පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

ළමා සාහිත කෙතේ වැපිරෙන බාල ළමා කතා

 2020/12/22 - අරුණ පුවත්පතෙහි වරුණ අතිරේකයෙන් උපුටා ගන්නා ලදී 

ඉන්දික සංජීව විතාන 

ළමා සාහිත කෙතේ වැපිරෙනබාල ළමා කතා

‘‘පහම සීයයි.... පහම සීයයි.... කඩේ පොළේ නැති ගාණට. මගෙන් විතරයි....’’

ගමට ඒම සඳහා පිටකොටුව බස්නැවතුමේ බස් රථයක ඉදිරිපෙළ අසුනක වාඩි වී සිටි මගේ දෑස් එකවරම යොමු වූයේ බස් රථයට ගොඩ වූ සංචාරක වෙළෙන්දා දෙසටය. නානා වර්ණයෙන් යුතු පොත් රැසක් අතැතිව පැමිණි ඔහු රියැදුරු අසුන අසල සිට ගත්තේය. කාටත් පෙනෙන පරිදි තමා අතැතිව තිබූ පොත් සියල්ල අවානක හැඩයට සකසාගත් ඔහු එකිනෙක පෙන්වමින් විස්තර කරන්නට විය.

‘‘මේ පොතක් කඩේ රුපියල් හැටක් වෙනවා. එතකොට මේ පොත් පහට රුපියල් තුන්සීයයි. අද මම දෙන්නෙ පහම සීයට. දැනුම තමයි හොඳම ආයෝජනය හිත හිත ඉන්නෙපා අරන් යන්න....’’

බස් රියේ සිටි බොහෝ දෙනෙක් ඔහුගේ චතුර කථිකත්වයට වශී විය. උණු කැවුම් මෙන් පොත් සියල්ල අලෙවි විය. මගේ අසුනේ අනෙක් පස ඉඳ සිටි කුඩා දරුවාටද ඒ අම්මා සීයේ පොත් පහක් ගෙන දුන්නාය.

කුඩා දරුවා මහත් ආශාවෙන් තුරුලු කරගත් පොත් එකිනෙක පෙරළා බැලුවේය. මගේ ඇස්ද දරුවාගේ ඇස් සමග පොතේ පිටුවක් පිටුවක් පාහේ අකුරක් අකුරක් පාසා ගමන් කළේය. මිනිත්තු කිහිපයකින් මගේ ඇස් ඒ පොත් සියල්ල කියවා හමාර කළේය. නානා පැහැයෙන් යුතු පරිගණක සිතුවම් තිබුණ ද එකම පොතකවත් හරවත් කතන්දරයක් තිබෙනු මම නම් නොදුටුවෙමි. මොහොතකට දරුවන්​ගේ ඇස හා හිත රවටන්නට මේ අයුරින් ලාබෙට පොත් විකුණන එක අපරාධයක් කියා මට සිතුණේ ඒ කතාවකින් දරුවකුට ගත හැකි දෙයක් නොදුටු නිසාමය.

ඒ අනුව ළමයින් තුළ ඇති ග්‍රහණය කර ගැනීමේ හැකියාව ප්‍රයෝජනයට ගෙන ඇතැමුන් නිසරු පොතපත ළමයින් අතට පත් කිරීමේ ව්‍යාපාරයක යෙදී සිටියි.

සියල්ල විකුණාගත හැකිවූයේ මගීන් සියලු දෙනාම ළඟ සිටි හෝ ගෙදර ඉන්නා දරුවන්ට ඒවා මිලදී ගත් නිසාය. වැරදී ඇත්තේ එතැනය. දරුවන්ට පොත් පත් ගෙන යන හැම කෙනෙක්ම ඒ පොත්වල ඇති සුදුසු නුසුදුසු බව දන්නේ නැත.

ඒ නිසා ළමයින්ට කියවීමට සුදුසු ළමා සාහිත්‍යය කෘති තෝරා බේරා ගෙන පළ කිරීම සම්බන්ධයෙන් අපේ රටේ කුමන හෝ මිනුමක් තිබිය යුතුය. නැති නම් විනාශ වන්නේ ළමා මනසේ නිර්මාණශීලිත්වයයි. මොට වන්නේ ළමයෙකුගේ ලේඛන හැකියාව සහ සිතීමේ කලාවයි.

ළමයා වෙනුවෙන් කතන්දරයක් ලිවීමට පෙර ළමයාගේ ස්වභාවය ගැන අවබෝධයක් ලබාගත යුතුය. විවිධ රටවල විද්වතුන් මෙන්ම අපේ රටේත් ළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂඥයන්, අධ්‍යාපනඥයන් ඒ සම්බන්ධයෙන් මතයන් ඉදිරිපත් කර ඇත.

ළමා කෘති රචනයේදී ලේඛකයා තමන් ආමන්ත්‍රණය කරනු ලබන්නේ කුමන වයස් පරාසයක දරුවන්ට ද යන්න සුවිශේෂීව හඳුනා ගත යුතුයි. ළමයා තම අදහස් ප්‍රකාශ කිරීමට ඉතා කැමැතිය. චිත්තරූප මැවීමේ ශක්තියක්, බුද්ධිමය කුතුහලය ඇතිකරවන ස්වභාවයක් මෙන්ම නව අත්දැකීම් රැස්කිරීමේ ස්වභාවයක් ඔහු සතුය.

ළමයා වෙනුවෙන් කතන්දරයක් නිර්මාණය කිරීමේදී සැලකිය යුතු කරුණු රැසක්ම තිබෙන බව කියන්නේ පස් වතාවක්ම ළමා සාහිත්‍ය වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් තනුජා එන්. අයගමයි.

‘‘දරුවන්ට කතන්දරයක් නිර්මාණය කරද්දි සැලකිය යුතු කාරණා කිහිපයක්ම තියෙනවා. ඉදිරිපත් කිරීමේ විලාශය සිද්ධිය ගැළපීම දරුවන්ට සුදුසු වචන ක්‍රියා භාවිත කළ යුතු උපක්‍රම ආදී සියල්ල භාවිතයට ගෙනවිත් කතන්දරය ගෙතිය යුතු වන්නේ. ඒ වගේම ළමා සාහිත්‍ය කෘතියක ගුණාංග පිළිබඳවත් පුළුල් දැනුමක් නිර්මාණකරුවා වෙත තිබිය යුතු වෙනවා. එහිදී සාහිත්‍ය අංග, නිවැරදි භාෂා භාවිතය, පින්තූර සහ චිත්‍රවල යෙදීම, අන්තර්ගතය සහ පොතෙහි නිමාව ආදිය සිතා බැලිය යුතුයි’’

තනුජා සඳහන් කරන ආකාරයට වටිනා කතන්දරයක් නිර්මාණය කිරීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක්ම තිබේ. එහිදී සාහිත්‍යමය අංග, නිවැරදි භාෂා භාවිතය, පිංතූර සහ චිත්‍රවල යෙදීම, ප්‍රශස්ත අන්තර්ගතය සහ පොතෙහි නිමාව ආදිය පිළිබඳව සිතා බැලිය යුතුය. අපේ රටේ පොහොසත් ළමා සාහිත්‍යයක් වෙනුවෙන් ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය සුවිශේෂී කාර්යභාරයක නිරත වුණි. ඔවුන් ලේඛකාධාර වැඩපිළිවෙළ පවා ක්‍රියාත්මක කළේ උසස් ළමා සාහිත්‍ය කෘති ප්‍රමිතිගතව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙනි.

‘‘අපේ රටේ ළමා පත පොතට එවන් පොහොසත් වැඩපිළිවෙළක් ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයෙන් සිද්ධ වුණත් වර්තමානයේ අවර ගණයේ ළමා පතපොත බෙහෙවින් සමාජයේ සංසරණය වෙනව. ඒක වෙන්නෙ තුට්ටු දෙකට කසි කබල් ​ෙපාත් ලියන ලේඛකයො බිහි වෙලා ඉන්න නිසයි. ඒ නිසා ළමා සාහිත්‍යයේ පොහොසත් භාවය රකින්න නම් රාජ්‍ය මැදිහත් වීමෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් වෙන්න ඕන.’’

බිහිවෙමින් පවතින නිසරු ළමා සාහිත්‍ය සරු කරගත හැකි මගක් ගැන කීවේ ශ්‍රී ලංකා ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් වන ප්‍රවීණ ලේඛක ගුණසේන විතානයි. මිනිසත්කම සහ මානව භක්තිය ප්‍රගුණ කරගත් සමාජයක් ගොඩනැංවීම අපේ වගකීමකි. ඒ යුගයේ වගකීම හෙවත් මෙහෙවර නූතනයේ ලේඛකයා සතුය. ඔවුන් අතින් ශ්‍රී ලාංකේය සාහිත්‍යයක මුල්ගල වන ‘ළමා සාහිත්‍යය’ තුළින් ළමා මනස වඩ වඩාත් පෝෂණය විය යුතුය.

නිසි ප්‍රමිතියෙන් යුතු සාර්ථක ළමා සාහිත්‍ය කෘතියක් නිර්මාණය කිරීම සඳහා ලේඛකයා දැනුවත් විය යුතු කරුණු රාශියක් තිබේ. ඒවා මැනවින් අධ්‍යයනය කිරීම තුළින් ලේඛකයන්ට සිය ලේඛන කාර්යය සඳහා අත්දැකීම් රාශියක් ලබාගත හැකිය. නිර්මාණකරුවකුට සිය නිර්මාණ කෙසේ සකස්විය යුතුද යන්න පිළිබඳව සීමාවන් හෝ නීති පැනවිය නොහැකිය. නමුත් ළමා සාහිත්‍ය කෘති බිහි කරන්නේ මේ රටේ අනාගතය භාර ගැනීමට සිටින දරු පරපුර වෙනුවෙන් නිසා ඒ ගැන සැලකිලිමත් වීම බෙහෙවින් වටින්නේය.

ශ්‍රී ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන ක්‍ෂේත්‍රයේ ගුණාත්මක උන්නතිය වෙනුවෙන් සක්‍රීය දායකත්වය දක්වන ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කර විද්වතුන් රැසකගේ සම්පත්දායකත්වයෙන් ‘ළමා ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය’ නමින් අත්පොතක් සම්පාදනය කළ බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්. සුනිල් පවසයි.

‘‘ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් තොරව මේ බිහිවෙන ළමා කෘති දරුවන්ගේ ලෝකයට සිදු කරන්නේ විශාල හානියක්. ඒ නිසා දරුවන්ගේ කියවීම උදෙසා ඵලදායී ළමා සාහිත්‍යයක් ගොඩනැගීම සහ දරුවන් කියවීම වෙත නැඹුරු කිරීම යුගයේ අවශ්‍යතාවයක්. වර්තමානයේ බොහෝ ප්‍රකාශනවල ළමා ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කිරීමේදී අනුගමනය කළ යුතු ප්‍රමිති භාවිත කරන්නේ නෑ. ලේඛකයන් ප්‍රකාශකයන් අදාළ නිර්ණායක අනුව කටයුතු කරනවා නම් බාල පොත් බිහිවන එකක් නෑ.

යුනෙස්කෝ අන්තර්ජාතික ප්‍රමිතියට අනුව ළමා ග්‍රන්ථයක අවම පිටු ප්‍රමාණය 16 ක් විය යුතුයි. අපේ ලේඛකාධාර ව්‍යාපෘතිවලදී ළමා පොතක අවම පිටු 16 නැතිනම් අපි ප්‍රතික්‍ෂේප කරනවා’’.

ළමයින් කියවීම සඳහා හොඳ ළමා පොතක් තෝරා ගැනීමේදී දෙමව්පියන්ට සහ ගුරුවරයාටත් යම්කිසි වගකීමක් පැවරී තිබේ. දෙමව්පියන්ට මේ ගැන අවබෝධයක් නැත්නම් ගුරුවරයා ඒ සඳහා මැදිහත්විය යුතුය. මතුගම ඉගුරුදළුව කනිටු විදුහලේ ආචාර්ය, ලේඛක ලලිත් පුෂ්පකුමාර හොඳ පොත පත තෝරා ගැනීම සම්බන්ධයෙන් නිතර කතාබහ කරන ගුරුවරයෙකි.

‘‘දරුවන්ට හොඳ පොත පත හඳුන්වාදීමට දෙමව්පියන්ට වගකීමක් තියෙනවා. ලාබ බඩුවෙ හිලක් තියෙනවනෙ. ඒක නිසා ලාභය පිළිබඳව නොසලකා ගුණාත්මක පොත පත මිලදී ගන්න ඕනෙ. දරුවන්ගෙ මොළයෙ වම් පැත්ත විතරක් වර්ධනය වෙලා හරියන්නෙ නැහැ. දකුණත් වර්ධනය වෙන්න ඕනෙ. එහෙම වුණොත් තමයි නිර්මාණශීලීත්වය, පරිකල්පනය, සමස්ත සිතීම, රිද්මය, ලාලිත්‍යය, ආදරය, දයාව වැනි ගුණාංග පෝෂණය කළ හැකි වන්නේ. හොඳ පොතපත කියැවීම මේ සඳහා කදිම ප්‍රවේශයක්....’’

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ‘ළමා සාහිත්‍ය කෘති ඇගයීම - ජාතික පර්‌යේෂණ ව්‍යාපෘතිය’ මැයෙන් නිකුත් කරන ලද කෘතිය සම්පාදනය කරන ලද්දේ ‘ළමා කියවීම් ද්‍රව්‍ය සකස් කිරීමට අදාළ උපදෙස් සංග්‍රහයක් සකස් කිරීමේ ‘ව්‍යාපෘති කමිටුව’ මගිනි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය, කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා තොරතුරු විද්‍යායතනය, ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, ජාතික පුස්තකාලය, රූම් ටු රිඩ් ආයතනය සහ ළමා සාහිත්‍යය නිර්මාණකරණයේ නිරත ලේඛක/ලේඛිකාවන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙනි. එහි නියමුවාණන් වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා තොරතුරු විද්‍යායතනයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී.ජී. ප්‍රේමදාසයි. ඔහු සඳහන් කරන්නේ නිසරු ළමා පොත් ලිවීම, මුද්‍රණය, ප්‍රකාශනය සහ අලෙවිය නතර කළ නොහැකි බවත් හොඳ පොත පත සමාජ ගත කළහොත් බාල පොතපත ඉබේම ප්‍රතික්‍ෂේප වන බවත්ය.

‘‘නමුත් අපට කළ හැකි දෙයක් තියෙනවා. වසර ගණනාවක් තිස්සේ අපි ජාතික මට්ටමේ පර්‌යේෂණ ගණනාවක් කරලා ළමා සාහිත්‍ය කෘති ඇගයීම සඳහා නිර්ණායක මාලාවක් සකස් කරල බලධාරීන්ට දීලා තියෙනවා. බලධාරීන් කළ යුතු වන්නේ ඒ නිර්ණායක මාලාව සමාජගත කිරීමයි. ප්‍රායෝගික වැඩපිළිවෙළක් සහිතව මෙය බිම් මට්ටමට යා යුතුයි. දෙමව්පියන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන්, පුස්තකාලයාධිපතිවරුන් දරුවන් පමණක් නෙමෙයි දරුවන් හා සහ සම්බන්ධ වන සියලුම දෙනාව දැනුවත් කළ යුතුයි.’’

සැබවින්ම එවැනි වැඩපිළිවෙළක් ඔස්සේ ළමයකුට කියැවීම සඳහා සුදුසු ළමා පොතක් දරුවා අතට පත්කළ හැකිය. එසේ වුවහොත් කසිකබල් පොත් ඉබේම සමාජයෙන් ප්‍රතික්ෂේප වනු ඇත. අපේ රටේ තවමත් හරි කියවීම් සංස්කෘතියක් නොමැත. දියුණු ළමා සාහිත්‍යයක් තිබෙන ජපානය, ජර්මනිය, රුසියාව, චීනය ආදි රටවල තිබෙන්නේ ඉතා දියුණු කියවීම් සංස්කෘතියකි. ඒ රටවල දෙමව්පියන් පමණක් නොව ළමයින්ටත් කියැවීමට හොඳ පොත් මොනවගේද යන්න අවබෝධයක් ඇත.

ප්‍රවීණ සාහිත්‍යවේදී බොබී බී. බොතේජු පවසන පරිදි රටක ළමා සාහිත්‍යයේ නිර්මාණකරුවෝ දෙමාපිය වැඩිහිටියෝ වෙති. දරුවන්ට සුදුසු කතා තේමා බේරාගෙන කියා- කියවා ළමා මනසට සෞන්දර්යයත්, විචක්‍ෂණයත්, සාරධර්මත් එන්නත් කරන වැඩිහිටියෝ එමගින් දරුවන් පුනරාලෝකය වෙත කැඳවාගෙන යති.

වර්තමානය වනවිට වෙළෙඳපොළේ අඩුමිලට පවතින සමහර ළමා සාහිත්‍ය පොතපතින් ළමයාගේ වර්තමානයට මෙන්ම අනාගතයට ද එතරම් යහපත් ඇති කරන්නේ නැත. යහපත් පුරවැසියෙක් බිහිකර ගැනීමට නම් යහපත් පොතපත පරිශීලනය කිරීමේ අවස්ථාව දරුවාට සලසාදිය යුතුය. එසේ නොවුණහොත් නිසරු ළමා සාහිත්‍යයක් තුළින් අප පියනගන්නේ කෙබඳු පරපුරක් වෙතට ද යන ප්‍රශ්නය අප හමුවේ මතුවනු ඒකාන්තය. මේ එළැඹ ඇත්තේ ළමා සාහිත්‍ය කෘති නිර්මාණකරුවන්, ප්‍රකාශකයන්, දෙමව්පියන්, වැඩිහිටියන්, ගුරුවරුන් මෙන්ම රාජ්‍ය බලධාරීන් ද ස්වකීය වගකීම මැනවින් තේරුම් ගනිමින් කටයුතු කළ යුතු කාලයයි.

ඉන්දික සංජීව විතාන


Share:

ග්‍රන්ථය - කොරෝනා කාලේ අභි­ර­හස් ජීවිත

 

2020/12/22 -සිළුමිණ පුවත්පතෙහි දීපානි අතිරේකයෙන් උපුටා ගන්නා ලදී 



ග්‍රන්ථය - කොරෝනා කාලේ අභි­ර­හස් ජීවිත

කර්තෘ - ටෙනි­සන් පෙරේරා

සර­සවි ප්‍රකා­ශ­න­යකි

මිල රු. 400 (පිටු 207)


“තවත් දව­සක අරු­ණෝ­දය සනි­ටු­හන් කර­මින් තිබි­යදී ජය­ලාල් යහ­නෙන් නැගිට්ටේ මහත් සැහැ­ල්ලු­වෙනි. මේ සම­ඟම ඔහුට නිවසේ සීනුව උස් හඬින් නාද වෙනු ඇසිණ. තවත් සිහි­න­යක් සැබෑ වී එළි­දු­ටුවා සේය. ඔහු වහා දොර දෙසට නිදි­ගැට කඩ­මින් ගමන් ගත්තේ හද­ව­තෙන්ම මෙසේ කිය­මිනි.

-දයා­බර ඩොරීන් ඔබ එහෙ­නම් ඉතාලි ගියේ නෑ. ඒක හොඳයි. අපේ හුඟාක් වැරදි තැන් තිබුණා. අපි ඒවා හදා ගමු. ”

-කොරෝනා කාලේ අභි­ර­හස් ජීවිත මැයෙන් ටෙනි­සන් පෙරේරා විසින් රචිත උක්ත කෘතිය කොරෝනා වෛරස් සමය පිළි­බඳ චරිත හැසි­ර­වී­මක් යැයි කෙනෙ­කුට සිතෙන්න පුළු­වන් වුණත් මේ වනාහි මනුෂ්‍ය ජීවි­තය පිළි­බඳ කතා පුව­තක් මිස වෙනත් දෙයක් නොවේ යැයි කතු­ව­රයා පව­සයි.

කතාවේ එන හඳු­නා­ගැ­නී­මට අනුව නමක් නැති එහෙත් සමස්ත මනුෂ්‍ය අධ්‍යා­ත්ම­යෙන් ම හඳු­නා­ගත හැකි සියුම් මාන­වීය හැසි­රී­මක් ඇති වෛද්‍ය­ව­රයා ඒ නිසාම ගේහ­සිත ජීවි­තය මහත් අභා­ග්‍ය­ය­කට ලක් කර­ග­න්නෙකු බවට පත් වෙයි. මෙය බුමාටු දෙවි­යන්ගේ පැවැත්ම හා සමාන නොවේ දැයි කතු­ව­රයා විම­සයි. ඒ පිළි­බ­ඳව තව­දු­ර­ටත් විස්තර කර­මින් ඔහු පව­සන්නේ මෙලොව ප්‍රධාන වශ­යෙන් දෙවි­යන් වර්ග දෙකක් සිටින බවයි. ඉන් එක් වර්ග­යක් මිනි­සාට යහ­පත ද අනිත් වර්ගය මිනි­සාට අය­හ­පත ද සිදු කරයි. නමුත් බුමාටු දෙවි­යන්ට එවැනි බල­යක් නැත. එහෙත් යමක් කිරීමේ හැකි­යාව ද බුමාටු දෙවි­යන්ට ද ඇත. සැබෑ තථ්‍ය බල­යක් නැකි මේ කියන බුමාටු දෙවි­යන් හා සමා­නව මේ කෘතියේ එන වෛද්‍ය­ව­රයා ද සිය කාර්යය වෙනු­වෙන්ම කැප වුවෙකු බවට පත් වේ. පවත්නා වෛරස් සමය හමුවේ තමන්ට ද යමක් කිරී­මට ඇති හැකි­යාව නිසා මුළු­ම­නින්ම මිනි­සුන්ට සේවය කිරීමේ පූර්ණ අභි­ලා­ෂ­ය­කින් යුක්තව ඔහු කට­යුතු කරයි.

මෙහි පසු­බිම වන කොරෝනා සමය තුළ මනුෂ්‍ය පැවැත්මේ උදා­ර­ත්වය, තෘෂ්ණා­වෙන් ඇවි­ළුණ එහෙත් එදා මෙන් හැසි­රී­මට නොහැකි රෝගා­තුර පසු­බි­මක වුව මුදල්ම හඹා යන විකා­ර­රූ­පි­ත්වය, භික්ෂුව මෙන්ම නිරූ­පි­කාව හැසි­රෙන ඒ විරූපි සමා­ජය තුළ බිඳී යන සමාජ ප්‍රති­රූප පිළි­බඳ වෘතා­න්ත­යක ස්වරූ­පය මෙහි ලා දැකිය හැකි ය. එක්තරා ආකා­ර­ය­කට අභි­ර­හස් ජීවිත යැයි ගත හැකි තත්ව­යක් ද එකී චරිත විසින් ප්‍රකා­ශ­යට පත් කරනු ලබයි.

-මෙවැනි කතා­වක් බොහෝ දුරට සාහිත්‍ය රූප­ක­යක් යන හඳු­නා­ගැ­නී­මට ගොනු කර­ගත හැකිය යනු­වෙන් පෙන්වා දෙන කතු­වර ටෙනි­සන් පෙරේරා පෙන්වා දෙයි.

ඊට සමා­නු­පා­ති­කව ගාර්ෂියා මාර්කේස් සාක­ච්ඡා­වක දී “සිය­ව­සක හුදෙ­ක­ලාව” නම් නව­ක­තාව ගැන කී එය රූප­කා­ර්ථ­වත් සාහිත්‍ය නිර්මා­ණ­යක්ය යන්න ද මතු කොට පෙන්වයි. මාර්කේස්ගේ එකී කෘතිය අනුව නොගි­යත්, තමන්ගේ මෙම නව­ක­තාව ද එක්තරා ආකා­ර­යක රූප­කා­ර්ථ­වත් සාහිත්‍ය නිර්මා­ණ­යක් ලෙසින් ගැනී­මට කතු­ව­රයා තුළ ඇති කැමැත්ත පැහැ­දි­ලිව පෙනී යයි. ඔහු­ගේම වචන වලින් කිය­නවා නම් එය මෙසේ ය.

“මේ කෘතිය හුදෙක්ම කොරෝනා වසං­ග­තය ආශ්‍රය කර­ගත් නව­ක­තා­වක් පම­ණක් නොවේ. එය ඇසුරු කර­මින් පරි­ක­ල්ප­නය කරන ලද විචිත්‍ර සාහි­ත්‍ය­මය ප්‍රති නිර්මා­ණ­යකි. ස්ත්‍රී පුරුෂ ජීවි­තයේ අනේක ඇඬුම්, කෙඳු­රුම් හා අපේක්ෂා භාෂා­මය රූප­ක­ය­කට නැගී­මකි.” ඒ අනුව නව­ක­තා­වක් වශ­යෙන් මේ ඇත්ත යැයි මේ මායාව යැයි වට­හා­ගත නොහැකි අන්ත­රී­ක්ෂ­යක් වැනි තල­යක් අප හමුවේ තබන්නේ ය. එය අද්භූ­ත­මය තත්ව­යක් නොවේ දැයි කෙනෙ­කුට සිතෙ­න්නට පුළු­වන. ඊට හේතුව මේ කාල වක­වා­නුව තුළ දී ජන විඥා­නය සේවය කරන්නේ සත්‍ය­යට වඩා යථා­ර්ථයේ සම්මත සීමා­වෙන් ඈතට ගිය යථා­ර්ථය යැයි පැහැ­දිලි කෙරෙන ආස්ථා­න­ය­ක­ටය යන්න කතු­ව­ර­යාගේ සිතීම යැයි පැහැ­දිලි ය. අනිත් අතට එහි ඇත්තේ දැනෙන සුළු සාංකා­වකි. “කුටු­ම්භය තුළට කොටු වී අවට වන්නේ කුමක් දැයි අනුන්ගේ ඇස් වලින් බැලී­ම­ටත්, එය ඇද­හී­ම­ටත් අණ නිකුත් වු සම­යක ජීවත් වූ අපට නිද­හස් පරි­ක­ල්ප­න­යක් මතු කර­ගැ­නීම පහසු නැත.” එනිසා අප හමුවේ ඇත්තේ සැඟ­වුණ යථා­ර්ථ­යක් යැයි කතු­ව­රයා විශ්වාස කරයි. ඉදින් එවැනි පසු­බි­මක “ලේඛ­ක­යාට මේ සැඟ­වී­ගත් යථා­ර්ථය දැඩි ආයා­ස­යෙන් පාදා ගැනී­මට මහත් දුකක් විඳ ගැනී­මට සිදු­වෙනු අැත.”

කෙසේ වෙතත් කතු­ව­ර­යාගේ පරි­ක­ල්ප­නය බොහෝ විට සාංකා­වෙන් පිරි අද්භූ­ත­යක් ලෙසින් පාඨ­ක­යාට හැඟී යාම නොවැ­ළැ­ක්විය හැක්කක් යැයි සිතමි. නමුත් ඒ අද්භූ­ත­යම අව­සාන විග්‍ර­හයේ දී ජීවි­තයේ නාම­යෙන්ද ඔබට පව­සන වෘතා­න්තය තුළ බොහෝ මානු­ෂීය සංවේ­දී­තා­වන් මතු වේ. එමෙන්ම හමු වේ. එහි ඇති වේද­නාව, ප්‍රහ­ර්ෂය හෝ සාංකාව හුදෙක් කතු­ව­ර­යාගේ පෞද්ග­ලික අත්දැ­කීම් ලෙසින් නොව පොදුවේ මානව පැවැත්ම නම් සංවේ­දී­තා­වෙන් උපන් වේද­යි­තන් බව පැහැ­දිලි ය.

එසේ ගත් කළ කොවිඞ් 19 නම් වෛර­ස­යෙන් උපන් මේ වේද­නා­කාරි සමය පොදුවේ අප හඳු­නන මනුෂ්‍ය පැවැ­ත්මට අදා­ළව වෙනස් ආකා­ර­යක ඉගැ­න්වී­මක් නොවන්නේ දැයි සිතා බලනු වටී.

Share:

Madura Wasanthe -මධුර වසන්තේ

 

ප්‍රවීණ ලේඛක පියසේන වික්‍රමගේ විසින් සංස්කරණය කරන ලද ‘මධුර වසන්තේ’ කෘතිය සරසවි ප්‍රකාශනයක් ලෙසින් පාඨකයා වෙත ඉදිරිපත් වී ඇත. හැත්තෑව දශකයේ ජීවමානව සිටි විශිෂ්ටයන් 28 දෙනෙකුගේ සංවාද ඇතුළත් මෙම කෘතියේ සිනමාව, නාට්‍ය හා සාහිත්‍ය විශේෂාංග රැසක් ඇතුළත්ය.

1947 සිට 1970 දක්වා සිනමාව පිළිබඳව සිනමා ලෝකයේ දැවැන්තයන්ගේ මතවාද ඇතුළත් ලිපි, නාට්‍ය හා සංස්කෘතිය, චිත්‍ර කලාව, බුදු දහම පිළිබඳව කෘතහස්ථ ලේඛකයන් විසින් ලියන ලද ලිපි, සිංහල චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සම්බන්ධ ලිපි ද මෙහි වේ. සාහිත්‍ය‍වේදීන් විසින් මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් හට උපහාර පිණිස ලියන ලද ලිපි පෙළක් ද මෙහි වේ.

සිනමාවේදී සුගතපාල සෙනරත් යාපා සහභාගිත්වය දැරූ රජයේ ලිපිකරු සේවා සංගමයේ සාහිත්‍ය සංගායනා ද මධුර වසන්තේ ඇතුළත්ය.

Share:

සුජාතා හැරතවත් කොපිකාරයන් සිටීද?

 සුජාතා හැරතවත් කොපිකාරයන් සිටීද?


2020/11/15 දින අරුණ  පත්‍රයේ වරුණ  අතිරේකයෙන් උපුටා ගන්නා ලදියි 

පොත් හුටපට, නිර්මාණ කොල්ලකෑම් සහ නිර්මාණ චෞරයන් පිළිබඳ කතාවලින් කිසිදු අඩුවක් නැති ඈත මෑත ඉතිහාසයක් අපට හිමිය. එම ඉතිහාසය දැන් ටිකින් ටික ‘‘සාහිත්‍යමය කුණු ගොඩක්’’ සේ මතුවෙමින් තිබේ. එය මෙයට නොබෝ දිනකට පෙර ඇවිස්සුණේ සුජාතා අලහකෝන් නමැති ප්‍රබන්ධකාරියක විසින් ප්‍රබන්ධිත අනතුරුව සම්මානවලින් සම්මානිත ‘‘ඒත් අපි පියාඹමු’’ නමැති යොවුන් සාහිත්‍ය කෘතියට පින්සෙණ්ඩු වන්නටය. ඕනෑම කළු වලාවක රිදී රේඛාවක් තිබේ යැයි අපේ කටවහරේ තිබෙන කියමන තක්කෙටම හරියන්නේ මෙවැනි තැන්වලදීය. වැඩක් හිතුවටත් වඩා සාර්ථක වූ විට ලොක් නැති කටෙන් නිරායාසයෙන් පිටවෙන්නේ එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් මරාගත්තා නමැති වචන ටිකය. සුජාතාට මුහුණු පොතෙන් සහ වෙනත් තැන්වලින් එල්ල වූ ගල් මුල්වලින් කුරුල්ලන් දෙන්නකු නොව කුරුලු රෑන් පිටින්ම මියයමින් සිටින බව අපට දැකිය හැකිය.

