වට ලක් වේ. මේ එළැ­ඹුම සියලු පාඨක කණ්ඩා­යම් නියෝ­ජ­නය කර­න්නකි; ඔවුහු ප්‍රායෝ­ගි­කව අත් විඳි­න්නක් වෙති. මේවා සියල්ල තම ජීවි­ත­යේදී කෙත­රම් වාර­යක් අත්වි­ඳි­න්නට ඇත්දැයි තීර­ණය කිරීම පාඨක ඔබ සතුය. වෙන­සට බිය නොවීම යන්න බෙහෙ­වින් කතා­බ­හට ලක් වෙන්නේ මේ ඇසුරේ ය. වෙන­ස්වීම් සුබ­දා­යක හෝ අසු­බ­දා­යක වන්නේ අප ඊට මුහුණ දෙන ආකා­රය අනු­වය. මේ කෘතිය ලොව පුරා මිලි­යන 28 කගේ ගෞර­ව­යට පාත්‍ර වන්නේ ඒ පසු­බිම මත ය.

අව­සන් වශ­යෙන් WHO MOVED MY CHEESE නම් මෙකී කෘතියේ ‘දිවි මඟ දිනන මඟ‘ නම් මේ පරි­ව­ර්තන කාර්යය ගැන විශේෂ යමක් කිව යුතුව තිබේ. අජන්ත සෙනෙ­වි­රත්න ලේඛ­කයා ඉංජි­නේ­රු­වෙකි; පරි­පා­ලන නිල­ධා­රි­යෙකි. හේ සම්මත වදන් බොරු කළ කෙනෙකි. ලොවෙන් එකෙක් එක් දෙය­කට වෙයි සමත කියා හිසේ කෙස් ගණ­නට අසා ඇති අපට අජ­න්ත­යන් ඊට හාත්ප­සින් ම වෙනස් සිතු­ව­මකි. ඔහු විටෙක ආය­ත­නික පරි­ශ්‍රයේ වග­කීම් විසින් පරි­පා­ල­න­මය භූමි­කා­ව­කින් අප ඉදි­රි­යට එන්නෙකි; තවත් විටෙක නව­ක­තා­ක­රු­වෙක් වශ­යෙන් නන්විධ පෙදෙස් ස්පර්ශ කළ නව­කතා 7ක් රචනා කෙරූ­වෙකි; බොහෝ දෑ සියුම් ව විග්‍රහ කෙරෙන කෙටි­කතා සංග්‍රහ ද්විත්ව­යක් තිළිණ කෙරූ­වෙකි; ඉසු­යුම් ම දෑ ග්‍රහ­ණය වෙන කාව්‍ය සංග්‍ර­හ­යක් අප හමුවේ තැබූ­වෙකි; ඉනුත් ඔබ්බට යන ඔහු සිත හා මනස ගැන පර්යේ­ෂ­ණා­ත්මක ග්‍රන්ථ­යක් ලියූ­වෙකි; ගිනිය නොහැකි තරම් කාව්‍ය නිර්මාණ සයි­බර් අව­කා­ශයේ සට­හන් කෙරූ­වෙකි; ගේය පද රචනා කිහි­ප­යක් ම සංගීත ක්ෂේත්‍රය වෙනු­වෙන් නිර්මා­ණය කෙරූ­වෙකි. සර­ස්ව­තිය විසින් තිලිණ කරන සුන්ද­රම කලා අත්දැ­කීම වන සිතු­ව­ම්ක­ර­ණය ද ඔහුට ආග­න්තුක නැත. කාර්ය­බ­හුල ජීවි­තය විසින් මඟ හැරෙන බොහෝ දෑ ගැන හේ බෙහෙ­වින් සවි­ඥා­නික ය. මනු­ෂ්‍ය­ත්වය යනු කුම­ක්දැයි ප්‍රශ්න කෙරෙන විටෙක ඔහු දරන ආස්ථා­නය මනු­ස­ත්බ­වට ආභ­ර­ණ­යකි.

විටෙක මනු­ෂ්‍ය­ත්වය ගැන වූ කතා බහ­කදී ඔහු පැවසූ වද­නක් මට නැවත සිත­න්නට කළ ඇර­යුම අම­තක නොවේ. මිදුලේ කෑම ලෑල්ලක් සාදා ලෙහෙ­නුන්ට කෑම තබා, උන් කෙරෙහි වන ආද­ර­යෙන් සෙනෙ­හ­සින් කට­යුතු කරන අප ඒ වැනි ම වන මීයන්ට අගුල් අට­වන්නේ දෙව­රක් නොසිතා ය. ‘විජිත පටු­මගේ අපි‘ කෙටි­කතා සංග්‍ර­හයේ වූ කතා­වක් ගැන ඇතිවූ ඒ කතා­බහ මට වෙන­ස­කට මඟ පෑදු­වේය. එහෙ­යින් නිර­න්ත­ර­යෙන් වෙනස ගැන සවි­ඥා­නික ඔහු අතින් කෙරුණු මේ පළමු පරි­ව­ර්තන කාර්යය සාක­ල්‍ය­යෙන් ම නිවැ­රදි තෝරා ගැනී­මක් බව නොකියා බැරිය. පරි­ව­ර්ත­න­යක් නොවන තරම් සමීප සරල, සුගම භාෂාව විසින් ඊට එල්ල කරන ලද ආලෝ­කය අති­ම­හත් ය.

වෙනස, රස­වත්ව අත්වි­ඳි­න්නට කෙරෙන ඇර­යුම පිළි නොගෙන සිටි­න්නට නොහැකි තරම් ආක­ර්ෂ­ණීය කෘති­යක් පාඨක අපට තිලිණ කිරීම සම්බ­න්ධ­යෙන් කතු­ව­ර­යාට සහෘ­දය කෘතවේදීත්වය හිමි වනු ඇත.

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive