ග්‍රන්ථය- සෝදිසි වරෙන්තුව
පරිවර්තනය - එස්. නන්දලාල්
සුභාවි ප්රකාශනයකි.
මිල රු. 350
ඔහු උපත ලබන්නේ දෙවැනි ලෝක යුද්ධය අවසන් වී දින 10 කට පසු ය. ඔහු ලියු “සර්ච් වොරන්ට්” කෘතිය නොබෙල් සම්මානයට ලක් වන්නේ යුද්ධය අවසන් වු පසුත් අතුරුදහන් `නොවු එහි අමානුෂීය හෙවණැලි ප්‍රකට කරන සාහිත්‍ය කෘතියක් හැටියට ය එහි කතුවරයා ප්‍රංශ ජාතික පැට්‍රික් මොඩියානෝ ය. පසුගිය සාහිත්‍ය මාසයේ දී එය සිංහලට නැගෙන්නේ “සෝදිසි වරෙන්තුව” නමිනි. පරිවර්තකයා එස්. නන්දලාල් ය.
අට වසරකට පෙර නැතිවූ තරුණියක සම්බන්ධයෙන් පුවක්පත් දැන්වීමක් කථකයාගේ නෙත ගැටෙයි. කතාව ඇරඹෙන්නේ එතැනිනි. ඔහු ඒ තරුණිය සොයා යෑමට තීරණය කරයි. එහෙත් එය වනාහි ෂර්ලොක් හෝම්ස් වර්ගයේ සොයා යෑමක් නොවේ. ඔහු යන්නේ එහෙම පිටින්ම සමාජ දේශපාලනික වු ගමනකි.
ඒ ජර්මානු නාසින් ප්‍රංශය ආක්‍රමණය කළ කාලයයි. ඒත් සමඟම නිර්මාණය වූයේ ප්‍රංශයේ විසු යුදෙව්වන් ද සමූලඝාතනය වීමේ ඉරණමයි පරිවර්තකගේ පෙරවදන එය අපට මෙසේ පෙන්වා දෙයි.
“මොඩියානෝගේ ගද්‍යය වටහා ගැනීමට අපහසු නැත. එහෙත් ඒවා - අඩු - බවින් පිරිලා ය. තමා උපත ලැබු 1945 වසරේ තමා නොදන්නා බොහෝ මිතුරෝ අතුරුදහන් වුහ යි ඔහු ලියයි. -නොදන්නා මිතුරන් - අපුරු ෙයදුමකි. .....මම ඩෝරා බෘඩර් (අතුරුදහන් වු තරුණිය) ගැන සිතමි. එතරම් ළාබාල වයසක දී මුළු ලෝකයම ඇයට විරුද්ධ වුයේ මන්දැයි නොදැනම.”
කෘතියේ විශේෂත්වය වන්නේ පැට්‍රික් මොඩියානෝ නොබෙල් සම්මානය ලබමින් කළ දේශනය ද ඊටම එකතු කරමින් පාඨකයාට පළල් අවස්ථාවක් ලබා දීම ය. මොඩියානෝ මෙසේ පවසයි. ඒ තමන් ලියු කෘතියේ සමාජ දේශපාලන වටපිටාව සම්බන්ධයෙනි.
“පිටවීමේ දී ඕනෑම කෙනෙකු ප්‍රහාරයට ලක් වීමේ හෝ වටකර පැහැරගනු ලැබීමට හැකි දුස් ස්වප්නයක සිටි මේ පැරිස් මෙට්‍රො දුම්රිය ස්ථානයෙන් සාම කාලය තුළ කිසි දිනෙක මුණ නොගැසුණ මිනිසුන් අතර අහඹු රැස්වීම් පැවැත්විණි. ඇඳිරි නීතියේ තිමිරය තුළ බිඳෙන සුලු පෙම් සබඳතා ඇති විය. නැවත දිනෙක හමුවීමේ නිශ්චිත බවක් නොතිබිණි.”
එහිදී “ලේඛකයෙකු ඔහු දේශපාලන ක්‍රියාමාර්ග වලට සෘජුව සම්බන්ධ නොවුවත්, ඔහු ජනයා -ඇත් දළ තුළුණස ලෙස හඳුන්වන අවබෝධනීය තත්වය තුළ තම නමින් හැඳින්වෙන දේවල් වසා දමා ඇති හුදෙකලා පුද්ගලයෙකි, යන හැඟීම ලබා දුන්න ද ඔහු උපන් වකවානුව අනුව නොමැකෙන ලෙස සලකුණු කර ඇති බට සාක්ෂි මෙහි දැක්වේ. ඔහු කවි ලියන්නේ වුව ඔහුගේ නිර්මාණ තමා ජීවත්වන කාලය පිළිබිඹු කරන අතර ය. වෙනස් වූ යුගයක ලිවීමට නොහැකි ය.”
ඒත් සමඟම කලාවේ සර්වකාලීනත්වය සම්බන්ධයෙන් ඔහු දක්වන අදහස් ද මීට ම අදාළව මහත් වටිනාකමක් ගෙන දෙතැයි මම සිතමි.
“ඕනෑම කලාකරුවෙකු මෙන් ලේඛකයෙකු ද සිය යුගයට තදින් බැඳී සිටින අතර එයින් ගැලවීමට නොහැකි වන පරිදි සෑම විට ම තම කෘතියේ කාලානුරූපි යමක් ප්‍රකාශ කිරීමට සමත් වේ. ඔහුට ආශ්වාස කළ හැක්කේ කාලයේ ගති සොබාව පමණි.
රැසින් (17 වන සියවසේ ප්‍රංශයේ විසු ශ්‍රේෂ්ඨතම නාට්‍යකරුවන් තිදෙනාගෙන් කෙනෙකි.) හෝ ශේක්ස්පියර් නිර්මාණවල දී චරිත ඒ යුගයේ ඇඳුමින් සැරසී සිටිනවා ද නැත්නම් අධ්යක්ෂවරයාට රුචි පරිදි ජීන්ස් සහ ලෙදර් ජැකට් ඇන්දවීමට අවශ්‍ය ද යන්න වැදගත් නොවේ. මේවා නොවැදගත් තොරතුරු ය. සියවස් එකහමාරකට පසු තොල්ස්තෝයි කියවන විට අපට ඇනා කැරනිනා සමීප බවක් දැනෙන අතර ඇය 1970 මෝස්තරයේ ඇඳුම් ඇඳගෙන සිටින බව අපට අමතක ය. එඬ්ගාර් ඇලන් පෝ, මෙල්විල් හෝ ස්ටෙන්ඩල් වැනි ලේඛකයන් ඔවුන්ගේ අභාවයෙන් සියවස් දෙකකට පසු අද පවා ඔවුන්ගේ සමකාලීනයන්ට දැනුනාට වඩා අපට සමීප ය.”
“විසිවන සියවසේ ලේඛකයෙකුට ඇතැම්විට තමා සිය කාලය තුළ සිරගත කරනු ලැබ ඇති බවක් හැගෙන්නට පිළිවන. 19 වන සියවසේ ශ්‍රේෂ්ඨ නවකතාකරුවන්වන තොල්තෝයි දොස්තොව්ස්කි කියවීමෙන් යම් ආකාරයක අතීත රංජවයක් ඇති විය හැකි ය.
ඒ දවස්වල කාලය අදට වඩා සෙමින් ගෙවී ගිය අතර ඒ මන්දගාමී බව නවකතාකරුගේ කාර්යභාරයට ගැළපුණේ එය ඔහුගේ ශක්තිය සහ අවධානය පෙළ ගස්වන්නට ඔහුට ඉඩ සලසා දුන් බැවිනි. එතැන් පටන් කාලය වේගවත් වී ඇති අතර, ඉදිරියට ගමන් කළේ නැවති නැවතී ය. සාහිත්‍යය යනු මන්දිර නම් අතීතයේ දී ඒවා ආසන දෙව් මැදුරු මෙන් වු අතර අද නිකම් ආවට ගියාට ඉදි කළ ගෙවල් මෙනි. වෙනස ඒය.
මේ දෘෂ්ටි කෝණයෙන් බලන කළ මා අයත් වන පරම්පරාව සංක්‍රාන්ති පරම්පරාවක් වන අතර, අන්තර්ජාලය, ජංගම දුරකථන, ඊ මේල් සහ ට්විටර් සමඟ උපත ලබන ඉදිරි පරම්පරා සාහිත්‍යය තුළින් සිය සංකල්පනා ප්‍රකාශ කරන්නේ කෙසේද යන්න ගැන දැනගැනීමට මට කුතුහලයක් ඇත.” එහෙත් ඔහු ඒ සම්බන්ධයෙන් සුබවාදී බලාපොරෝතු ඇති කරගෙන ඇත.
සාහිත්‍යයේ පැවැත්ම සම්බන්ධයෙන් ඔහුගේ ඒ අදහස් ඔබට පෙන්වන මග සත්තකින්ම නුතනයේ ලා අවශ්‍යම තත්වයක් වේ.
කාලය මඟහැර ඔබට කිසිවක් ලිවිය නොහැක
වර්‍ෂ 2020ක් වූ නොවැම්බර් මස 01 වැනිදා ඉරිදා සිළුමිණ පුවත්පතේ දීපානි අතිරේකයෙන් උපුටා ගණන ලදියි
0 Comments:
Post a Comment