සුජාතා අලහකෝන්ට එල්ල කරන ගල් ප්‍රහාර වැදී මැරී වැටෙන්නන් අතර බටු කුරුල්ලන් පමණක් නොව රාජාලියන් සේ රඟන පක්ෂීහුද සිටිති. කොහොම නමුදු ගල් වදින්නට කලින්ම සුජාතා අලහකෝන්ගේ පෙර කී යොවුන් ප්‍රබන්ධය දැන් පාඨක අවකාශය පුරා පියාසර කර අවසන්ය. ​2019 වසරේ ගොඩගේ අත් පිටපත් ඇගයීම් සම්මානයත්, 2020 දී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් පිරිනමන ලද රජත පුස්තක සම්මානයත්, එසේම එම වසරේ ගොඩගේ සාහිත්‍ය උළෙලේදී හොඳම යොවුන් නවකතාවට හිමි සම්මානයත් ලැබුණු සුජාතාගේ යොවුන් ප්‍රබන්ධයට පියඹා යෑමට ඕනෑතරම් තටු ලැබී ඇති බව අමුතුවෙන් කිව යුතුද? ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද, චින්තා ලක්ෂ්මි ආරච්චි, ප්‍රේමසිරි මාහිංගොඩ නමැති පරිවර්තක පරිවර්තිකාවන්ගේ කෘතිවලින් ගෙඩි පිටින්ම කොටස් සොරාගෙන මුලින් සඳහන් කළ ප්‍රබන්ධයට තටු හැදූ බව සුජාතාවට එල්ල වන චෝදනාවයි. සුජාතාගේ මේ අටමඟල හසුවී ඇත්තේ පාඨකයකුටය. මෙය නම් ඇගයීමට ලක්කළ යුතු කරුණකි. මෙම පාඨකයාටද සම්මානයක් පිරිනැමීම සුජාතාට සම්මාන පිරිනැමූ ආයතනවල වගකීමකි. කෙසේ වෙතත් එමගින් පෙනෙන්නේ අපේ ලේඛකයන්ට සාහිත්‍ය විචාරක විශාරදයන්ට සාහිත්‍ය ඔස්තාර්ලාට වඩාත් තරමක් හෝ ඉහළින් අපේ පාඨක ජනයා සිටින බව නොවේද?

කෙසේ නමුදු බුද්ධිමය දේපළ කාර්යාලයේ ලිපිගොනුවලට පමණක් සීමාවිය හැකිව තිබුණු කතා කීපයක් සුජාතා නිසා එළියට පැන්නේය. කුමන ගැටලු ඇති වුවද එමගින් අපේ රටේ දුප්පත් සාහිත්‍යයට සුජාතා කර ඇත්තේ අමිල මෙහෙවරකි. ඒ සඳහා ඇයට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. තුවක්කු බටය හිස මත තබා තමන්ගේ නමට අනුන්ගේ ගේ පද රචනා ලියාගැනීමේ ඇඟ ලොමු ඩැහැ ගන්වන කතාද, කිසිදු හිරිකිතයක් නැතිව අනුන්ගේ නිර්මාණවලට තමන්ගේ වග වාසගම දමාගත් සමහර මහාචාර්යවරුන් හා ටියුෂන්කාරයන් පිළිබඳ කතාද අප දැනගත්තේ සුජාතාට පින්සිදු වන්නටය. නිල බලය, ධන බලය, වාචාල බලය, දුර්ජන බලය, වසඟ කරගැනීමේ බලය නමැති පංච බලයෙන් සන්නද්ධව සමහර නිර්මාණ චෞරයන් සුජාතාට එරෙහිව අවි අමෝරා ගැනීමද මෙකී ජවනිකා අතර අපේ රසනහර ප්‍රබෝධයට පත්කරන අපූර්ව ජවනිකාය.

මෙවැනි අපූර්ව ජවනිකා කෙරෙහි අවධානය යොමුකිරීමට පෙර සුජාතා අලහකෝන් එහෙන් මෙහෙන් එකතු කර සාර සංග්‍රහවාදී ප්‍රබන්ධයක් ගෙතීමට හේතුවූ කරුණු කිමක්දැයි සොයා බැලිය යුතුය. අපි එය ඇගෙන්ම විමසීමු.

‘‘මං කුඩා කාලේ ඉඳලම ගොඩාක් පොත්පත් කියවනවා. ඒ පොත්වල රස තැන් මගේ මතකේ හිටිනවා. ඒ වගේම ඔය පොත්වල තිබෙන හරවත්, රසවත් කොටස් මං වෙනම පොතක සටහන් කරගන්නවා. ඒක මගේ පුරුද්දක්. ඒ පුරුද්ද දැන් මට නරක විදියට බලපා තිබෙන බවයි ​පේන්නේ. සවිඥානිකව හෝ අවිඥානිකව එහෙම කියවූ පොත්වල කොටස් මගේ ප්‍රබන්ධයට එන්න ඇති. ඇත්තෙන්ම මට ඕන වුණේ ළමා නිවාසයක සිදුවන ළමා අපචාර පදනම් කරගෙන නිර්මාණය කළ මගේ කෘතිය සමාජගත කරන්නයි. ඒ, ළමා නිවාසවල විවිධ අපචාරවලට ලක්ව දුක් විඳින ළමයින් ගැන සමාජ හඬක් මතුකරන්නයි මට අවශ්‍ය වුණේ. ඒත් මා මතුකළ ඒ තේමාව පැත්තකට දමලා මට සමාජජාලා මාධ්‍ය මගින් පහර දෙන්න පටන් අරන් තියෙනවා. මං හිතාමතා කාගෙවත් කෘතියක් පිටපත් කරන්න කල්පනා කළේ නැහැ. නමුත් මගේ අතින් වරදක් වෙලා තියෙනවා.’’

සුජාතා කියන හැටියට පරසන්තක පොත්වල කොටස් මතකය මගින් සවිඥානිකව හෝ අවිඥානිකව ඇයගේ කෘතියට පිවිස ඇත. මේ නම් අගේ ඇති මතක ශක්තියකි. පොත්වල පදාස පිටින්ම මතක හිටින මෙවන් චරිත නම් පරම දුලබය. සුජාතාවන්ට පාසල්වල ශිල්ප සතර ඉගෙන ගන්නා ළමයින්ගේ මොට වූ මතක ශක්තිය ප්‍රවර්ධනය සඳහා ආණ්ඩුව මගින් වගකීමක් පවරන්නේ නම් එය අනාගත පරපුරට ඉමහත් වාසනාවකි. අනෙක් අතට සුජාතාගේ මතක ශක්තිය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක පර්‌යේෂණයක් කිරීම ඵලදායක වැඩක් වනු ඇත. අප දන්නා පරිදි 2004 දී ජවිපෙන් තරග කර මාතලේ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට යාමට පෙර ඇය ගුරුවරියකි.ඇගේ මේ මතක ශක්ති පාඩම ඇය තමන්ගේ සිසු කැළට බෙදුවා නම් ඇගේ නම ලියැවිය යුතුව තිබුණේ පී. ද ඇස්. කුලරත්නලා වැනි ගුරුවරුන්ගේ ලැයිස්තුවේය. එහෙත් ඇය ළමුන්ට උගන්වා ඇත්තේ ගුරු මුෂ්ටිය තබාගෙන බව අපට සිතේ.

එහෙත් ඇයගේ මතක ශක්තිය පිළිබඳ අපට නම් යම් පරහක් ඇතිවේ. ඒ ඇගේ කෘතියට පදාස පිටින් එක් වූ පරසන්තක පුස්තක කොටස් ඇයට තමන්ගේ නොවන බව අමතක වූයේ කෙසේද? සුජාතා කියන හැටියට ඇය උත්සාහ කළේ ළමා නිවාසවල ළමා අපචාර පිළිබඳ හඬක් නැගීමලු. ඇයට ඒ සඳහා හඬක් නැගීමට නම් ඕනෑතරම් මාධ්‍ය මගින් එය කළ හැකිව තිබුණි. කෙසේ වතුදු ඇය ළමා අපචාර ගැන කියන්න ගොස් සාහිත්‍ය අපචාරයක් නම් කර තිබෙන බව පැහැදිලිය. කෙසේ වුවත් සුජාතා වරද වරදක් සේ දැකීම මහරුය. එහෙත් ඇයගේ මතක ශක්ති ප්‍රවාදය නම් නොතරම්ය.

සුජාතාට ගලක් ගසා අත සෝදා ගැනීමට තැත් කළ උපුල් ශාන්ත සන්නස්ගලට බුද්ධිමය දේපළ තමන් සන්තක කරගැනීම පිළිබඳ චෝදනා රැසක් තිබේ. ඉන් එක් චෝදනාවක් නම් පියසේන කහඳගම නමැති මෙරට සිටි ප්‍රවීණතම ජනශ්‍රැතිවේදියා දුක් මහන්සියෙන් සොයා රචිත ‘‘ප්‍රාදේශීය ව්‍යවහාර’’ නමැති මහඟු ග්‍රන්ථයෙන් ඔහු ගැන සඳහනක් නොමැතිව සන්නස්ගල සහ තවත් නමැත්තකු නමින් ප්‍රකාශිත ‘‘ව්‍යාකරණ විමංසා’’ නමැති කෘතියට කරුණු උපුටා ගැනීම පියසේන කහඳගමගේ සූරීන් රාවයට 2001 සැප්තැම්බර් 16 දා ලියූ ලිපියකින් සන්නස්ගලට මෙසේ චෝදනා කරයි.

‘‘උපුල් ශාන්ත සන්නස්ගල සහ අනිල් පෙරේරා නමින් පළකරන ලද ‘‘ව්‍යාකරණ විමංසා’’ (දෙවන සංස්කරණය 1999 ​පෙබරවාරි) 606 පිටුවේ සිට 627 දක්වා ප්‍රාදේශීය ව්‍යාකරණ හඳුන්වා දී ඇත. එය ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ තමන්ගේ අධ්‍යයනයක් සේ පාඨකයාට හැඟෙන පරිදිය. එහෙත් එය ඔවුන්ගේ අධ්‍යයනයක් නොවේ. මගේ අවසරයකින් තොරව ප්‍රාදේශීය ව්‍යවහාර පොතෙන් වංචනික ලෙස සොරාගත් තොරතුරු තමන්ගේ යැයි හැඟෙන ලෙස ඉදිරිපත් කොට විද්‍යාර්ථීන් නොමග යැවීම ව්‍යාකරණ විමංසාවේ මුළාවේ තවත් එක් පැතිකඩක් පෙන්වයි.’’

මෙම නිර්මාණ කොල්ලය තම පියාගේ මරණය ඉක්මන් කළ බව කහඳගම සූරීන්ගේ පුත්‍රයා වන ප්‍රබෝධ කහඳගමගේ ප්‍රකාශ කරයි.

කලුරිය කළ මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ ග්‍රන්ථ කීපයක් අනවසරයෙන් මුද්‍රණය කරන ලදැයි චෝදනා කළ මහාචාර්යවරයාගේ පාර්ශ්වයෙන් සන්නස්ගලට එරෙහිව නඩු පවරනු ලැබිණි. දිවංගත මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ බිරිඳ ලලිතා සරච්චන්ද්‍රද සන්නස්ගලට එරෙහිව උසාවි ගියාය.

