පාඨකයන්ගේ කරමත පටවන
අධ්‍යාපනය විපත් කල්හි ජීවත්වීමට අත්වැලක් වේ. සැපත පැමිණි කළ අධ්‍යාපනය ජීවිතයට ආභරණයක් වේ. එය ප්‍රකට කියමනකි. අධ්‍යාපනයේ ප්‍රධානම මාධ්‍යය කියවීමය යන්න ගැන විවාදයක් නැත. සම්පූර්ණ මිනිසෙකුගේ පදනම ද කියවීම ය. එනිසාම සංවර්ධිත රටවල තමන්ගේ පුරවැසියන් හොඳ පාඨකයන් බවට පත් කිරීමේ අරමුණින් පොතපත මුද්‍රණයට අදාළව බොහෝ පහසුකම් සපයා ඇත. එය එක් අතකින් මහත් ප්‍රාග්ධනයක් සහිත විසල් කර්මාන්තයක් වන තරමටම සහනදායි පහසුකම් සහිත සම උපකාර සේවාවක් මට්ටමින් ද පවත්වාගෙන යෑමට ඔවුන් කටයුතු කොට ඇත්තේ අර කී අරමුණු වෙනුවෙනි.
සැප්තැම්බරයේ සාහිත්‍ය මාසයේ මෙවර ද ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් සමඟ ආරම්භ වුයේ කවදත් අැසෙන සාහිත්‍ය වාද විවාද අතරේ ය.
එහෙත් ඒ අතර තියුණු ලෙස විවාදයට ලක් වුයේ රටක් වශයෙන් පවත්නා සෞඛ්‍ය තර්ජන හමුවේ ආර්ථික අහේනිය යන්න පෙනෙන තැනක තිබියදීත් ඒ වෙනුවෙන් සේවය කළ යුතු නව අදහස් හා ආකල්ප වෙනුවෙන් පවත්නා පොතපත මේ තරම් මිල ඉහළ යාමක් කරා ගොස් ඇත්තේ මන්ද යන්නයි.
සැප්තැම්බරයේ සාහිත්‍ය උණුසුම ගෙවී ගියත් අදටත් ඒ කතාබහ පොදු සමාජය තුළ නිතර ඇසෙන්නක්ව ඇති හෙයින් ඒ පිළිබඳව කතාබහක් ඇති කරගැනීමට අපි කල්පනා කළෙමු.
විජය නන්දන පෙරේරා මෙහිදී අදහස් දැක්වුයේ පොදු පාඨකයෙකු හැටියට ය.ඔහුට අනුව ලංකාවේ පොත් මිල හුදෙක් ප්‍රකාශකයන්ගේ පෙෳද්ගලික කැමැත්ත මත තීරණය වන්නක් බවට පත්ව ඇත.
ඒ නිසාම එය හිතුවක්කාරී පෙෳද්ගලික අධිකාරියක් බවට පත්ව ඇත්තේ දැයි විමසිය යුතු ය. පොදුවේ ගත් කළ මෙරට පාඨකයාගේ මිල දී ගැනීමේ හැකියාව සහ පොත් මිල අතර මේ තරම් වෙනසක් දැකිය හැකි වු කාලයක් මින් පෙර නොවු තරම් ය.
ඔහු තවදුරටත් පෙන්වා දෙන අන්දමට ඉහළ ධනේශ්වර පසුබිමක් ඇති රටවල පවා පුරවැසියන්ගේ අධ්‍යාපනය වගේම පොතපත සම්බන්ධයෙන් සුභ සාධනවාදී පිළිවෙතක් අනුගමනය කරතත්, ඒ ගැන කිසිම ආකාරයේ වර්ධනයක් අප රටේ දැකිය නොහැකි ය.
මේ සම්බන්ධව ප්‍රධාන පෙලේ පොත් ප්‍රකාශන සමාගමක හිමිකරුවෙකුගෙන් අප විමසු විට, ඔහු ඊට පිළිතුරු දීමට එකඟ වුයේ තම අනන්‍යතාව හෙළි නොකිරීමේ කොන්දේසිය මත ය.
ඒ අනුව ඔහු පවසන්නේ අද ප්‍රකාශන සමාගම් (මහා පරිමාණ වේවා සුළු පරිමාණ වේවා) ගමන් කරන්නේ එකම පාරේ ය. ඔව්හු සෑම කෙනෙක්ම ප්‍රාග්ධනයක් මත සිය ව්‍යාපාර ආරම්භ කළ අය වෙති. වෙනසකට ඇත්තේ එහි ප්‍රමාණාත්මක අගය පමණි. සමාගම් හැටියට ඔවුන් බොහෝ විට එකම ඉලක්කයකට දුවමින් සිටින්නේ ඒ නිසා ය. එසේ ගත් කළ පොත් මිල යැයි කියන්නේ ඔවුන්ගේ ලාබ අලාබ ගිණුම වෙනුවෙන් පවත්වාගෙන යන තත්වයකි.
අනිත් අතට අද ප්‍රකාශන වැය ඉහළ ය. එය තවදුරටත් උග්‍ර කිරීමට මේ වන විට ලොකු පොඩි භේදයකින් තොරව ක්ෂේත්‍රය තූළ හටගෙන ඇති තරගය හේතු වී තිබේ. උදාහරණයක් හැටියට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන විවිධ චෝදනා එල්ල වුණ ද එහි අෙලවි කුටි බෙදා ගැනීමට ඇත්තේ ද තරගකාරී බවකි.
පොත් ප්රකාශනයේ දී පවා එදා මෙන් ඉවසීමකින් කරන විමර්ශන පවා නැති වී ඇත්තේ ප්රකාශනයේ තරගකාරී බව නිසා ය. පරිවර්තන පොත් අෙලවි වන වෙළඳපොළට ඕනෑම පරිවර්තනයක් දමන තත්වයක් නිර්මාණය වී ඇති ආකාරය දැක ගැනීමට බොහෝ වෙහෙස විය යුතු නැත.
නමුන් තමන් මෙම ව්‍යාපාරයට ආවේ යම් පිළිගැනීමක් තිබුණු ප්‍රකාශන ඉතිහාසයකින් නිසා තමන්ට මේ වෙනස හොඳින් දැනෙනවා යැයි පැවසු හෙතෙම අද පවතින පොත් ව්‍යාපාරය පවතින්නේ සාරධර්ම පිරිහෙමින් යන වාණිජ කොල්ලයක් වැනි අවදානමක හමුවේ යැයි ද පැවසුවේ ය.
ලේඛකයෙකු මෙන්ම ප්‍රකාශකයෙකු ද වන රන්ජිත් ධර්මකීර්ති උක්ත ප්‍රශ්නය හමුවේ පැවසුවේ මෙවැන්නකි. “බදු අඩු කරන්න කියන්න. පොත් ප්රකාශනයට අදාළ ඒ බදු අඩු කරාම මේ ප්‍රශ්නය විසඳෙනවා.”
වෘත්තියෙන් ජනමාධ්‍යවේදියෙකු මෙන්ම ලේඛකයෙකු ද වන මනුබන්ධු විද්‍යාපති මෙය දකින්නේ, එක අතකින් කල්ට් එකක් විදිහට ය. පොත් ගන්න ඒක ෆැෂන් එකක් කරගත්ත පිරිසක් අවබෝධයකින් තොරව සිදු කරන හැසිරීමක් ද මෙහි දී දැකිය හැක.
අනිත් අතින් ජාත්‍යන්තතර පොත් ප්‍රදර්ශනයේ සාර්ථකත්වය දඩමීමා කරගනිමින් පොත් ප්‍රකාශකයන් ද ඒ ෆැෂන් එකට අනුබල දෙන තත්වයක් ඔහු දකී. “පොත් මිල වැඩි වීම සිද්ධ වෙන්නෙ මේ ඔක්කොම ඇතුළෙ.
මේක කෘතීම තත්වයක්.” ඒ අනුව පොත් මිල වැඩි වෙන්නේ ප්‍රකාශකයන්ට බොහෝ අග හිඟකම් තියෙන නිසා යැයි පවසන්න අපට පුළුවන්කමක් නැතැයි පවසන ඔහු මෙය බොහෝ දුරට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නිසා ඇතිවුණ ප්‍රබෝධයත්, ඒ තරගයත් නිසා ඇතිවුණ තත්වයකැයි ද කීය.
නවකතාකරුවකු මෙන්ම විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ නිෂ්පාදකවරයෙකු ද වන පරාක්‍රම ඒකනායකගේ අදහසට අනුව “අද පොත් සංස්කෘතිය ඇතුළෙ තියෙන්නේ ඇතුළ වහලා පිට කවරය පෙන්නලා, මිල වැඩි කරලා විකුණන සෙල්ලමක්.” ඒ අනුව මෙය ප්‍රදර්ශනාත්මක තත්වයකි. “පොත් කවරයක් යැයි කියන්නේ පොතක අෙලවියට බලපාන සාධකයක් තමයි.
ඒත් කවරය පොතේ අන්තර්ගතය ප්‍රකාශ කරන්න ඕනෙ. නමුත් ඒක ඇස් බැන්ඳුමක් විදිහට භාවිතා කරලා ලොකු මිල ගණන්වලට පොත් මාර්කට් කරන එකෙයි රූපලාවණ්‍යය නිෂ්පාදන මාර්කට් කරන එකෙයි මං නං හිතන්නෙ ලොකු වෙනසක් නෑ.
එදා අපි කිව්වෙ පොතක් කියෙව්වම අලුත් මිනිහෙක් වෙනවා කියලයි. ඒත් අද පොතුත් මතුපිට තත්වයෙන් තමා විකිණෙන්නෙ.”
70 දශකයේ සිට ම කෙටි කතාකරුවෙකු හා කවියෙකු ලෙස කටයුතු කරන සුනිල් ගුණවර්ධන “මේකෙ දෙපැත්තක් තියෙනවා” යැයි කීය. “මගේ අත්දැකීමට අනුව නම් ලේඛකයාගේ පැවැත්ම තමයි ප්‍රකාශකයා. පොත් ප්රකාශනය කියන්නේ කර්මාන්තයක්. වියදම් පියවගන්නත් ඕනෙ. ලාබ ලබන්නත් ඕනෙ.
ඒත් සමහර වෙලාවට පොත් විකුණන්න බාර දෙන්න ගියාම විකුණා මුදල් දීමට බාරගතිමි කියල ඇක්සයිස් කොෙළ්ක තමයි ලියල දෙන්නෙ.
එහෙම දේවලුත් තියෙනවා. අනිත් අතට පාඨකයා කියන්නෙ ලේඛකයට වගේ ම ප්රකාශකයාට අවශ්‍යම කරන සම්පතක්. ඉතිං එයාගේ පැත්ත ගැන හිතනවනං හිතන්නම ඕනෙ දෙයක් තමයි පොත් මිල.
අඩුවෙන් අෙළවි වෙන වටිනාකමක් ඇති පොත් වැඩි මිලකට විකුණන්න වෙන්නේ අර අඩු අෙලවිය නිසා නම් ඒකට අපිට විරුද්ධ වෙන්නත් බෑ. මම කියන්නෙ ලොකු කළමනාකරණයක් ඇතුළෙ තමයි මේක සිද්ධ වෙන්න ඕනෙ කියලා.”
0 Comments:
Post a Comment