සුජාතාට ගැසූ ගල්මුල්වලින් මතුවූ කරුණු අනුව සත් සමුදුර චිත්‍රපටයට මහගමසේකරයන් රචිත ගේය පද රචනා දෙකෙන් එකක් වන ‘‘පිපුණු කුසුම පරවූවා’’ ගේය පද රචනාවේ රචකයා සේ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂ මහාචාර්ය සිරි ගුණසිංහ තම නම යොදා තිබේ. මෙම සමහර කොල්ලකෑම් හුදෙක් විවේචනවලට සීමා වුවද නිර්මාණ කොල්ලය පිළිබඳ සිදුවීම් නඩු හබ දක්වා ගිය අවස්ථාද ඕනෑතරම් තිබේ. ප්‍රවීණ ලේඛක බොබී ජී. බොතේජු ඒ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කර තිබේ. ඔහු හෙළිකරන කරුණු අනුව මෙරට ප්‍රකට​ ලේඛකයකු වූ මලල්ගොඩ බන්දුතිලකද නිර්මාණය කොල්ලයක් පිළිබඳ වරක් උසාවිය මගින් වරදකරුවකු කරනු ලැබීය. ඒ 1962 දීය. මුල් කාලයේ යතුරු ලියන්නකු සේ රැකියාව කළ මලල්​ගොඩ බන්දුතිලකට යතුරු ලියනය සඳහා ‘‘දිව විපරියාස’’ නමැති අත් පිටපතක් ලැබුණි. ඒ එහි කතුවරයා වූ විජේසුරේන්ද්‍ර නමැත්තකු මගිනි. පොත යතුරු ලියනය කළ කතුවරයාට පොතේ යතුරු ලියනය කළ පිටපත කතුවරයාට ලබාදුන් බන්දුතිලක මුල් පිටපත තමා ළඟ තබා ගනිමින් එය ‘‘චිත්‍රමාලි’’ නමින් ගුණසේන සමාගම ලවා තමන්ගේ නමින් මුද්‍රණය කරවීය. පොතේ සැබෑ කතුවරයා වූ විජේසුරේන්ද්‍ර නඩු මගට ගියේය. නඩු විභාගයේදී ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දීමට බන්දුතිලක අපොහොසත් විය. එහෙත් සැබෑ කතුවරයා නොපැකිලව පිළිතුරු දුන්නේය. එහෙයින් ඔහු නඩුව දින්නේය. පොතේ කතුවරයා හැටියට රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි කළ බන්දුතිලකගේ නම අහෝසි කිරීමටත්, විජේසුරේන්ද්‍රගේ නම ලියාපදිංචි කිරීමටත් උසාවිය නියෝග කළේය. මෑත කාලයේ නිර්මාණ කොල්ලය පිළිබඳ වාර්තා වූ තවත් නඩුවක් නම් ප්‍රකට​ සරසවි ඇදුරකු වූ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිට එරෙහිව පැවරූ නඩුවයි. ප්‍රකට​ පරිවර්තිකාවක සහ ලේඛිකාවක, පරිපාලන නිලධාරිනියක වූ අභාවප්‍රාප්ත පද්මා එදිරිසිංහ කොළඹ පුරාණය ගැන ගුවන් විදුලියේ කළ කතා පෙළක් පටිගත කර තමන්ගේ නමින් පොතක් හැටියට ප්‍රකාශයට පත්කිරීම සෙනෙවිට එල්ල වූ චෝදනාවයි. ඔහු චෝදනාවට වරදකරු විය.

තරමක් අතීතයට යනවිට අපට පෙනෙන්නේ අනුන්ගේ නිර්මාණවලින් කොටස් පිටපත් කරගැනීම පිළිබඳ චෝදනාව එල්ල වූ නිර්මාණකරුවන් කීපදෙනකු සිටින බවය. කුමාරතුංග මුනිදාස කුකවි වාදයෙන් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ටද එවැනි චෝදනාවක් කළේය. මෙරට ප්‍රමුඛ පෙළේ නවකතාවරුවකු වූ ඩබ්ලියු. ඒ. සිල්වාටද එම ​චෝදනාව එල්ල විය. ඒ 1919 මාර්තු 1 වැනිදා සිට ‘‘සිරිසර’’ සඟරාවේ කොටස් වශයෙන් පළකර අනතුරුව 1922 දී පොතක් වශයෙන් ප්‍රකාශිත ඔහුගේ ‘‘ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිනිය’’ නමැති ප්‍රබන්ධය ඉංග්‍රීසි ප්‍රබන්ධ රචක රයිඩර් හැගාර්ඩ්ගේ "She" නමැති නවකතාවේ පිටපතක් යන්නය. එම චෝදනාව පිළිබඳ සිල්වා මහතා සඳහන් කර තිබෙන්නේ මෙවැන්නකි.

‘‘ලක්ෂ්මිය වැනි චරිතයක නිර්මාණය මට අභිමත වූයේ රයිඩර් හැගාර්ඩ්ගේ She නමැති නවකතාව කියවීමෙනි. She අබිරහසකි. ලක්ෂ්මීද එවැනිම අබිරහසකි. එපමණක් විනා ඒ ඉංගිරිසි පොතෙන් මගේ පොතට ගැනුණු කිසිවක් එනම් කතා වස්තුවෙන්වත්, සන්දර්භයෙන්වත්, අලංකාරාදියකින්වත් යටත් පිරිසෙයින් වචන මාත්‍රයකින්වත් ගැනුණු කිසිවක් නැතේ.’’

(උපුටා ගැනීම ‘‘කතා රජ කතාව’’ ඩබ්ලියු. ඒ. සිල්වා චරිතය - මාතර කේ. එච්. ඒ. ධර්මසේකර - 1963, 129 පිටුව.)

ඩබ්ලියු. ඒ. සිල්වාගේ මෙම කෘතිය පැලෑනේ වජිරඥාන නාහිමියන් ලියා ඔහුගේ නමින් පළකළ කෘතියක් බවටද තවත් චෝදනාවක් එල්ල විය.

මාර්ටින් වික්‍රමසිංහගේ මඩොල් දූව සහ රෝහිණිය වැනි ප්‍රබන්ධ ඉංග්‍රීසි ප්‍රබන්ධකරුවන්ගේ නිර්මාණවල පිටපත් බවට තවත් සමහරු චෝදනා කරති. රෝහිණිය ‘‘ස්කැරමෞච්’’ නමැති කෘතිය ඇසුරින් කළ එකක් බවට ද චෝදකයෝ චෝදනා කරති. මහාචාර්ය මිණිවන් පී. තිලකරත්න ලියූ රුසියානු සාහිත්‍යය නමැති කෘතියේ සඳහන් කරන්නේ ගුණදාස අමරසේකරගේ රතු රෝස නමැති කෙටිකතාවේත් සෝවියට රුසියානු විප්ලවයට පෙර එරට සිටි ගාර්ෂිංගේ ‘‘රතු මල’’ නමැති කෙටි කතාවේත් බොහෝ සමානකම් තිබෙන බවය. මහාචාර්යවරයා සඳහන් කරන්නේ මෙම කෙටිකතා දෙකෙහි කතා වස්තුව, කතාව ඉදිරිපත් කරන ආකාරය අතින් කිට්ටු සමානකමක් තිබෙන බවය. අපට පෙනෙන හැටියට අපගේ මෙම ලේඛකයෝ බෙහෙවින් අපරදිග සාහිත්‍යය ඇසුරු නිසුරු කළහ. එයින් ඔවුන්ගේ කෘතිවලට එකී අපරදිග ප්‍රබන්ධවල ආභාෂය ලැබෙන්නට ඇත. ලංකාවේ පමණක් නොව ලෝකයේද නිර්මාණ චෞරයන් පිළිබඳ තොරතුරු ඕනෑතරම් තිබේ. ඉංග්‍රීසියෙන් Plagiarism යනුවෙන් ගූගල්හි පරීක්ෂා කරන විට නිර්මාණ කොල්ලයට සම්බන්ධ වූ බව කියන ලෝක ලේඛකයන් රැසක් පිළිබඳ තොරතුරු ගලාගෙන එයි. මාර්ටින් ලූතර් කිං, ටී. එස්. එලියඩ්, ජේ. කේ. රෝලිං, ඩැනී බ්‍රවුන්, ඩොරිස් කර්නිස් ගුඩ්වින් ආදී ලේඛකයන් රැසකට චෝදනා එල්ල වී තිබේ. මාර්ටින් ලූතර් කිංගේ ආචාර්ය උපාධි නිබන්ධනය වෙනත් කෘතියකින් පිටපත් කර තිබෙන බව තහවුරු වී තිබේ. අවසාන වශයෙන් බලන කල මාර්ක් ට්වේන් කියන හැටියට හැම සාහිත්‍ය කෘතියක්ම මොන විදිහක හෝ පිටපත් කිරීමකි යන කතාව තහවුරු වන සාධක නම් ඕනෑ තරම් තිබේ. එහෙත් සැබෑ නිර්මාණයක් නම් කිසිසේත්ම පිටපතක් විය නොහැකිය.

සන්නස්ගලටත් සරච්චන්ද්‍රගේ, ගම්ලත්ගේ, කහඳගමගේගේ නිර්මාණ හොරකම් කිරීමේ චෝදනා තියෙනවා

මහාචාර්ය

සිරි ගුණසිංහටත් චෝදනා

අපි සම්මානය අත්හිටෙව්වා

සම්මානය හා මුදල

යළි අපට දුන්නා

අනුරසිරි හෙට්ටිගේ

ව්‍යාපෘති සම්බන්ධීකාරක

ගොඩගේ සම්මාන උළෙල

සමන්ත ඉන්දීවර සමරසිංහ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය

‘‘සුජාතා අලහකෝන්ට අපේ ආයතනයෙන් පිරිනැමූ රජත පුස්තක සම්මානයත්, ඊට අදාළ ත්‍යාග මුදලත් නැවත බාරදී තිබෙනවා. ත්‍යාග මුදල වූ රුපියල් දෙලක්ෂ පනස්දහස පොත් ප්‍රකාශකයන්ගේ ගිණුමට බැර කර තිබෙනවා.’’

‘‘ගොඩගේ ආයතනය සුජාතාට ලබාදුන් හොඳම යොවුන් නවකතාවට හිමි සම සම්මානය අත්හිටුවා තිබෙනවා. කොරෝනා ඇඳිරි නීති කාලයෙන් පසු ඇයට අප ආයතනය පිරිනැමූ සම්මානයත්, ත්‍යාග මුදලත් නැවත බාරදීමට එකඟ වෙලා තිබෙනවා.’’


Share:

sky light - පියැසි කවු­ළු­ව

 පියැසි කවු­ළු­වෙන් දුටු ජීවි­තය ඒ කෙසේද යත්...


2020/11/15 දින සිළුමිණ පත්‍රයේ දීපානි අතිරේකයෙන් උපුටා ගන්නා ලදියි 

ග්‍රන්ථය - පියැසි කවු­ළුව

පරි­ව­ර්ත­නය - සුභා­ෂිණි චතු­රිකා

සුභාවි ප්‍රකා­ශ­න­යකි

මිල රු. 750 (පිටු 360)

“ජොසේ සර­මාගෝ යනු නොබෙල් සාහිත්‍ය සම්මා­න­යෙන් පිදුම් ලද පළමු පෘතු­ගීසි පුර­වැ­සියා ය. ඒ 1998 වසරේ දී ඔහුට වයස අවු­රුදු 76 ක්ව තිබිය දී ය. ඔහුට ගෙවා දැමී­මට සිදු වුයේ ඉතා­මත් දුෂ්කර ජීවි­ත­යකි. ආර්ථික අප­හ­සු­කම් නිසා නව යොවුන් වියේ දීම යාන්ත්‍රික ශිල්පි­යෙකු ලෙස සේවය කිරීම ඇරඹූ අතර තවත් වෙනත් වෘත්තීන් ගණ­නා­ව­කම යෙදෙන අත­ර­වා­රයේ ඔහු නොන­ව­ත්වාම සාහි­ත්‍ය­යට පෙම් බැන්දේ ය.”

“ස්කයි ලයිට්” කෘතිය ලියු ජොසේ සර­මාගෝ නම් ලේඛ­ක­යාගේ ජීවි­තය ගැන සාමාන්‍ය අව­බෝ­ධ­යක් හෝ සිංහල පාඨ­ක­යාට තිබී­මට පුළු­ව­න්ක­මක් නැත. ඔහු ඒ තර­ම­ටම මෙර­ටට ආග­න්තු­ක­යෙකි. ඉහත කෘතිය සිංහල බසට නැගෙන්නේ ද පළමු වතා­වට යැයි සිතමි. ඒ සුභා­ෂිණි චතු­රිකා අතිනි. මෙම කෘතියේ අත් පිට­පත බොහෝ කාල­යක් අස්ථා­න­ග­තව පැවත පසුව ඔහුට හමු වූවක් වන අතර තමාගේ මර­ණය දක්වාම මෙය මුද්‍ර­ණ­යෙන් එළි දැක්වී­මට ඔහු කැමති වී නැත. ඒ අනුව මෙය ප්‍රකා­ශ­යට පත් වන්නේ ඔහුගේ මර­ණ­යෙන් පසුව ය.

“සර­මාගෝ කවි­යෙකි. නව­ක­තා­ක­රු­වෙකි. ජන­මා­ධ්‍ය­වේ­දි­යෙකි. නාට්‍ය පිට­පත් රච­ක­යෙකි. පරි­ව­ර්ත­ක­යෙකි. එසේම පෘතු­ගීසි සමා­ජ­වාදී පක්ෂයේ කමිටු සාමා­ජි­ක­යෙකු ද වු ඔහු පෘතු­ගා­ලයේ කැපී පෙනුණු දේශ­පා­ලන ක්‍රියා­කා­රි­ක­යෙකි. ඔහුගේ සාහිත්‍ය නිර්මාණ ද බොහෝ­ම­යක් ඔහු විශ්වාස කළ දේශ­පා­ලන ලක්ෂණ ඉස්මතු කිරීම සුලබ ලක්ෂ­ණ­යක් බව කිව හැක.”

නාග­රික සමාජ සංස්කෘ­ති­යක් හමුවේ මහත් සේ වෙහෙ­සින් ද, ඒ නිසාම උපන් අතෘ­ප්ති­යෙන් ද යුතුව ජීව­ත්වන ඒ මිනි­සුන්ගේ පැවැත්මේ වේද­නාව විස්තර වී ඇති ආකා­රය ඇත්ත­ටම ඛේද ජනක ය. පරි­ව­ර්ති­කාව හඳුන්වා දෙන අන්ද­මට එතෙක් කිසිදු ලේඛ­ක­යෙකු අත නොතැබු ඔවුන්ගෙ විවා­හික ලිංගික බල­හ­ත්කා­රය, සම­රිසි ලිංගික සබ­ඳ­තා­වන් ගෘහස්ත අප­යෝ­ජ­නය, ගණිකා වෘත්තිය යන මේ සම­ස්ථා­ර්තය සමඟ හැසි­රෙන චරිත සමු­හ­ය­කින් යුත් නව­ක­තා­වක් බවට පියැසි කවු­ළුව පත් වේ.

පාළු­වෙන් වියළී ගිය ඒ ශෝකි ජීවිත වල වේද­නාව පිට­වුයේ කෝපා­න්විත වුත්, ඇතැම් විට මනුෂ්‍ය විරොධි වුත් හැඟීම් හා ක්‍රියා­කා­ර­කම් වේශ­යෙන් විය යුතුය. නමුත් “මේ සියල්ල පිළි­බ­ඳව කතා කිරී­මට වෙනත් විදි­හක් ඇත“ යි ඔහු ලියා ඇත. අනිත් අතට ඒ ජීවිත ඔහුගේ ජීවි­ත­යන් පරි­බා­හිර වුවක් ද නොවන පසු­බි­මක “සර­මාගෝ ගෙවා ඇත්තේ වියළි කාන්තාර මෙන්ම චණ්ඩ කුණාටු ද පසු­කර ගෙවුණු ජීවි­ත­යක් නිසා ඔහු එසේ කියනු ඇත.”

තවද “ඔහු තුළ පසු කලෙක ඇතිවු සාහි­ත්‍ය­යික ආවේ­ශ­යන් සිය­ල්ලම එහි ඇත. එය හරි­යට ඉදි­රියේ දී එළි දැක්වී­මට නිය­මි­තව තිබූ ඔහුගේ කෘති­වල සිති­ය­මක් මෙනි. තරුණ හාද­යෙ­කුට මේ තරම් පරි­ණ­තත භාව­ය­කින් ඒසා විශ්වා­ස­ය­කින් යුතුව ලිවී­මට හැකි වූයේ කෙසේ ද? ....ඔහුගේ ප්‍රඥාව සහ එසේ සියුම් ලෙස චරිත ගොඩ නැංවී­මට කිසිඳු වැද­ගැ­ම්ම­කට නැත්තාක් මෙන් පෙනෙන බොහෝ­ම­යක් සිදු­වීම් තුළ ඇත්තා වු ගැඹු­රත්, සාමා­න්‍ය­ය­ත්ව­යත් මතු කර­ගැ­නී­මට නොකැ­ල­ඹුණු සැහැසි බව­කින් යුතුව කිසි­යම් සංවා­ද­යක් ගොඩ­නැ­ගී­මට ඔහු සතුව තිබූ හැකි­යාව ඔහු ලබා ගත්තේ කොතැ­නින්ද?”

ජොසේ සර­මාගො පද­නමේ සභා­ප­ති­නිය ව පිල්දෙල් රියෝ පව­සන අන්ද­මට එය මෙසේ ය.

“රස්සාව යාන්ත්‍රික ශිල්පි­යෙකු එව­කට කාර්යාල සේව­ක­යෙක් වු ඔහු කුලී නිවාස සංකී­ර්ණ­යක ජීව­ත්වන දුගී වැසි­යන්ගේ මුළු විශ්ව­යම සිය භාර­යට ගැනී­මට තරම් නිර්භීත වුයේ ය. ඒ හුදෙක් ඔහුගේ සහජ ඥානය සහ පෙසෝවා, ශේක්ස්පි­යර් ඒ සාද කෙරොස්, දිදරො සහ බිතෝ­වන් වැන්න­වුන්ගේ සෞන්ද­ර්යා­ත්මක ඇසුර නිසා ය.”

තවද තමන් වෙත නැමුණු සංය­ම­යෙන් ගත කරන්නා වු ජීවිත සුළු කාල­ය­කට හෝ කඩා බිඳ දැමීම සඳහා ආද­රය සොයා යෑමේ වුව­ම­නා­වෙන් සිටින්නා වූ නිද­හස් හුදෙ­කලා මිනි­සුන් පියැසි කවු­ළුව නමින් සිංහ­ලට පරි­ව­ර්ත­නය වන මෙම කෘතිය තුළ ප්‍රති­නි­ර්මා­ණය වෙමින් හැසි­රෙනු දැකිය හැකි ය. එවැනි ජීවිත විව­ර­ණ­යක් හුදෙක් ජොසේ සර­මාගෝ නම් කර්තෘ­ත්වය වෙතින් ද එහාට ගිය සිති­ය­මක් තවද අපේම වන සිතී­මක් වෙනු­වෙන් අප හමුවේ තබන්නා වු කිය­වී­මක් වන්නේ ය. නමුත් ඒ වෙනු­වෙන් ඔහු ගත් උත්සා­හය, ධෛර්යය තව­දු­ර­ටත් ඔහු වෙත ම රැඳී පව­තිනු ඇත. එය එසේ ප්‍රති­නි­ර්මා­ණය කිරී­මේලා ඔහුට වූ කුස­ල­තාව මොහො­ත­ක­ට­වත් ඔහු­ගෙන් එහාට නොයනු ඇත.

“මගේ මුළු ජීවිත කාල­යේ­දීම මා දැන සිටි ඥාන­ව­න්තම මිනිසා කිය­වී­මට හෝ ලිවී­මට දැන සිටියේ නැත. හිමි­දිරි පාන්දර හත­රට ප්‍රංශ භූමි­යට ඉහ­ළින් නව දව­සක් උදාව එකෙල මෙකෙල වෙමින් තිබෙන මොහොතේ, ඔහු වැතිර සිටි පිදුරු මෙට්ට­යෙන් ඈත් වී, දුසිම් බාග­යක් ඌරු රංචුව තණ පිට්ට­නි­යට රැගෙන යයි. තම බිරිඳ සමඟ ඔහු බඩ වියත රැක ගන්නේ ඒ ඌරු රැළ විසින් උප­ද්දන පැට­වුන් මගිනි.” 1998 වසරේ නොබෙල් ත්‍යාගය පිළි­ග­නි­මින් ඔහු කළ දෙසුම ආරම්භ වන්නේ එසේ ය.

ජීවි­තය කොයි තරම් දුරට පර­මා­දර්ශ විර­හිත, ඒ තර­ම­ටම පර­මා­දර්ශ නිර්මා­ණය කරන පාළු එමෙන්ම අසී­මිත අත්දැ­කී­මක් දැයි වටහා ගැනී­මට නම් අප අප­වම අත්හැර අපේම පැවැත්ම දෙස බැලිය යුතු ය. ජොසේ සර­මාගෝ කර ඇත්තේ ද එයයි.


Share:

Book price - පාඨ­ක­ය­න්ගේ කරමත පට­වන පොත් මිල

 පාඨ­ක­ය­න්ගේ කරමත පට­වන

පොත් මිල2020/11/15 දින සිළුමිණ පත්‍රයේ දීපානි අතිරේකයෙන් උපුටා ගන්නා ලදියි 
මනුබන්දු විද්‍යාපති
පරාක්‍රම ඒකනායක
සුනිල් ගුණවර්ධන
විජය නන්දන පෙරේරා

අධ්‍යා­ප­නය විපත් කල්හි ජීව­ත්වී­මට අත්වැ­ලක් වේ. සැපත පැමිණි කළ අධ්‍යා­ප­නය ජීවි­ත­යට ආභ­ර­ණ­යක් වේ. එය ප්‍රකට කිය­ම­නකි. අධ්‍යා­ප­නයේ ප්‍රධා­නම මාධ්‍යය කිය­වී­මය යන්න ගැන විවා­ද­යක් නැත. සම්පූර්ණ මිනි­සෙ­කුගේ පද­නම ද කිය­වීම ය. එනි­සාම සංව­ර්ධිත රට­වල තමන්ගේ පුර­වැ­සි­යන් හොඳ පාඨ­ක­යන් බවට පත් කිරීමේ අර­මු­ණින් පොත­පත මුද්‍ර­ණ­යට අදා­ළව බොහෝ පහ­සු­කම් සපයා ඇත. එය එක් අත­කින් මහත් ප්‍රාග්ධ­න­යක් සහිත විසල් කර්මා­න්ත­යක් වන තර­ම­ටම සහ­න­දායි පහ­සු­කම් සහිත සම උප­කාර සේවා­වක් මට්ට­මින් ද පව­ත්වා­ගෙන යෑමට ඔවුන් කට­යුතු කොට ඇත්තේ අර කී අර­මුණු වෙනු­වෙනි.

සැප්තැ­ම්බ­රයේ සාහිත්‍ය මාසයේ මෙවර ද ජාත්‍ය­න්තර පොත් ප්‍රද­ර්ශ­න­යත් සමඟ ආරම්භ වුයේ කව­දත් අැසෙන සාහිත්‍ය වාද විවාද අතරේ ය.

එහෙත් ඒ අතර තියුණු ලෙස විවා­ද­යට ලක් වුයේ රටක් වශ­යෙන් පවත්නා සෞඛ්‍ය තර්ජන හමුවේ ආර්ථික අහේ­නිය යන්න පෙනෙන තැනක තිබි­ය­දීත් ඒ වෙනු­වෙන් සේවය කළ යුතු නව අද­හස් හා ආකල්ප වෙනු­වෙන් පවත්නා පොත­පත මේ තරම් මිල ඉහළ යාමක් කරා ගොස් ඇත්තේ මන්ද යන්නයි.

සැප්තැ­ම්බ­රයේ සාහිත්‍ය උණු­සුම ගෙවී ගියත් අද­ටත් ඒ කතා­බහ පොදු සමා­ජය තුළ නිතර ඇසෙ­න්නක්ව ඇති හෙයින් ඒ පිළි­බ­ඳව කතා­බ­හක් ඇති කර­ගැ­නී­මට අපි කල්පනා කළෙමු.

විජය නන්දන පෙරේරා මෙහිදී අද­හස් දැක්වුයේ පොදු පාඨ­ක­යෙකු හැටි­යට ය.ඔහුට අනුව ලංකාවේ පොත් මිල හුදෙක් ප්‍රකා­ශ­ක­යන්ගේ පෙෳද්ග­ලික කැමැත්ත මත තීර­ණය වන්නක් බවට පත්ව ඇත.

ඒ නිසාම එය හිතු­ව­ක්කාරී පෙෳද්ග­ලික අධි­කා­රි­යක් බවට පත්ව ඇත්තේ දැයි විම­සිය යුතු ය. පොදුවේ ගත් කළ මෙරට පාඨ­ක­යාගේ මිල දී ගැනීමේ හැකි­යාව සහ පොත් මිල අතර මේ තරම් වෙන­සක් දැකිය හැකි වු කාල­යක් මින් පෙර නොවු තරම් ය.

ඔහු තව­දු­ර­ටත් පෙන්වා දෙන අන්ද­මට ඉහළ ධනේ­ශ්වර පසු­බි­මක් ඇති රට­වල පවා පුර­වැ­සි­යන්ගේ අධ්‍යා­ප­නය වගේම පොත­පත සම්බ­න්ධ­යෙන් සුභ සාධ­න­වාදී පිළි­වෙ­තක් අනු­ග­ම­නය කර­තත්, ඒ ගැන කිසිම ආකා­රයේ වර්ධ­න­යක් අප රටේ දැකිය නොහැකි ය.

මේ සම්බ­න්ධව ප්‍රධාන පෙලේ පොත් ප්‍රකා­ශන සමා­ග­මක හිමි­ක­රු­වෙ­කු­ගෙන් අප විමසු විට, ඔහු ඊට පිළි­තුරු දීමට එකඟ වුයේ තම අන­න්‍ය­තාව හෙළි නොකි­රීමේ කොන්දේ­සිය මත ය.

ඒ අනුව ඔහු පව­සන්නේ අද ප්‍රකා­ශන සමා­ගම් (මහා පරි­මාණ වේවා සුළු පරි­මාණ වේවා) ගමන් කරන්නේ එකම පාරේ ය. ඔව්හු සෑම කෙනෙක්ම ප්‍රාග්ධ­න­යක් මත සිය ව්‍යාපාර ආරම්භ කළ අය වෙති. වෙන­ස­කට ඇත්තේ එහි ප්‍රමා­ණා­ත්මක අගය පමණි. සමා­ගම් හැටි­යට ඔවුන් බොහෝ විට එකම ඉල­ක්ක­ය­කට දුව­මින් සිටින්නේ ඒ නිසා ය. එසේ ගත් කළ පොත් මිල යැයි කියන්නේ ඔවුන්ගේ ලාබ අලාබ ගිණුම වෙනු­වෙන් පව­ත්වා­ගෙන යන තත්ව­යකි.

අනිත් අතට අද ප්‍රකා­ශන වැය ඉහළ ය. එය තව­දු­ර­ටත් උග්‍ර කිරී­මට මේ වන විට ලොකු පොඩි භේද­ය­කින් තොරව ක්ෂේත්‍රය තූළ හට­ගෙන ඇති තර­ගය හේතු වී තිබේ. උදා­හ­ර­ණ­යක් හැටි­යට කොළඹ ජාත්‍ය­න්තර පොත් ප්‍රද­ර්ශ­නය ගැන විවිධ චෝදනා එල්ල වුණ ද එහි අෙලවි කුටි බෙදා ගැනී­මට ඇත්තේ ද තර­ග­කාරී බවකි.

පොත් ප්‍රකා­ශ­නයේ දී පවා එදා මෙන් ඉව­සී­ම­කින් කරන විම­ර්ශන පවා නැති වී ඇත්තේ ප්‍රකා­ශ­නයේ තර­ග­කාරී බව නිසා ය. පරි­ව­ර්තන පොත් අෙලවි වන වෙළ­ඳ­පො­ළට ඕනෑම පරි­ව­ර්ත­න­යක් දමන තත්ව­යක් නිර්මා­ණය වී ඇති ආකා­රය දැක ගැනී­මට බොහෝ වෙහෙස විය යුතු නැත.

නමුන් තමන් මෙම ව්‍යාපා­ර­යට ආවේ යම් පිළි­ගැ­නී­මක් තිබුණු ප්‍රකා­ශන ඉති­හා­ස­ය­කින් නිසා තමන්ට මේ වෙනස හොඳින් දැනෙ­නවා යැයි පැවසු හෙතෙම අද පව­තින පොත් ව්‍යාපා­රය පව­තින්නේ සාර­ධර්ම පිරි­හෙ­මින් යන වාණිජ කොල්ල­යක් වැනි අව­දා­න­මක හමුවේ යැයි ද පැව­සුවේ ය.

ලේඛ­ක­යෙකු මෙන්ම ප්‍රකා­ශ­ක­යෙකු ද වන රන්ජිත් ධර්ම­කීර්ති උක්ත ප්‍රශ්නය හමුවේ පැව­සුවේ මෙවැ­න්නකි. “බදු අඩු කරන්න කියන්න. පොත් ප්‍රකා­ශ­න­යට අදාළ ඒ බදු අඩු කරාම මේ ප්‍රශ්නය විස­ඳෙ­නවා.”

වෘත්ති­යෙන් ජන­මා­ධ්‍ය­වේ­දි­යෙකු මෙන්ම ලේඛ­ක­යෙකු ද වන මනු­බන්ධු විද්‍යා­පති මෙය දකින්නේ, එක අත­කින් කල්ට් එකක් විදි­හට ය. පොත් ගන්න ඒක ෆැෂන් එකක් කර­ගත්ත පිරි­සක් අව­බෝ­ධ­ය­කින් තොරව සිදු කරන හැසි­රී­මක් ද මෙහි දී දැකිය හැක.

අනිත් අතින් ජාත්‍ය­න්ත­තර පොත් ප්‍රද­ර්ශ­නයේ සාර්ථ­ක­ත්වය දඩ­මීමා කර­ග­නි­මින් පොත් ප්‍රකා­ශ­ක­යන් ද ඒ ෆැෂන් එකට අනු­බල දෙන තත්ව­යක් ඔහු දකී. “පොත් මිල වැඩි වීම සිද්ධ වෙන්නෙ මේ ඔක්කොම ඇතුළෙ.

මේක කෘතීම තත්ව­යක්.” ඒ අනුව පොත් මිල වැඩි වෙන්නේ ප්‍රකා­ශ­ක­යන්ට බොහෝ අග හිඟ­කම් තියෙන නිසා යැයි පව­සන්න අපට පුළු­ව­න්ක­මක් නැතැයි පව­සන ඔහු මෙය බොහෝ දුරට කොළඹ ජාත්‍ය­න්තර පොත් ප්‍රද­ර්ශ­නය නිසා ඇති­වුණ ප්‍රබෝ­ධ­යත්, ඒ තර­ග­යත් නිසා ඇති­වුණ තත්ව­ය­කැයි ද කීය.

නව­ක­තා­ක­රු­වකු මෙන්ම විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ නිෂ්පා­ද­ක­ව­ර­යෙකු ද වන පරා­ක්‍රම ඒක­නා­ය­කගේ අද­හ­සට අනුව “අද පොත් සංස්කෘ­තිය ඇතුළෙ තියෙන්නේ ඇතුළ වහලා පිට කව­රය පෙන්නලා, මිල වැඩි කරලා විකු­ණන සෙල්ල­මක්.” ඒ අනුව මෙය ප්‍රද­ර්ශ­නා­ත්මක තත්ව­යකි. “පොත් කව­ර­යක් යැයි කියන්නේ පොතක අෙල­වි­යට බල­පාන සාධ­ක­යක් තමයි.

ඒත් කව­රය පොතේ අන්ත­ර්ග­තය ප්‍රකාශ කරන්න ඕනෙ. නමුත් ඒක ඇස් බැන්ඳු­මක් විදි­හට භාවිතා කරලා ලොකු මිල ගණ­න්ව­ලට පොත් මාර්කට් කරන එකෙයි රූප­ලා­ව­ණ්‍යය නිෂ්පා­දන මාර්කට් කරන එකෙයි මං නං හිතන්නෙ ලොකු වෙන­සක් නෑ.

එදා අපි කිව්වෙ පොතක් කියෙ­ව්වම අලුත් මිනි­හෙක් වෙනවා කිය­ලයි. ඒත් අද පොතුත් මතු­පිට තත්ව­යෙන් තමා විකි­ණෙන්නෙ.”

70 දශ­කයේ සිට ම කෙටි කතා­ක­රු­වෙකු හා කවි­යෙකු ලෙස කට­යුතු කරන සුනිල් ගුණ­ව­ර්ධන “මේකෙ දෙපැ­ත්තක් තියෙ­නවා” යැයි කීය. “මගේ අත්දැ­කී­මට අනුව නම් ලේඛ­ක­යාගේ පැවැත්ම තමයි ප්‍රකා­ශ­කයා. පොත් ප්‍රකා­ශ­නය කියන්නේ කර්මා­න්ත­යක්. විය­දම් පිය­ව­ග­න්නත් ඕනෙ. ලාබ ලබ­න්නත් ඕනෙ.

ඒත් සම­හර වෙලා­වට පොත් විකු­ණන්න බාර දෙන්න ගියාම විකුණා මුදල් දීමට බාර­ග­තිමි කියල ඇක්ස­යිස් කොෙළ්ක තමයි ලියල දෙන්නෙ.

එහෙම දේව­ලුත් තියෙ­නවා. අනිත් අතට පාඨ­කයා කියන්නෙ ලේඛ­ක­යට වගේ ම ප්‍රකා­ශ­ක­යාට අව­ශ්‍යම කරන සම්ප­තක්. ඉතිං එයාගේ පැත්ත ගැන හිත­න­වනං හිත­න්නම ඕනෙ දෙයක් තමයි පොත් මිල.

අඩු­වෙන් අෙළවි වෙන වටි­නා­ක­මක් ඇති පොත් වැඩි මිල­කට විකු­ණන්න වෙන්නේ අර අඩු අෙල­විය නිසා නම් ඒකට අපිට විරුද්ධ වෙන්නත් බෑ. මම කියන්නෙ ලොකු කළ­ම­නා­ක­ර­ණ­යක් ඇතුළෙ තමයි මේක සිද්ධ වෙන්න ඕනෙ කියලා.”


Share:

බොස්කොමිබි මිටියාවතේ අභිරහස Part-1(The Boscombe Valley Mystery) Sherlock Holmes Sinhala Drama

 

බොස්කොමිබි මිටියාවතේ අභිරහස Part-1(The Boscombe Valley Mystery) Sherlock Holmes Sinhala Drama

https://www.youtube.com/watch?v=C3XME_n8p_0



Share:

වයින් වීදුරු තුන-Part 1 ( The Adventure Of The Abbey Grange ) Sherlock Holmes Sinhala Drama

 

වයින් වීදුරු තුන-Part 1 ( The Adventure Of The Abbey Grange ) Sherlock Holmes Sinhala Drama

https://www.youtube.com/watch?v=ifhrZ8ITxZY



Share:

පද්මරාගය | The Adventure Of The Blue Carbuncle (Sherlock Holmes Sinhala Drama)

 

පද්මරාගය | The Adventure Of The Blue Carbuncle

Sherlock Holmes Sinhala Drama


https://www.youtube.com/watch?v=2fDfCVn8alU



Share:

පාලම උඩ ම්නිමැරුම - Part II (The Problem Of Thor Bridge) Sherlock Holmes Sinhala drama

 

පාලම උඩ ම්නිමැරුම - Part II (The Problem Of Thor Bridge) Sherlock Holmes Sinhala drama

https://www.youtube.com/watch?v=C9-9XTO9dZU


Share:

අතුරුදන් වු ක්‍රිඩකයා (The Adventure of the Missing Three-Quarter) Sherlock Holmes Sinhala Drama

 

අතුරුදන් වු ක්‍රිඩකයා (The Adventure of the Missing Three-Quarter) Sherlock Holmes Sinhala Drama


https://www.youtube.com/watch?v=wWVLlZjLgEY

Share:

අතුරුදන් වු දියමංතිය (The Adventure of the Mazarin Stone ) Sherlock Holmes Sinhala drama

 

අතුරුදන් වු දියමංතිය (The Adventure of the Mazarin Stone ) Sherlock Holmes Sinhala drama

https://www.youtube.com/watch?v=I_u6aXAwplY



Share:

ලිපිකරුගේ අභිරහස ( Stock Brokers Clark ) Sherlock Holmes Sinhala Drama

 

ලිපිකරුගේ අභිරහස ( Stock Brokers Clark ) Sherlock Holmes Sinhala Drama

https://www.youtube.com/watch?v=XagQ81QRKgA




Share:

Guru Geethaya Audio Book- ගුරු ගීතය- සම්පූර්ණ හඬ පටය

 

Guru Geethaya Audio Book- ගුරු ගීතය- සම්පූර්ණ හඬ පටය

https://www.youtube.com/watch?v=6-B83IJu674



Share:

Rathu Iri adina atha (රතු ඉරි අදින අත (ලියනගේ ධර්මකීර්ති )

 රතු ඉරි අදින අත (ලියනගේ ධර්මකීර්ති 

https://www.youtube.com/watch?v=M7lbObGg4Hw&t=2316s


Share:

දෙවන ලෝක සංග්‍රාමය නිමාවීමේ 75 වැනි සමරුව උගත යුතු අව්‍යාජ පාඩම

 


දෙවන ලෝක සංග්‍රාමය නිමාවීමේ 75 වැනි සමරුව උගත යුතු අව්‍යාජ පාඩම්’ නමින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ප්‍රකාශයට පත් කළ අදහස්, වෛද්‍ය අතුල අදිකාරි විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර පොතක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මෙහි ඇතුළත් වන්නේ සමස්ත ලෝකයම ෆැසිස්ට්වාදි ආධිපත්‍යයකට යටත් කර මානව ශිෂ්ටාචාරය විනාශ කිරීමට උත්සාහ දැරූ බලවේගයන් තීරණාත්මක ලෙස පරාජය කරන ලද සෝවියට් සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සංවිධානයේ රාජ්‍යයන්ගේ ජයග්‍රහනය ප්‍රකාශයට පත් කිරීම සැමරීම පිණිස පැවැති උත්සවයේදී රුසියාවේ වර්තමාන ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් කරනලද දේශනයකි. වර්තමාන ලෝකය මුහුණ දෙන ආර්ථික පාරිසරික දේශපාලන කරුණු සහ වෙනත් අභියෝගයන් සාමකාමි ලෙසත් ඒකාබද්ධ උත්සාහයන් තුළිනුත් විසඳා ගැනීමට ඇති හැකියාව මෙම කෘතියෙන් පෙන්වාදෙයි

Share:

වසංගත කුණාටු’ සහ ‘සුදු කබායේ කතාන්දර -වෛද්‍ය ඉරේෂ එස්. දසනායක

 


වෛද්‍ය ඉරේෂ එස්. දසනායකගෙන්

‘වසංගත කුණාටු’ සහ ‘සුදු කබායේ කතාන්දර’

ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ඉරේෂ එස්. දසනායක විසින් රචිත ‘වසංගත කුණාටු’ සහ ‘සුදු කබායේ කතාන්දර’ නමින් ග්‍රන්ථ දෙකක් ප්‍රකාශනයට පත් කොට තිබේ.

සිය වෘත්තීය ජීවිතයේ ලැබූ මා හැඟි අත්දැකීම් කෙටි කතා මාලාවක් ලෙස ‘සුදු කබායේ කතන්දර’ කෘතියෙන් ඉදිරිපත් කරයි. එමෙන්ම ‘ වසංගත කුණාටු’ කෘතියෙන් ඉදිරිපත් කරන්නේ මහාමාරිය නම් වසංගත රෝගයේ සිට කොවිඩ් 19 වසංගතය දක්වා ලෝකයේ ශිෂ්ටාචාරයන් වනසමින් පැතිර ගිය ගෝලීය වසංගත පිළිබඳ විමසුමක් සහිත රෝග පාලනය පිළිබඳ සවිස්තරාත්මක විවරණයකි.

Share:

තාත්තා -10 Things greatdads do

 




සිසිල් රුද්‍රිගෝගෙන්

තාත්තා

රිත් ජොන්සන් විසින් රචිත 10 Things greatdads do කෘතිය ආශ්‍රයෙන් තාත්තා කෘතිය එළිදැක්වී ඇත.

දරුවකු සමග ඇති කරගන්නා සන්නිවේදනය තුළින් ඔහු සාර්ථක පුද්ගලයකු කිරීම, ආත්මාභිමානය වර්ධනය කිරීම දරුවන් තුළ මානසික ශක්තිය ඇති කිරීම මෙන්ම, තාත්තා කෙනකු නිහඬව දරා ගන්නා පීඩනය, හැඟීම්, තනිකම, පාළුව ගැන කතා කරන්නේ කවුද තාත්තා කෙනකුගේ නිහඬතාව ගැනද හඬ නගන අපූරු මනෝවිද්‍යාත්මක කෘතියකි. තාරා ප්‍රකාශනයකි.

Share:

පරදත්ත -PAradaththa (මොණිකා පුෂ්පකුමාරි)

 



මොණිකා පුෂ්පකුමාරිගෙන්

පරදත්ත

ජනප්‍රිය ලේඛිකා මොණිකා පුෂ්පකුමාරි ලියූ පරදත්ත නවකතාව වරුණ ග්‍රැෆික්ස් වෙතින් එළිදැක ඇත.

සත්‍ය සිදුවීමක් පාදක කොට ලියන ලද මේ කතාවෙන් ඇයට නොපෙනෙන ලෝකය ගැන කතා කරයි. 1990 වසරේ අබිරහස් ලෙස මරා දැමුණු යුවතියකගේ ආත්මය ඇගේ මිනීමරුවා නීතිය හමුවට අනාවරණය කරන ආකාරය මෙහි ඇතුළත්ය. ගැමි ජන වහර සහ ජීවන රටාව ගැනද කතුවරිය විශේෂ උනන්දුවක් දක්වා ඇත.

Share:

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive